තව නඩු පෝලිමට එනවා සීනි බදු සුදුලුණු සහල් සහ කිරි හරක් අැතුලු තව වංචා නඩු ඉදිරියට එන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 June 2025
කුච්චුවේලි සිද්ධිය ගැන නාවික හමුදාව කරුණු පැහැදිලි කරයි නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කුච්චුවේලි මුහුදු තීරයේ නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එමින් සිටියදී සංවිධාත්මක බෝට්ටු 3 කින් පැමිණි 30 දෙනකුගෙන් යුත් ධීවරයන් පිරිසක් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට යාමේදී කළ වෙඩි තැබීමකදී එක් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි. 04 June 2025
’’රිලා ඇමතිට නඩු දාන්න ඕන’’ රිලා ඇමති රිලා සංගණනයට ලක්ෂ සීයකට වැඩිය වියදම් කළා. ඒකට නඩු දාන්න ඕන.තාම රිලව් ගානක් කිව්වෙත් නෑ. ප්‍රතිඵලයක් නෑ.මේ රජයේ සල්ලි.මේකට නඩු දාලා රිලා ඇමතිට අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 June 2025
සමහරු වැලිකඩ බලය අල්ලමින් ඉන්නවා විපක්ෂයේ සමහරු වැලිකඩ බන්ධනාගාරේ බලය අල්ලමින් ඉන්නා බවවෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 June 2025
රජයේ වැටුප් වැඩිකිරීමේදී ETF සේවක මූලික වැටුපත් කැපිලා අර්ධ රාජ්‍ය ආයතනයක් වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප මෙම වසරේ අයවැයයෙන් කළ වැටුප් වැඩිකිරීමට අනුව මූලික වැටුපේ සිට අඩු වී ඇතැයි චෝදනා කරමින් එම මණ්ඩලයේ සේවකයන් නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (4) විරෝධතාවක් දැක්වූහ. 04 June 2025
ජනපති - මහා භාණ්ඩාගාර නිලධාරී හමුවක් ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාර නිලධාරීන් හමුවේ පැවසීය. 04 June 2025
සාක්කිකරුවෝ සංජීව ඝාතකයා හඳුනා නොගනිති පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය ඝාතනය කළේ යැයි කියන සැකකාර වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා ගැනීමට සාක්ෂිකරුවන්ට නොහැකි වී ඇත. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේදී අද (04) පස්වරුවේදී සිදු කරනු අවස්ථාවේදී මෙසේ හඳුනාගෙන නොමැති බව පැවසේ. 04 June 2025
අපුරෙන් කෝවිඩ් රෝගීන් හයක් සහ එක් මරණයක් කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් හය දෙනකු එක් මරණයක් මැයි මාසයේදී අනුරාධපුරයෙන් වාර්තාවි ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද පැවසිය. 04 June 2025
ස්ථිර - කොන්ත්‍රාත් 6000ක් ස්ථිර කරන්න අවධානය ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතන වල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 04 June 2025
අඹයක් ලක්ෂ හතර හමාරකට වෙන්දේසි වෙයි යාපනය මුරුගන් කෝවිලක පැවති වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 46,0,000 ට වෙන්දේසි විය. 04 June 2025
පස්මහල් ගොඩනැගිල්ලෙන් වැටී දෙදරුපියා මරුට වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් අද (4) පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 04 June 2025
මුඛ ආවරණ පළඳින්නැයි රජයේ සේවකයන්ට උපදෙස් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. 04 June 2025
ලක්ෂ 75ක විදෙස්මත්පැන් තිඹිරිගස්යායෙන් අල්ලයි කොළඹ 5 තිඹිරි ගස්යාය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ නිවෙස් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරා බදු කාර්යාලය කියයි. 04 June 2025
ඩෙංගු ගැන රටට කියන්න දෙන්නෙක් පත් කරයි ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. 04 June 2025
නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක් නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (4) පැවසුවාය. 04 June 2025
අඹ ගෙඩියක් 460,000 ට වෙන්දේසි වෙයි යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කර සිටි. 04 June 2025
ස්වසන රෝග ලක්ෂණ තියෙනවානම් ‘මාස්ක්’ දාන්න ස්වසන රෝග ලක්ෂණ පවතින්නේ නම් මුව ආවරණයක් පළඳින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 04 June 2025
පැල්වත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වි තිබේ. 04 June 2025
අපේ නිහතමානීකම නිවට කමක් සේ හිතන්න එපා අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 June 2025
අපේ අලුත් ගුවන් කුරුල්ලා කොළඹ අහසේ පියා සැරූ හැටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය. 04 June 2025
ජනාධිපති අරමුදල උතුරට ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 04 June 2025
පෑනක් ලෙස සැකසූ ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 04 June 2025
ධීවරයෙක් කපා කොටා මරලා හුංගම දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී ඊයෙ (03) රාත්‍රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය . 04 June 2025
ලී මෝල ගිනි රකුසාට බිලි පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි. 04 June 2025
තැනින් තැනට සුළු වැස්සක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 04 June 2025
දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක් දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ලී ජේ-මියුන් ජයග්‍රහණය කළේය. 04 June 2025
අගමැති හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 03 June 2025
නවක වදය සිද්ධියකට සිසුවියක් වැවට පැනලා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් ඇය බේරාගෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. දැරියගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 03 June 2025
රට කිරෙන් උතුර උතුරවන්න ජනපති සමඟ සාකච්ඡාවක් දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 June 2025
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (3) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 03 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026