
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කළහොත් නඩු මඟට බහින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.
රජයේ එම තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනෙකු ඒ සඳහා උදව් කරන බවද ප්‍රකාශ කළේය.
මීට අමතරව එම තීරණයට එරෙහිව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද සංවිධාන කරන බව පැවසූ මානගේ මහතා විශ්‍රාම වැටුප කැපීම ආණ්ඩුව හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වෛරයෙන් කරන වැඩක් බවද සඳහන් කළේය.
විශ්‍රාම වැටුපෙන් ජීවත්වන සියලු ම මන්ත්‍රිවරුන් මෙමගින් දැඩි ගැටලුවකට මුහුණ දෙන බවත්, හිටපු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හැර අති බහුතරය බෙහෙත් හේත් ලබාගැනීම ඇතුළු එදිනෙදා වියදම් දරා ගැනීමට නොහැකිව අද අසරණව සිටින බවත් පේමසිරි මානගේ මහතා පැවසීය.
ඇතැම් මන්ත්‍රිවරුන් වියපත්වී අසනීපව එක්තැන්ව සිටින බව කී හෙතෙම තවත් ඇතැම් මන්ත්‍රිවරුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් කිසිදු රැකවරණයක් නොමැතිව සිටින බවද ප්‍රකාශ කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5ක් වැඩ කලාම ලැබෙන පෙන්ෂන් එක කැපෙන්නම ඕනේ. ඔයාලගේ උද්ඝෝෂණවලට එන්න තරම් අපි මෝඩ නෑ.
පරණ ජෙප්පො දන්නවා අලුත් ජෙප්පො කරන්නෙත් මරිසි දාලා ජනතාව අන්දන එක කියලා. අනුරටයි හොර කල්ලියටනම් පැන්ෂන් ඕන වෙන එකක් නෑ. කප්පම්, කොමිස් පැලවත්තට ගලාගෙන එනවනේ.
ඉතිං අපිට පාන්ද?
ඔය කියන හිඟන මන්ත්‍රීවරු ඉන්නවා නම් තමන්ගේ හිඟනකම ආන්ඩුවට දැන්වුවොත් උදවු කරන්න කොච්චර ක්‍රම තියනවද? අස්වැසුම, වැඩිහිටි දීමනා, රජයෙන් නඩත්තු වන වැඩිහිටි නිවාස තියනවා. ඒ ප්‍රතිලාභ ගන්නෙ නැතුව මොකද මේ නාහෙන් අඬන්නෙ.
කතා කර කර ඉන්නේ නැතිව නඩු දාන්න, මේ ඉටු කරන්නේ රජය ජනතාවට දුන්න පොරොන්දු , ජනතාව රජය සමඟයි.
නඩු බැරි නං ඕනෑ කෙංගෙඩියක් කොරයි බදු ගෙවන මහජනයාවන අපි ඕවා ගෙවනවාට විරුද්ධව පාරට බැස්ස දාට. අවුරුද්දකට මැරෙන්කං අපේ බදුවලින් පවුල් පිටින් ගෙවාගෙන නඩත්තු කරන්න අපිට පිස්සු කියලා හිතුවා ද?
ඉන්න කාලේ පරම්පරා 7 ට හොරා කාපුවා මදිද
ඇයි උඹල එච්චරම රටට සේවයක් කරලා තියෙනවාද ? අපි උඹලව නඩත්තු කරන්න ඕන තරමටම. කාලකන්නි
නඩු දැම්මාට නම් අපි බය වෙන්නේ නැහැ, රට පුරා දැවැන්ත උද්ඝෝෂණ කරනවා කියලා කිව්වාම නම් අපිට සෑහෙන්න බය හිතුනා අපේ හාන්දුවනේ !
බහුතරය මන්ත්‍රීල බලය තියෙන කාලයේ හැසිරීම දැක්කම විශ්‍රාම වැටුප දෙන්න නොව එතනම ගහල මරන්න තරමට කැත වැඩ කෙරෙන බව පිලිගන්න ඕන. ජීවත්වන විදිය අප්‍රසන්න බව ඔවුන්ට වැටහෙන කොට පැරදිල ඉවරයි.
