
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව වතු කම්කරුවන්ට යම් සහනයක් දෙන විට ඒක දෙන්න ඉඩ දෙන්නැයි විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවනුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි තිගාම්බරන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳව මා ජනපතිට ස්තුතිය පළ කරන බවද මන්ත්‍රීවරයා කීය.
මෙම අයවැයෙන් වතුකරයේ කම්කරු ජනතාවට ආණ්ඩුව මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා.ඒ ගැන අපි සතුටු වෙනවා.කම්කරුවන්ගේ මෙම දීමනාව එක දවසක් ආවත් දෙනවාද? නැතිනම් දින 25ක් එන්න අවශ්‍යද? කියා දැනගන්න කැමතියි.ජනතාවගේ බදු සල්ලි වලින් මේ දීමනාව දෙනවා යැයි නාමල් රාජපක්ෂ, නිශාන් කාරියප්පර් වැනි මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබුණා.මේ කම්කරු ජනතාව වසර දෙසීයක් තිස්සේ මේ රටට මුදල් උපයා දී තිබෙනවා.ඒ නිසා විවේචන කරන්න එපා.ඔබලගේ ආණ්ඩු සමයේ ඒක දෙන්න බැරි වුණා යනුවෙන්ද තිගාම්බරන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික කොම්පැණිවල සේවකයන්ට ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම නීති විරෝධීයි මනුස්සයෝ. එහෙනම් ඩොලර් උපයන ඇඟලුම් සේවකයන්ටත් ඒ දීමනාව දෙන්න ඕන. ඕක අයිස් කුමාරගේ දාර ලණුවක්.
වතුකරයේ වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් රජය ගත් තීරණය ගැන සතුටු වෙනවා.සිෂ්ට සම්පන්න රටවල නම් මීට වඩා සහන ලැබෙනවා කිසිම වැඩක් නොකර ..පුටු රත්කර කර ,පින් පඩි ගන්න අය අපේ රටේ ඕනතරම් .වතු කම්කරුවන් ගේ ලේ දහඩිය මහන්සිය උරා බොන ,කුහකයෝ නම් මීට විරුද්ද ඇති.
ආණ්ඩුව දෙන්නේ උන්ගේ ගෙදරින් ගෙනැල්ලද? බදු ගෙවන මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. රට දියුණු කරන්න තියන සල්ලි. පිනට කන්න දීලා රට දියුණු වෙනවද. වතුවල ආදායම වැඩි කරන ක්‍රමයක් හදලා දීලා පිරිවැය අඩුකරලා වැටුප් වැඩි කරන්න කිව්වනම් කමක් නෑ.
බදු මුදල් හොරා කනකොට . ඔය දාර ලණුව කොහේද තිබුනේ.
ජන්ද බලාගෙන සහන දුන්නම ඔහොම වෙනවා.
සමහර දේවල් ක්‍රියාත්මක කරන්න ගිහින් රනිල්ට උනා වගෙ නිල් පාට බස් එකෙත් යන්න වෙයිද ආයුබෝං.
වතු කම්කරු, වතු කම්කරු කිය කියා දමිළ ඡන්ද ලබාගන්න දැන් අපි දුක් මහන්සියෙන් සාධාරණව හම්බ කරගන්න මුදලට ගහන්න පුලුවන් ඔක්කෝම බදු ගහලා සියල්ල හුරාගෙන භාණ්ඩගාර පුරවාගෙන ඵ්වායින් පුද්ගලික වතුකම්කරුවන්ට පඩි ගෙවනවා. අපට ඵ්වාට විරුද්ධ වෙන්න ඵපා කියලා දමිළ මන්ත්රීන්ම කියනවා. මේවාට කියන්නේ වඳුරු කුණුහරුප කියලා නේද?
දිගෝ ඔයා ආණ්ඩුවට ස්තූති කරන්න ඉක්මන් වැඩියි. ඕවා සීනි බෝල කතා බව තේරුම් ගන්න. ඔය වගේම සීනි බෝල කතාවක් ගිය අයවැයේදිත් කිව්වා. ගිය අයවයෙන් පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කරනවා කිව්වා. අද වෙනකන් වැඩි කරපු පඩියක් නම් නෑ. මේ ඊයේ පෙරේදා අනුරාධපුර පැත්තේ ඇමති කියනවා පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000 කරනවලු. රුපියල් 30,000 ක් අවම වැටුප ගන්නේ මොන සේවකයද? රුපියල් 30,000 කින් පවුලකට ජීවත්වෙන්න පුළුවන්ද? එහෙම කියන එතුමා කෝටි 27 ක වත්කම් හෙව්වේ කොහොමද?
ආණ්ඩුව කරන්නේත් වතුකර ඡන්ද බිලී බාගැනීමක්, පැළඳි දිගම්බරන් මන්ත්‍රීතුමා කරන්නෙත් ඒකම තමයි. අන්තිමේ රට අමුතුම අවුල් ජාලයක වැටිලා නවතින්නේ...