හැටන් බස් අනතුරෙන් 29ක් රෝහලේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වෙලි ගම ප්‍රදේශයේදී හැටන් සිට සාමිමලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් 29 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බව නොර්වුඩ් පොලිසිය කියයි. 23 April 2018
හික්කඩුවේදී මුහුදේ ගිලුණු රුසියානු ජාතිකයා මරුට හික්කඩුව වෑවලදී මුහුදේ නාමින් සිටි රුසියන් ජාතිකයෙකු අද (23) මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි. 23 April 2018
පොහොට්ටුවයි අතයි ගහයි පූජාපිටියේදී එක්වෙයි පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතා සහ උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ ඒ.එල්.එම් රසාන් මහතා අද මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඡන්ද විමසීමේ දී තේරී පත් වූහ. 23 April 2018
රත්තරන් පවුමක් 8000කින් ඉහළට ආනයනික රත්තරන් සඳහා ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 15 ක තීරු බද්දක් පනවා ඇති බැවින් රන් පවුමක මිල රුපියල් 8000 කින් පමණ ඉහළ යා හැකි යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. 23 April 2018
කලාප මට්ටමින් ගුරු සංචිතයක් හදන්න යයි සේවයේ නියුතු ගුරුවරියන් ප්‍රසූත නිවාඩු යන කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය කිරීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) පැවසීය. 23 April 2018
කතරගම ප්‍රා සභාපති රිමාන්ඩ් පොලිස් වෙඩි පහරින් කතරගම තරුණයකු මියායාමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ කලහාකාරී ලෙස හැසිරී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙකු ලබන මැයි 02 දක්වා රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා නියෝග කළේය. 23 April 2018
හරි මිල සූත්‍රයක් නැතිව ඉන්ධන ගණන් උස්සන්න එපාලු නිවැරදි මිල සූත්‍රයක් හඳුන්වා දීමකින් තොරව ඉන්ධන මිල වැඩි නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසීය. 23 April 2018
දරුවා මැරූ මවගේ සිරුර නිවසේ කාමරයක හිනිදුම ඇලඉහළ හබරකඩදී අද (23) තිස් දෙහැවිරිදි මවක මාස දහයක් වයසැති ඇගේ දරුවා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 23 April 2018
සයිටම් නමට එරෙහිව උසාවි යන්න සැරසෙති සයිටම් වෛද්‍ය සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ලබා දෙන වෛද්‍ය උපාධියට සයිටම් නම ද එක් කිරීමට එරෙහිව නඩු පවරන බව සයිටම් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදය පවසයි. 23 April 2018
කොලොන්නෙන් නෑවොත් බද්දක් ගැනීමේ යෝජනාවක් පසුගිය 11 දා පැවැත්වීමට නොහැකිව කල් තබන ලද කොළොන්න ප්‍රාදේශීය සභාවේ සැසිවාරය අද පැවති අතර එහිදී සභාපති ටී.රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. 23 April 2018
දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක් එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 23 April 2018
හොරණ රබර් කම්හලේ පරිසර බලපත්‍රය තහනම් කරයි පස්දෙනෙකුට මරු කැඳවූ හොරණ බැල්ලපිටිය රබර් කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 23 April 2018
අනවසර බුරුත කොට සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කිළිනොච්චිය පලෙයි රක්ෂිත වනයෙන් අනවසරයෙන් කපන ලද බුරුත කොට තොගයක් ලොරියකින් ප්රවහානය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 23 April 2018
චීන ජාතිකයාගේ මුළුතැන්ගෙයි කිරි ඉබ්බෙක් බෙලිඅත්ත හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඟුණකොළ පැලැස්ස හැලේකඩ පිහිටි චීන සමාගමට අයත් වැඩ බිමක මුළුතැන් ගෙයි සඟවා සිටි කිරි ඉබ්බෙක් සමඟ චීන ජාතිකයෙක් අත් අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජිවී කාර්යාලයේ නිළධාරීහු පවසති. 23 April 2018
ජනපති ආපසු එයි එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස , එම සංචාරය නිමා කර අද උදෑසන දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් -664 (Q.R.- 664) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 23 April 2018
