
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාව සහ ලංකාව අතර නොවැම්බර් 14 වැනිදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ)
පාර්ලිමේන්තුවේදී පැවසීය.
"නොවැම්බර් 14 වැනිදා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා.ඇමරිකා තානාපතිනී ජුලී චෑං එක්ස් පනිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඊයේ සභාගත කර තිබෙන බවයි.නමුත් එවැනි ගිවිසුමක් ඊයේ සභාගත කළේ නැහැ.අද සභාගත කළෙත් නෑ.මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා යැයි ආණ්ඩුව ජුලී චෑංට කිව්වාද කියා මා දන්නේ නැහැ.ඇමරිකා තානාපතිතුමියට එකක් කියනවා. අපිට එකක් කියනවා.ඒ නිසා මේක සභාගත කරන්නැයි අප ආණ්ඩුවට කියනවා.
ඒ වගේම ජනාධිපති ඊයේ කතාවේදී නොකියූ කරුණු කීපයක් තියෙනවා.රවී සහ ශානිට අපි බයවෙලා යැයි ජනාධිපති කිව්වා.ඔවුන්ට බයවෙලා තියෙන්නේ 2025 ආණ්ඩුව බලයට ගෙනාපු අයම තමයි.නැතුව අපට බයවෙන්න කාරණයක් නෑ.ගෝඨාභය රාජපක්ෂ රවීගෙන්, ශානිගෙන් පලි ගන්න කොට ඊට එරෙහිව හඬ නැගුවේ සජබ මන්ත්‍රීවරු.අනික රවී ශානිලා දැන් ඉන්නෙ කලකිරීමෙන් .ඔවුන් වැරදිකාරයෝ ලෙස නම් කළ මහින්ද දිසානායක ට ඩී.අයි.ජී කම දුන්නා.ජනාධිපතිතුමා දැන් ඒක අපේ පැත්තට හරවන්න බලනවා" යනුවෙන්ද රහුමාන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාධිපති උමතුව විනාශයේ ආරම්භයයි.
මුජිබර් රහුමාන්, තෙල් සල්ලි වලින් ශ්රී ලංකාවේ ජිහාඩ් සහ ISIS ප්රවර්ධනය කරයි.
මොකක්ද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දුන්නාම කට්ටිය ඇමෙරිකාවට ගිහින් ට්රම්ප්ට කියලා ගිවිසුම අහෝසි කරලා තිබුණොත් අඩුකරගෙන එන්නද කල්පනාව එහෙම නැතිනම් ඇමෙරිකාවෙන් උදව් අරන් ලංකාවේ සහරාන්ලා බෝකරන එක නවත්වයි කියලා බය වුණාද?