තංගල්ල උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසාදැමේ විරෝධතාවයක් හේතුවෙන් තංගල්ල උසස් තාක්ෂණ ආයතනය නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට විද්‍යාලයේ පාලන අධිකාරිය අද (25) දහවල් තීරණය කර ඇත. 25 April 2018
ගුවන්තොටුපොළේ වැසිකිළිය තුළ වැටී සිටි විදේශිකයා මරුට ඉන්දීය ජාතිකයකු අද (25) කටුනායක ගුවන්තොටුපළ පිහිටි වැසිකිලියක් තුළ වැටී සිටියදි මීගමුව මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 25 April 2018
ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 April 2018
කැනඩාවේ රිය අනතුරෙන් ලාංකික කතක් මරුට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව තානාපති ආරංචි මාර්ග කියා සිටී. 25 April 2018
වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට වෙනුවෙන් සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 25 April 2018
පලාවිය අනතුරකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ පාලාවිය වන්නිතිව්ව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක් මියගොස් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ. 25 April 2018
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි ජනාධිපතිවරයා විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 25 April 2018
රුපියල තවත් පහතට රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා අද (25) ඉහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. 25 April 2018
දරුවකුට අතවර කළ 40 හැවිරිදි අය අත්අඩංගුවට වයස අවුරුදු 6 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය පවසයි. 25 April 2018
විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යන්නේ සිය කැමැත්තෙන් විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම ඔවුන්ගේ කැමැත්ත මත සිදුවන්නක් මිස ඒ සඳහා ඔවුන්ට කිසිදු බලකිරීමක් සිදුනොකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු මානව සම්පත් අධ්යක්ෂ ලොකුසූරියගේ තිලකසිරි මහතා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂකවරයා හමුවේ ප්‍රකාශ කළේය. 25 April 2018
ශ්‍රීලනිප මැයි රැළිය මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින උත්සවය පක්ෂයේ සභාපති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 7 වැනි දා මඩකලපුවේ දී පවත්වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 April 2018
'ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 නැවත එනවානම් ඔවුන් වෙනුවෙන් සටන් කරනවා‘ ‘ආණ්ඩුවෙන් ඉවත් වු අපේ 16 දෙනාට ආපහු ඇමැතිකම් දෙන්න ඕනි. ආණ්ඩුවට නැවත එනවානම් අප ඒ අය වෙනුවෙන් සටන් වදින්න සුදානම් ‘යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 April 2018
‘විදුලි මිල ඉහළ දැමීම ගැන ඉල්ලීමක් නැහැ විදුලි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. 25 April 2018
යුද සමයේ විනාශ වු වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට පියවර යුද්දයේදී හා විවිධ හේතූන් මත විනාශ වූ උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 25 April 2018
හැටන් මහජන වැසිකිළියේ මලඅපද්‍රව්‍ය නගරයේ කානු පද්ධතියට හැටන් නගර සභාව කිසිදු වගකීමකින් තොරව ජනතාව වසංගත රෝගීන් කිරිමට විෂබීජ පතුරවන බවත්, ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියද නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. 25 April 2018
වව්නියාව මණ්ඩපයේ සිසු ගැටළුව අවසන් යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයට දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දීමෙන් පසුව එම පීඨයට අයත් සිසුන් නේවාසිකාගාරයන්ගෙන් ඉවත් නොවීමත් සමඟ ඇතිවූ ගැටලුව විසඳීමට අද (25) පියවර ගෙන තිබේ. 25 April 2018
හිටපු වරාය ඇමැති සරත් කුමාරට ඇප පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටින හිටපු වරාය හා ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා ධීවර සංස්ථාවේ හිටපු සභාපති ලියනගේ ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා නියම කළේය. 25 April 2018
නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලකති දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති. 25 April 2018
හොරණ කම්හලේ කළමනාකරු හා රසායන පාලිකාව යළි රිමාන්ඩ් හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසුරිය මහතා නියෝග කළේය. 25 April 2018
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදී බසිති තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාලන අධිකාරියේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් එහි දෙවන වසරේ සිසුහු පිරිසක් අද (25) විරෝධතාවක නිරත වුහ. 25 April 2018
පුත්තලමේ නිවසක කාන්තා මළ සිරුරක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ 2 කණුව ජයබිම ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටී කාන්තාවකගේ සිරුරක් අද (25) සොයාගත් බව පුත්තලම පොලීසිය කියයි. 25 April 2018
ශ්‍රීලනිපයේ පූර්ණ ප්රතිසංවිධානයක් නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් කිරීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබේ. 24 April 2018
ආණ්ඩුවේ ඉන්නවාදැයි ශ්‍රීලනිප තීන්දුව මැයි අටෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න ලබන අට වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට අද පැවැති ශ්‍රීලනිප මධ්‍යම කරක සභාවේදී තීරණය විය. 24 April 2018
තෙල් මිල වැඩි නොකරන බව ඇමැති කියයි ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අද කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේය. 24 April 2018
බුද්ධ ශාසන ඇමැතිගේ වෙසක් යෝජනාවට ඇමැතිවරුන්ගේ විරෝධය වෙසක් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නතර කිරීමට සහ එදින දන්සල් නතර කිරීම සම්බන්ධයෙන් ගෙන යා යෝජනාවකට අද කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන්ගේ විරෝධය එල්ල විය. 24 April 2018
පළාත් ඡන්දය ඉක්මන් කරන්න ඒකාබද්ධයෙන් බලපෑම් දැනට විසුරුවා ඇති පළාත් සභා තුනේ ඡන්ද කඩිනමින් පැවැත්වීම සඳහා රජයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් ප්‍රබල බලපෑමක් කිරීමට අද (24) පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණය කෙරිණි. 24 April 2018
අනුරාධපුරයේ පොලිස් ලොක්කන්ට මත්පැන් සාදයක් අනුරාධපුර කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අනුරාධපුර නගරයේ පිහිටි ඉහල පෙලේ හෝටලයක අද (24) දහවල් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම සාදය හේතුවෙන් අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලයේ දෛනික කටයුතු මුලුමණින්ම ඇනහිට තිබූ බවද අප කළ සොයා බැලිමකදි අනාවරණ විය. 24 April 2018
පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (24) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 24 April 2018
ලොකු පුටු නොදෙනවාට පොලිස්පතිට එරෙහිව නඩු දමන්න යයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මාස එක හමාරක් තිස්සේ එම තනතුරුවලට පත් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කිහිප දෙනකු පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට යතියි පොලිස් ආරංචි මාර්ග කියයි. 24 April 2018
දෙවැනි සැසිවාරයදා මහජන ගැලරිය වසයි දෙවැනි සැසිවාර උත්සවය පැවැත්වෙන ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේනතු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය. 24 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026