රජයේ සේවකයින්ට වගේ නෙවෙයි, මන්ත්‍රීවරයෙකුට අවු 60 නිර්නායකය වෙනුවට අවු 5 ක සේවය සලකනවා. ඒක හරි. මොකද අවු 60 දක්වා සේවය මන්ත්‍රිවරුන්ට ගන්න බෑ.ඒක ස්ථිර රැකියාවක් නෙවෙයි නිසා. ඉතින් මුලින්ම මැතිවරණයකට තරග කරලා මන්ත්‍රීවරයෙක් ලෙස ජනතාව පත් කරගන්නෙ ඔහු හොරෙක් නොවෙනවා යන අදහසින්. එහෙම idea එකක් තිබුන නම් ජනතාව ඔහුව පරද්දනවා. ඒ අනුව අවංක සාධාරණ සේවයක් කරන ලද පාර්ලිමේන්තුවේ අවුරුදු 5 ක term එකක් අවසන් කරන මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපක් ලැබෙන ලෙස නීති සම්පාදනය කරල තියෙන්නෙ ඒකයි. එහෙම නම් කරන්න තියෙන්නෙ වැරැද්දකට උසාවියෙන් වැරදිකරුවෙකු වන මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසිකර අනෙක් මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබාදීමයි. මෙහෙම පොදුවේ මේක කපන්න ගියොත් අවංක සේවයක් කරපු මන්ත්‍රීවරුන්ට මේ සහනය නැති වෙනවා. මේ විදියට කළොත් මන්ත්‍රීවරු තමන්ගේ විශ්‍රාම වැටුප නැතිවෙයි කියන බයට හොරවැඩ කිරීම නතර කරන්න පුළුවන්. නැත්නම් කාගෙත් මේ වගේ විශ්‍රාම වැටුප අහෝසි කලොත් අනිවාර්යයෙන්ම ඔක්කොම අය හොරකමට පෙළඹෙනවා. මොකද මන්ත්‍රීකම නැතිවුනාට පස්සෙ තමන්ගෙ ජීවනොපාය සඳහා අරමුදල් එක්රැස් කරගැනීමට.
ඔය රළු අයට විශ්‍රාම වැටුපක් හිමි නැහැ. අවුරුදු පහ තුළ සැසිවාරයේ වාඩි වී නිදහසේ රළු සමඟ නිදාගෙන ජීවත් වූ පැය කිහිපයක් පමණි. ඔබ සැමට සහාය වන්නේ කවුද? අනෙකුත් සියලුම රළු සේවකයින් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම අවුරුදු 60 දක්වා සේවය සඳහා කැප කළා. ඔබ විරෝධතා සංවිධානය කිරීම වඩා හොඳය, එවිට කුමක් සිදුවේදැයි ඔබට පෙනෙනු ඇත.
අනිවාර්යෙන්ම මෙයාලගේ පැන්ෂන් නැති කරලා දාන්නම ඕනෑ, රජයේ අනෙක් සේවකයෝ අවුරුදු 30 ක් 40ක් ගිහින් ගන්න පැන්ෂන් එක අවුරුදු 5ණ් මෙයාලට ගන්න පුළුවන් , මොන තරම් අසාධාරණද ? පබාල වගේ මැට්ටියන්ටත් තවම පැන්ෂන් ලැබෙන්නේ ඔය ක්‍රමය නිසා
රට පුරා උද්ගෝෂණ තිබ්බම මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබාගන්න වැටුප කොහොම උනත් ගල් පාරවල් බිත්තර තක්කාලි ප්‍රහාරයට ලක්වෙන්න 100% ක ඉඩක් තියෙනවා.... ඒ ඉස්සර උබලට සැලකුවේ.. අරගලයෙන් පස්සේ උබලා කුණු පොල්කුඩු... අවුරුදු 5 ක් ආතල් අරගෙන තව විශ්‍රාම වැටුප්
අපි වටේ කළේ ඕවා කරන්න තමයි.