මොරගහකන්ද වාරි ඇලේ වැඩ ඇරඹෙයි අමෙරිකානු ඩොලර් මිලියන 450 ක වියදමින් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය ගෙන යන ඇලේ වැඩ ආරම්භ කර ඇත. 23 April 2018
පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි - සජිත් මහජන නියෝජිතයන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කිරීමට නියමිත රුපියල් කෝටි සියයක මුදලින් නිවාස නොමැති පවුල් 2000ක් සඳහා නිවාස ඉදිකර දිය හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 April 2018
මුහුදු රළ මීටර 03 දක්වා ඉහළ යා හැකි බව කාලගුණය කියයි අනිද්දා (24) දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 April 2018
ජාතික ආණ්ඩුව ගෙනියන්න අලුත් ගිවිසුමක් - ඇමැති අමරවීර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේ. ‘ යැයි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය. 22 April 2018
වෙරළ සංරක්ෂණයේ තීරණයට ඇමැති මුස්තාපාගේ විරෝධය මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීන්දුවට තමන් දැඩි විරෝධය දක්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය. 22 April 2018
විජලනයෙන් වවුනියාව සෙබළුන් 19ක් රෝහලට පුහුණුව අතරතුරදී ඇතිවූ විජලන තත්ත්වයක් හේතුවෙන් වවුනියාව පම්පමඩුව 611 යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි සෙබළුන් 19 දෙනෙක් අද (22) දවල් වවුනියාව රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ. 22 April 2018
සපත්තු කම්හලේ රසායන පාලකවරිය රිමාන්ඩ් විස වායුවක් ආඝ්‍රහණය වී පස් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රබර් කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරියව අප්‍රේල් 25වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්තා ජයසුරිය මහත්මිය අද (22) නියෝග කළාය. 22 April 2018
ලක්ෂ 91 ක රත්රන් සමඟ දෙදෙනෙක් රේගුවේදී දැලේ රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (22) අලුයම දී අත්අඩංගුවට ගෙන ඇත. 22 April 2018
කරාපිටියේ හෘද උරස් කුහර ශල්‍ය නිර්වින්දන වෛද්‍යවරු වර්ජනයකට සුදානම් හෘද සැත්කම් කිරිම සදහා නිසි බලපත්‍රයක් නොමැති රිචඩ් පර්මින් නැමැති එංගලන්ත ජාතික හෘද හා උරස්කුහර පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් කිරිම ආරම්භ 22 April 2018
ගුවන්තොටෙන් දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 April 2018
සංගීතයේදී වෙඩි තබා ව්‍යාපාරිකයා මරාදමයි අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ කැල සංවිධානය කළ සංගීත සංදර්ශනයකදී සිදු වූ වෙඩි තැබීමකින් හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 22 April 2018
බ්‍රැඩ්බි පළමු අදියරේ ජය රාජකීයයන්ට කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේදී අද (21 වැනිදා) පැවැති බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ තරගයේදී ලකුණු 39 - 07 ක පහසු ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය. 21 April 2018
බේරුවල ප්‍රදීපාගාරය අසළදී දෙදෙනෙක් රළ පහරට හසුවී මරුට බේරුවල ප්‍රදීපාගාරය පිහිටි දූපතෙහි විනෝදවීම සඳහා පැමිණි පිරිසකගෙන් එකම පවුලේ සහෝදරියත්, සහෝදරයත් දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි. 21 April 2018
ගිලාබැසීමේ අවදානමක් - 12 දෙනෙක් ඉවතට බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත් බලගල වතුයායේ අද (21) නිරීක්ෂණය වූ ගිලා බැසීමේ අවදානම් තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක ඊ එම්. එල් උදයකුමාර මහතා පැවැසීය. 21 April 2018
යතුරු පැදි - වෑන් ගැටුමෙන් යතුරුපැදි කරු මරුට වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් වැන් රථයේ රියදුරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි. 21 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026