සුව ඇමති අ’පුර පොඩි රෝහල් වල හදිසි නිරීක්ෂණයක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සියල්ල සංවර්ධනය කර ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසය. 08 June 2025
දෙහිවලින් ‘මැකෝ‘ ගිරවෙක් සොරාගෙන ගිහින් දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 08 June 2025
චමලුත් ළඟදීම අල්ලස් කොමිසමට? දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 08 June 2025
පාපැදි සොරා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට සොරා ගත් පාපැදි 170 ක් සමග මට්ටක්කුලිය සමගිපුර ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස විමර්ශන අංශය කියයි. 08 June 2025
නිදහස් කළ බහලුම් 323 තුළ නීතිවිරෝධි දෙයක් තිබුණේ නෑ පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කළ අතර එම බහලුම් තුළ කිසිදු නීති විරෝධි දෙයක් අන්තර්ගතව නොතිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පැවසීය. 08 June 2025
සබරගමු සරසවියේ බිල්ඩිමක් කෝටි තුනක් ගිලලා සබරගමු විශ්ව විද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීමෙදි සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තුනක පමණ පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. 08 June 2025
ඇල්ලේවැව වැවේ ගිලි හතරක් මරු දකිති පොලොන්නරුව ඇල්ලේවැව වැවේ දිය නාමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි. 08 June 2025
සිමෙන්ති තොග මිල ඉහළට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ. 08 June 2025
කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට බඹරැන්ද ප්‍රදේශයේදී මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මිය ගොස් දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ. 08 June 2025
T 56 ක් -ජීව උණ්ඩ 29ක් සමඟ අයෙක් අත්අඩංගුවට මට්ටක්කුලිය සමිත් පුරප්රදේශයේදී ටි 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කියයි. 08 June 2025
ගිය වසරේ සීනි කිලෝ කෝටි 56ක් රටින් ගෙනත් කාලා රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 08 June 2025
අනතුරින් පොලීසියේ 4ක් රෝහලේ කොස්තාපල්වරයෙකු පැදවූ යතුරුපැදියක් කළුතර පළාතොට කැලි කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානය අසලදී ලිස්සා පෙරළී ගොස් පුහුණු කටයුතු සඳහා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායමක ගැටීමෙන් එම නිලධාරියා ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ බව කළුතර දකුණ පොලිසිය කියයි. 08 June 2025
පොසොන් උත්සව ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3500ක් පොසොන් පොහොය නිමිති කරගෙන හෙට (9) දා සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 08 June 2025
විදුලි සේවකයෙකු කපා කොටා මරා දාලා කලුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 08 June 2025
අදත් තැනින් තැනට වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 June 2025
මාතර බන්ධනාගාරය කොටවිලට මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 07 June 2025
සමහරු හොරා කාපු ගණන් මට කියව ගන්නත් අමාරුයි සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 07 June 2025
ඇමති හර්ෂණට ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා තේරී පත් විය. මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 07 June 2025
පොලිසියට තග දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක ඊයේ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. 07 June 2025
වරාය අධිවේගී පිවිසුම් මාර්ගය ලබන වසර මුල ජනතා අයිතියට කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගය ලබන වසරේ මුල් මාස දෙකේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය 07 June 2025
නොගෙනා කිරි ගවයන් 15000කට කෝටි 211ක් පිනට දීලා ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. 07 June 2025
බස්නාහිර ප්‍රධාන ලේකම් ’’පූල් එකට’’: අලුත් ලේකම් පත්වීම ගනී බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්.ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය හදිසියේම රාජ්‍ය සේවා සංචිතයට මාරු කරනු ලැබ ඇත. 07 June 2025
ජනතාව දැනුවත් කරන්න සුව ඇමැති පා ගමනේ ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම - 2025” පා ගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය අද පෙරවරුවේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 07 June 2025
අනුරාධපුර මුදල් වංචා සිරකරුට ජනපති සමාවක් දී නැහැ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි පුද්ගලයා නිදහස්ව ඇත්තේ ජනපති සමාවක් යටතේ නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. 07 June 2025
ලුණු වලට උපරිම සිල්ලර මිලක් ලුණු මිල හිතුමතේ වැඩි කළොත් උපරිම සිල්ලර මිලක් නියම කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 07 June 2025
මධ්‍යම අධිවේගයේ කඩවත ඉදිකිරීම් අගෝස්තු මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතට සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය. 07 June 2025
අර්චුනාගේ කතාවට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක් කන්ටේනර් තුන්සිය විසිතුනකින් ප්රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මහතා කරන ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. 07 June 2025
සමූපකාරයේ හොරු අල්ලන්න අලුතින් නීති සමූපකාර බැංකු පද්ධතිය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 07 June 2025
හිටපු ලොක්කෝ රොත්තක් පන්සල් දේවාල ගාණේ හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 07 June 2025
සැකය-වෛරය වෙනුවට ප්‍රේමය වපුරමු එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට රජය දරන උත්සාහයේදී හජ් සැමරුම මහඟු ආශිර්වාදයක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 07 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026