කෙහෙලිය පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසම හමුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය. 19 June 2025
අභියාචනාධිකරණ සභාපති විනිසුරු දිවුරුම් දෙයි නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 19 June 2025
බඹරු ඇන 12ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කළ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එ.එස්.කේ. ජයසුරිය මහතා පැවසීය. 19 June 2025
ජාත්‍යන්තරය ගැන හරි අවබෝධයෙන් වැඩ නොකළොත් ලාංකිකයන් අනතුරේ රජය ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන තත්ත්වයන් හරියට නිරීක්ෂණය කොට කටයුතු නොකළොත් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 19 June 2025
නිට්ටඹුව සංඝබෝධි සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරයට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණියහ. 19 June 2025
ටිල්වින් කොමියුනිස්ට් ලොක්කන් හමුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී ෂී තැයිෆෙන් මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නායක පිරිසක් හමුවූහ. 19 June 2025
ලක්ෂ 30ක ඉඟුරු පන්නන්න බැරිවෙයි තීරු බදු නීති උල්ලංඝනය කරමින් ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ,වියළි ඉඟුරු උර 19 ක් සහිත ඩිංගි යාත්‍රාවක් කල්පිටි පොලිස් බළ ප්‍රදේශයට අයත් එරඹුගොඩැල්ල වෙරළ තීරයේ දී අද (19) අලුයම කල්පිටි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .එම අවස්ථාවේ දී යාත්‍රා වේ සිටි සැකකරුවන් දෙදෙනකු පලා ගොස් ඇත . 19 June 2025
සතුන්ට තුවක්කු අටවා දිට්ඨධම්මවේදනීය කර්මය පළ දෙයි සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ඇටවීමට යාමේදී කලින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ඊයේ (18) මිය ගොස් ඇතිබව සියඹලා ආණ්ඩුව පොලිසිය පවසයි. 19 June 2025
බඹරු ඇන සැමියා මරුට: බිරිය රෝහලේ තම ගෙවත්තෙහි පොල් කඩන්නට ගිය අඹුසැමි යුවළකට බඹරුන් දෂ්ට කිරීමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතල තුවාල ලබා ඇතැයි අගුණකොළ පෑලැස්ස පොලිසිය පවසයි. 19 June 2025
පළාත් කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (19) ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 June 2025
වැලිවිටය දිවිතුර පොහොට්ටුවට යයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභා සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොද්දිවල මාරගේ වසන්ත මහතා ද උප සභාපති ලෙස සමගි ජනබල වේගයේ පි.එච්.තුසිත චාමර මහතාද අද තෝරා පත් කර ගත්තේය. 18 June 2025
පෞද්ගලික මූල්‍ය ආයතනයක රන්බඩු සොරාගත් විධායක නිලධාරියා මාට්ටු මාලඹේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රන් භාණ්ඩ සොරාගෙන රුපියල් කෝටි හතකට ආසන්න වටිනා මුදලක් වංචා කළ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 June 2025
රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි. 18 June 2025
සජබ කහවත්ත, වැලිගෙපොළ සහ පන්නල බලය අල්ලයි මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේග පක්ෂය විසින් බහුතර සභික සංඛ්‍යාවක් හිමි කරගත් කහවත්ත, වැලිගේපොළ සහ පන්නල ප්‍රාදේශීය සභාවල පාලන බලය සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය විසින් දිනා ගනු ලැබීය. 18 June 2025
දේශබන්දු කමිටුවට ආ සාක්ෂිකාරියක හරවා යවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ විරෝධය හේතුවෙන් කමිටුව විසින් සාක්ෂි නොගෙන අද (18) හරවා යවනු ලැබුවාය. 18 June 2025
මහාධිකරණ විනිසුුරු දෙදෙනෙක්ට උසස් වීම් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. 18 June 2025
ත්‍රී රෝද රියැදුරන්ට හොඳ ගති පුහුණු කරන්න යයි සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. 18 June 2025
ධීවරයෝ තුනක් අතුරුදන් කිරින්ද ධීවර වරායෙන් පසුගිය දහසය වැනිදා රාත්‍රී 8 ට පමණ මුහුදට ගිය එක් දින යාත්‍රාවක් ධීවරයෙන් තිදෙනා සමග අතුරුදන්ව ඇති බව කිරිඳ පොලිසිය සඳහන් කළේය. 18 June 2025
අවුරුදු හයේ දැරිය ළිඳට බිලි යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 06 ක දැරියක් මියගොස් ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය සදහන් කරයි. 18 June 2025
මාලිමාව සීයට පනහ නොගත් සභා 29ක් අල්ලයි පළාත් පාලන මැතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිව ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 29ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය මේ වන විට සමත් වී තිබේ. 18 June 2025
ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ රඹුක්වැල්ල යුවළ දියණිය බන්ධනාගාරයට රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාවට අධිකරණයෙන් ඇප නියම වූ කෙහෙළි රඹුක්වැල්ල, බිරිය සහ දියණිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව යළි බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය 18 June 2025
ඉරාන නායකයාගