IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තාවක් තියයි

(අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 දින වන විට රැස්කර ඇති අතර, එය රුපියල් මිලියන 2,002,241 ක් (රුපියල් බිලියන 2,002.241ක්) පමණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමකි.

2024 සමස්ථ වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රුපියල් මිලියන 1,942, 162 ක බදු ආදායම සමග සැසඳීමේ දී ඉකුත් 17 දින වන විට බදු ආදායම රුපියල් මිලියන 2,002,241 ක් දක්වා වර්ධනය කර ගැනීම මගින් රාජ්‍ය මුල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇත.

පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටන් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ටත් කෘතඥනාව පළ කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්  පි. එච්. ප්‍රනාන්දු මහතා පවසයි.



අදහස් (5)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තාවක් තියයි

eresh S kumara Thursday, 20 November 2025 11:37 AM

ආයතනය තුල රස්තියාදුව තවත් අඩු කරන්න පුලුවන් නම් මිනිස්සු තව බදු ගෙවයි.මේ ආණ්ඩුවෙන් දීල තියන බදු සහනය (මිලියන 1.8) ඉතාමත් අගය කල යුතු කාරණයක් .

:       1       8

Weearasingha Thursday, 20 November 2025 12:29 PM

ගෝඨාභය හිතවතුන්ට ලබාදුන් බදු සහනය නිසා ආර්ථික අහේනිය ඇතිවුනා රනිල් රටේ සියලුම ජනතාවට ටිං අංකයක් ගැනීමට නීතියක් ඇතිකලා ඒ අනුව විශාල පිරිසකට බදු ගෙවීමට සිදුවීමේ ප්‍රතිපලය නිසා දෙපාරමේන්තුව ආදායම් වැඩිපුර උපයාගෙන ඇති

:       1       0

නජිත් Thursday, 20 November 2025 12:30 PM

රටේ ඉන්න අන්ත අසරණයගෙනුත් බදු ගහලා ඒ සල්ලි වලින් තමන්ගේ කාඩර්ලට, හෙංචයියලට කැබ් අරන් දෙන්න ප්‍රකෝටි ගණන්වලින් වියදම් කරපල්ලා. ඒ කරන්නෙත් දූෂිත ගණුදෙනු විදියට.

:       1       1

Haddok Thursday, 20 November 2025 12:59 PM

මේ වාර්තාවේ සෑම සංඛ්‍යාවක්ම බිලියන වලින් පමණක් වියයුතුයි.

:       0       1

Mushtaq Thursday, 20 November 2025 01:06 PM

නියමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 105 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 946 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2552 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site