
( නිශාන්ත කුමාර)
මීගහකිවුල කන්දකැටිය හා ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු සහ ඔහු සමඟ ගංජා ජාවාරමේ නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුද ඇතුළුව මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් නව දෙනෙකු සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලගොල්ල, කන්දකැටිය , තලදෙන ,මීගහකිවුල , අග්ගලාඋල්පොත හා ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20- 43 වයස්වල පසුවන පුද්ගලයින් පිරිසකි.
ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු වන අතර 43 වැනි වියේ පසු වන මොහු අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ හෙරොයින්ද සමඟ මුලින්ම බලගොල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග මත් ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිටි මීගහකිවුල සහ අග්ගලාඋල්පත ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දිගින් දිගටම සිදුකළ විමර්ශනවලදී තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.
මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ප්‍රධාන සැකකරු හමුදා සේවයෙන් නිවාඩු ලබා පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙන විත් මීගහකිවුල කන්දකැටි හා ඒ අවට ප්‍රදේශවල පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් මත් ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිටින බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 17
105
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
946
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2552
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මත් ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළෙකු ඇතුළු නවයක් අල්ලයි
Unknown Thursday, 20 November 2025 10:49 AM
විසේස කාර්‍ය බලකාය තියෙන්නේ පොලිසියේ