දේශබන්දු කමිටුවේදී අද සිද්ධ වුණු දේ නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ලබාදීම දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ ඉදිරියේදී අද (3) සිදුවිය 03 June 2025
දෝව කන්දේ ගින්නක් :පාලනයට යුද හමුදාව බණ්ඩාරවල දෝව ඓතිහාසික විහාරස්ථානයට ආසන්න කන්දේ අද (03) සවස හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 June 2025
බාල බෙහෙත් සිද්ධිය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබන සතියේ දී ගොනු කිරීමට බලාපොරොත්තු වන බව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේ ය . 03 June 2025
ලංවිමට නව සභාපතිවරයෙක් ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. 03 June 2025
විලාකටුපොත වැවේ මරණ දෙකක් වාරියපොල විලාකටුපොත වැවෙහි පාවෙමින් තිබූ මළ සිරුර පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයකු ද දියේ ගිලී අතුරුදහන් වී ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 03 June 2025
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතකයන්ගේ පෙත්සම විසිවේ තමන්ට එරෙහිව පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ නැති නම් තමන්ට සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය. 03 June 2025
කාර්මික දෝෂකින් ලොරියක් දුම්රිය පාරේ යයි බදුල්ල කොළඹ මාර්ගයයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරියක් හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට කඩා ගෙන යාමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට අද (3) බාධා සිදුව ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 03 June 2025
කරමාන්ත පුර දෙකකට කැබිනට් අනුමැතිය ඉංගිරිය කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සහ රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 June 2025
රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීිරණය කළේය. 03 June 2025
බාධා කල්ලි ඔක්කොම පරාජය කරනවා කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 June 2025
අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
කම්කරු පනත් අලුත් කරන්න කමිටුවක් කෙටුම්පත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
නාමල් හර්ෂණ ගැටේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (3) පස්වරුවේ හට ගත්තේය. 03 June 2025
රෝග හතරට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම් ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා සහ කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 June 2025
උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දෙන මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’සාන් සුද්දා’ නැමැත්තා මල්ලත්තාවල ප්‍රදේශයේදී අද (3) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. 03 June 2025
සාර්ක් සත්කාරකත්වයක් ලංකාවට සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන් මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
සංඥා භාෂාව පිළිගත් බසක් කරන්න යයි සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ලංකා - ලැට්වියා වරදකරු හුවමාරුවට ගිවිසුමක් දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැට්වියා ජන රජය අතර එළඹි ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව සභාපති දුෂාන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස අද (3) වැඩ බාර ගත්තේය. 03 June 2025
ජනපති- ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (03) පැවැත්විණි. 03 June 2025
ඌරන්ට කාර්ය සාධක බලකායක් අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නගා සිටු වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 03 June 2025
ප්රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්රාග් ඓතිහාසක යුගයට අයත් සොහොන් 14 ක් හමුවි ඇත. 03 June 2025
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රාජ්‍ය -පෞද්ගලික හවුල් ඒකකයක් පිහිටුවයි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බන්දුල පෙතියාට ’’කැබිනට්’’ ආදරයක් දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ලෝක ආහාර වැඩසටහනේ සැලසුමට අවසර ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026