සේවක සහන පනත් කෙටුම්පත් තුනක් 20 මැතිසබයට සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) කෙටුම්පත් දෙකක්( 2016 අංක 4 දරණ සහ 2005 අංක 36 දරණ) පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා සම්මත කිරීමට නියමිතය. 10 June 2025
නීවාස සංකීර්ණයක ඉහළ මහලෙන් වැටී අයෙක් මරුට බොරැල්ල මෙත්සර සෙවණ මහල් නිවාසයේ ඉහළම මහලෙන් වැටී පුද්ගලයකු අද (10) අලුයම මියගොස් ඇති බව බොරැල්ල පොලිසිය පවසයි. 10 June 2025
ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පතිවරුන්ගෙන් රතු එළියක් පාසලකින් ඩෙංගු තවානක් වාර්තා වුවහොත් ඊට අදාළ පාසලේ විදුහල්පතිවරයා වගකිවයුතු බවට නිකුත් කරන චක්‍රලේඛය සම්බන්ධයෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි. 10 June 2025
මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සමරන්න බෑ ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 10 June 2025
සුව ඇමැතිත් දන්සලක කඩල බෙදයි පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. 10 June 2025
සැමියාගේ පොලු පහරින් බිරිය මරුට පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පසු සැමියා විසින් එල්ල කළ පොලු පහරකින් බිරිය මියගොස් ඇතිි බව හෙට්ටිපොල පොලිසිය පවසයි. 10 June 2025
කැලණි රජමහා විහාරය බැතිමතුන්ගෙන් පිරීයයි ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම සහ තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වඩාත් වැඳගත් පොහොය දිනයක් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වන අද (10) කැලණිය රජමහ විහාරය බැතිමතුන්ගේ පිරී තිබුණි. 10 June 2025
ටිල්වින් චීන සංචාරක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහත්වරුන් අතර හමුවක් චීන ජජියාන් පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි. 10 June 2025
තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට ජාතික තරුණ සේවා සභාව තරුණ තරුණියන්ගේ දැනුම කුසලතා නැංවීම සහ ශිල්පිය දැනුම වර්ධනය කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට තරුණ තරුණියන්ට රසාස්වාදනය ලබාදීමට යැයි පවසමින් පසුගිය වසරේදී ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග පැවැත්වීමට පමණක් රුපියල් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ. 10 June 2025
සොරකමේ ගිය අටේ කල්ලිය අත්අඩංගුවට කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නවතා තිබූ ත්‍රී රෝද රථ හා යතුරුපැදි සොරකමේ නියැලුණු අටේ කල්ලිය අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 10 June 2025
රාජකාරියට බාධා කළ කල්පිටිය ප්‍රා.ස. හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියෙ සාමාන්යාධිකාරිවරිගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරුණු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ඊයේ(9 ) අත්අඩංගුවටගත් බව නොරොච්චෝල පොලීසිය කියයි. 10 June 2025
බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් හැදිය යුතුයි බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය හැකි වාතාවරණයක් උදා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 10 June 2025
ජනාධිපති සමාවට මුවා වී සිරකරුවන් 26 ක් ගෙදර යවලා ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 10 June 2025
වැස්ස වැඩිවන ලකුණු සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 June 2025
රට පුනරුද යුගයකට යන ගමනේ පොසොන් පෝය ආශිර්වාදයක් සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක පොසොන් පොහොය නව යුගයට පින්බර ආශිර්වාදයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පොසොන් දින පනිවිඩයෙන් පවසයි. 10 June 2025
සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකිමු අනුබුදු මිහිදු මාහිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ සඳහන් පරිදි “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දකිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොසොන් දින පනිවිඩයෙන් පවසයි 10 June 2025
පොසොන් පොහොය අදයි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට සැපත් වූ ඒ අසිරිමත් පොසොන් පුර පසළොස්පොහොය දිනය අදයි. 10 June 2025
ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ් 16 හැවිරිදි රූමත් පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිරුවත් ශරීර බද්ධ කර වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 09 June 2025
දියණිය රැගෙන එන්න ගිය තාත්තා මෝටර් රථයට බිලි අමතර පංතියක සිටි දියණිය කැටුව ඒමට යමින් සිටි පියකු මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 09 June 2025
පොලිසියට පහරදුන් පිරිස පාලනයට අහසට වෙඩි තබයි බේරුවල ධීවර වරාය ආසන්නයේ දී පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව ප්රදේශවාසිහු පවසති. 09 June 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (9) රාත්‍රි අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය 09 June 2025
පොසොන් උත්සවයට දන්සල් 19,185ක් ලියාපදිංචි වෙයි පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය සඳහන් කරයි. 09 June 2025
කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක් කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 09 June 2025
දේශබන්දුගේ පාර්ශවයේ ස්ථාවරය කමිටුවට දැනුම් දෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවට සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන්, වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම අද සිදු කෙරිණි. 09 June 2025
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම 22 වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලය ’’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර, විජය පුවත්පත් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් විසින් අද (9) විවෘත කරනු ලැබූණි 09 June 2025
මත්ද්‍රව්‍ය යැයි සැක පාර්සල් 100ක් වීරකැටියේ ඉඩමක වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ කැළයක සඟවා තිබූ කෝපි යැයි සටහන් කර ඇති කිසියම් කුඩු වර්ගයක් ඇතුළත් සැක කටයුතු පාර්සල් 100 ක් සොයාගෙන ඇති බව වීරකැටිය පොලීසිය කියයි. 09 June 2025
රනිල් අනිද්දා සී.අයි.ඩීයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටී. 09 June 2025
ධනසිංහ බන්ධනාගාරයේ වැඩබැලීම පත්කරයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් වන නිෂාන් ධනසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට පත්කර තිබේ. 09 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරි රිමාන්ඩ් අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සිරකරුවකුට සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිද්දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධුපුර මහේස්ත්‍රාත් නියම නාලක සංජීව ජයසූරිය මහතා නියම කළේය. 09 June 2025
ජනපති අනුර 11 ජර්මනියට ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 11 සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 09 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026