ව්‍යාපෘති සැලසුම් නියමිත කාලයට අවසන් කරන්න රජයේ සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ නියමිත කාල පරිච්ඡේදයේ දීම අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 June 2025
සෞඛ්‍ය ඩිජිටල් කරන මූලික පියවරක් තබයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි. 06 June 2025
හල්ලොලුව යළි රිමාන්ඩ් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(06) නියෝග කළාය. 06 June 2025
අගමැතිනිය ජපානයට ස්තූති කරයි ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී අද (6) පැවැත්විණි. 06 June 2025
ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ කටුනායක ගුවන්තොටුපොළ සිට සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය . 06 June 2025
හෙක්ටර්ටත් මැතිසබේ තනතුරක් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස තේරී පත්විය. ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 06 June 2025
පොලිස් උප පරීක්ෂක වෙඩි වැදී මරුට මහියංගණ පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරික්ෂකවරයෙක් අද දින උදැසන 8.45ට පමණ, පොලිස්ථානයේ විවේක කාමරයක් තුළදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 June 2025
කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදු ආමන විගමන පාලක ඇතුළු තිදෙනාට ඇප මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදෙස් ගමන් බලපත්‍රයක් සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකාර ආගමනය විගමන පාලකවරයාට සහ ඡායාරූප ශිල්පීන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06)නියෝග කළාය. 06 June 2025
අල්ලස් ඉල්ලූ කොළඹ වරායේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාසනය සදහා පැමිණි වාප්පු ලිපිකරුවකුගෙන් භාණ්ඩ පැටවීම සදහා අමතර රුපියල් 35,000 ක අල්ලසක් ඉල්ලූ වරාය අධිකාරියේ කම්කරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව එම අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය. 06 June 2025
සිල්ලර දේවල් වලට කමිටු එපා සිල්ලර දේවල් වලට කමිටු පත් නොකරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 06 June 2025
දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 06 June 2025
දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 06 June 2025
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ අයෙක් අල්ලයි විදෙස් ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව කියන පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. 06 June 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 June 2025
කන්ටේනර් 300 තිබුණේ ප්රභාකරන්ගේ ගිනි අවි වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ තායිලන්තයේ තිබුණු ප්රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුද බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. 06 June 2025
සබරගමු සරසවියෙන් පස් කියුබ් පන්සියයක් කපාගෙන ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් කපා ගැනීමට විශ්ව විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය. 05 June 2025
ලොව ධනවත්ම පවුල තැන රැක ගනී ඇමෙරිකානු ඩොලර් බිලියන 432 ක දළ වත්කමක හිමිකම් කියන වෝල්ටන් පවුල ලොව ධනවත්ම පවුල ලෙස සිය ස්ථානය නැවත වරක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී ඇත. 05 June 2025
මගියාගේ සොදිසියෙන් මහා දුම්රිය අනතුරක් වැළකේ මොරටුව එගොඩ උයන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු සාගරිකා කාර්යාල දුම්රියට සිදු වන්නට ගිය අනතුරක් ඒ ආසන්නයෙන් ගමන් ගත් පුද්ගලයකුගේ ක්‍රියාත්මක වීම නිසා වලක්වා ගත් බව මොරටුව දුම්රිය නිලධාරිහු පවසති. 05 June 2025
ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි “ඉවතලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය අද (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. 05 June 2025
මොරවැව ආණ්ඩු පක්ෂ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි ජාතික ජන බලවේගයට බලය හිමි මොරවැව ප්‍රාදේශීය සභාවෙහි මංගල සැසිවාරය පැවැති අද සභා රැස්වීමෙන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කිරීම විශේෂත්වයක් විය. 05 June 2025
පරිපූරක වෘත්තීයවේදී වැඩ වැරුමට මූණ දෙන්න සූදානම් පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 June 2025
ප්‍රසන්නගේ ඇපෑලට දින දෙයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට නියම කල අත්හිටවූ සිර දඬුවම හා දඩය අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළේය. 05 June 2025
කොළඹ වරාය ස්වාභාවික මරන්න සූදානමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය. 05 June 2025
ගමේ පාසල් දෙකකට ජනපති කාර්යාලයෙන් පැළ තෑගි බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ. 05 June 2025
අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නෑ ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 June 2025
රතු දත්ත පොතට ගිය පැළ 6000ක් කොළඹ මුහුදු පාරේ සිටුවයි ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) ආරම්භ කෙරිණි. 05 June 2025
බණ්ඩාරවෙල ළමා නිවාසේ ආහාර විෂ වීමක් බණ්ඩාරවෙල ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු ආහාරයක් ගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් අද (05) රෝහල්ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 05 June 2025
බඹරු ඇන 6ක් රෝහලේ බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් හයදෙනෙකු අද (05) දහවල් බෝගහකුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි. 05 June 2025
ඉන්දියාවෙන් ගෙනා කෝටි තුනක භාණ්ඩ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙස ගෙන්වන ලද,රුපියල් කෝටි තුනකට ආසන්න භාණ්ඩ තොගයක් අද(05) කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ලොරියකට පටවමින් සිටියදී කල්පිටිය පොලිසිය සිය බාරයට ගෙන තිබේ. 05 June 2025
දූෂිත නිලධාරී යාන්ත්රණයට ඉක්මනට වෙනස් වෙන්න වෙයි පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙි හොර පාස්පෝර්ට් හැදූ රේගුවෙන් භාණ්ඩ එළියට දැමූ නිලධාරී යාන්ත්රණයට අලුත් වෙන්නට කාලය ඇවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5)පැවසීය. 05 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026