අපි වෙනුවෙන් අපි අරමුදල මියගිය ආබාධිත රණවිරුවන් අමතක කරලා අපි වෙනුවෙන් අපි අරමුදල නිවාස ආධාර පිරිනැමීමට 2020- 21 වර්ෂවලදී ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ක්‍රියාන්විත රාජකාරියන්හිදී මියගිය, පූර්ණ ආබාධිත හෝ අර්ධ වශයෙන් ආබාධිත පාර්ශවවලට ප්‍රමුඛතාව ලැබී නොමැති බව එම අරමුදල සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ දැක්වේ. 11 June 2025
පුංචි ආණ්ඩු වලට කසල ප්‍රවාහන රථ 16ක් අලුතින් එයි පළාත් පාලන ආයතන වල කසළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
මතට ඇබ්බැහි තරුණයන්ට ප්‍රතිකාර කරන්න නිවහනක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින තරුණ පුද්ගලයින් සඳහා වන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
මව් කිරි ප්‍රවර්ධනයට පනතක් එයි ’මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම ’ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ශාරීරික දඬුවම් තහනම් කරන්න පනතක් එයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඩුවම්) සඳහා සංශෝධන සඳහා පනත් කෙටුම් පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ඊශ්‍රායල ජාතිකයන්ට මෙරට ස්ථාපිත ‘චබාද් මධ්‍යස්ථානවලට පැය 24 ම පොලිස් ආරක්ෂාව දිවයිනේ පොලිස් වසම් කීපයක මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ට පවතින තර්ජන හේතුවෙන් ඔවුන් සදහා ස්ථාපිත කර ඇති ‘චබාද් මධ්‍යස්ථාන‘ සදහා පැය 24 ම පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 11 June 2025
මහනුවර -පේරාදෙණිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනයට ලංගම බස් දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට ඇති මහනුවර හා පේරාදෙනිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනය සදහා ශ්‍රී ලංගම බස්රථ යොදවා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 11 June 2025
ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා කසිප්පු කාරයකුට නඩු දැම්මැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු වැලිපැන්න පොලිසියේ කොස්තාපල්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට ස්ථානාධිපතිවවරයා පැමිණිල්ලක් කර ඇතැයි වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය. 11 June 2025
කැනඩා මිත්‍ර සංගමයේ ලොකු පුටුව අනුර කරුණාතිලකට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 11 June 2025
එල් බෝඩ් දැම්මොත් පුංචි ආණ්ඩු වලටත් පාර්ලිමේන්තුවේ සන්තෑසියමයි පළාත් පාලන ආයතන වල සභාපති ධූර සඳහා පළපුරුද්දක් නැති නියෝජිතයින් පත් කළහොත් පාර්ලිමේන්තුවට සිදුවී ඇති සන්තෑසියම පළාත් පාලන ආයතන වලත් සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 June 2025
විදුලි ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද (11) පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 June 2025
තුෂාර උපුල්දෙණිය සම්බන්ධ විමර්ශනය පස්වරුවේ කැඳවයි ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවකුට නිදහස ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය අද පස්වරු 02.00 කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය නියම කළාය. 11 June 2025
උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක්: දුම්රිය ධාවනයට බාධා මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානයට ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ. 11 June 2025
ටිල්වින් චීන ගමක සැලසුම් බලන්න යයි චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිතයෝ චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූහ. 11 June 2025
බසයක් නවතා තිබුණු ලොරියක හැපී 9ක් රෝහලේ මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අද (11) අලුයම වැල්ලම්පිටියේදි මාර්ගය අයිනේ නවතා තිබු ලොරියක පසුපස ගැටිමෙන් බසයේ ගමන් ගත් මගින් 9 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 11 June 2025
අත් බෝම්බයක් සමඟ සෙබළෙකු අල්ලයි ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි. 11 June 2025
පාළාත් රැසකට අද තදින් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 June 2025
අනතුරින් දළ කැඩුණු සුමේධ මින්නේරියෙන් මතු වේ ලොරික ගැටී දළයක් කැඩී ගිය සුමේධ නැමති හස්ථියා මින්නේරිය ජාතික උද්‍යානයට පැමිණ ඇති බව වාර්තා වේ. 10 June 2025
නැවේ ගින්න නිවන්න අමාරුයි සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ අන්තරායකර බහාලුමක් කේරළ වෙරළට නාවික සැතැපුම් 88 ක් ඔබ්බෙන් පුපුරා යාමෙන් හටගත් ගින්න නිවා දැමීමට ඉන්දීය වෙරළ ආරක්ෂකයන් අසමත් වී තිබිණි. 10 June 2025
වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. 10 June 2025
ජනපති ජර්මනියට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටින් පිටත්ව ගියේය. 10 June 2025
පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව අද දෙවැනි දිනටත් පැවැත්විණි. 10 June 2025
සුරාබදු නිලධාරීන් දෙන්නෙක් බීඩි කොළ ලොරියට ආරක්ෂාව දීලා නීතිවිරෝධීව ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 1200 ක් ප්‍රවාහනය කිරීමට ආරක්ෂාව ලබාදුන් බව කියන සුරාබදු නිලධාරීන් දෙදෙනකු ඇතුළු 3 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 10 June 2025
ඇතැම් ආගමන විගමන ලොක්කන් පාතාලයන්ට පාස්පෝට් දීලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික පොසොන් උත්සවය අමතමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී අද (10)පැවසීය. 10 June 2025
යතුරු පැදිය පාලමේ ගැටී තරුණයකු මරුට මුලතිව් වට්ටපලේ කෝවිලේ පැවති වාර්ෂික උත්සවයට සහභාගී වී නිවස බලා යමින් සිටි තරුණයකු සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය සදහන් කරයි. 10 June 2025
IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව මෙරට සංචාරයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙරට නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 10 June 2025
රූපවාහිනී විකාශ ඩිජිටල් කරන්න ජපානෙන් කණ්ඩායමක් ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය. 10 June 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය. 10 June 2025
සේවක සහන පනත් කෙටුම්පත් තුනක් 20 මැතිසබයට සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) කෙටුම්පත් දෙකක්( 2016 අංක 4 දරණ සහ 2005 අංක 36 දරණ) පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා සම්මත කිරීමට නියමිතය. 10 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026