IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කසල කළමනාකරණය ගැන පාසල් වලත් උගන්වන්න

(අංජුල මහික වීරරත්න)

කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින්,  පාසල් මට්ටමින්  දැනුවත් කිරීම් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය.

බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ  විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ දී රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීථි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන නාගරීකරණ ඝන අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්වය, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටළු සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. 

පළාත් පාලන මට්ටමෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විෂය දැනුමක් ඇති නිලධාරීන් අවම වීම, කසළ කළමනාකරණය සඳහා සුදුසු ඉඩම් සහ යටිතල පහසුකම් අඩු වීම යන ගැටළු සහ ඒ සඳහා වන විසදුම් ද  මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. 

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කසල කළමනාකරණයේදී ප්‍රජා ශක්ති සහ ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් යොදා ගැනීම මඟින් විශාල කාර්යභරයක් සිදු කළ හැකි බව අවධාරණය කළා ය.

වෘත්තිය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය අලුත් වෘත්තිය විෂයක් ලෙස හඳුන්වා දීම මඟින් කසළ කළමනාකරණය පිළිබඳ සමාජ අවබෝධයක් ලබා දීම සහ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සිදු කළ  හැකි බව ඇය  සඳහන් කළාය. 



අදහස් (2)

කසල කළමනාකරණය ගැන පාසල් වලත් උගන්වන්න

indika Thursday, 20 November 2025 02:38 PM

කසල කළමනාතරණයට කළින් කසල නිසි ලෙස බැහැර කිරීම, පොදු දේපළ රැකගැනීම... කියාදෙන්න ඕනේ...

:       0       0

සඳමාලි Thursday, 20 November 2025 02:46 PM

බොහෝ ගොබ්බ තීරණ සහ ක්‍රියාකාරකම් අතර මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් වූ ඉතා බුද්ධිමත් යෝජනාවක්. නමුත් අගමැතිනියනි, මේ කටයුතු යම් පමණකට දැනුත් සිදුවෙනවා. ළමුන් ද සහභාගි කරවාගෙන සිදුකරනු ලබන පසුවිපරමක් නොමැති වීමත්, කසල කළමනාකරණය පිළිබඳ දෙමාපියන් තුළ ඇති අමනෝඥ ආකල්පත් මෙහිලා සෘණාත්මක බලපානවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site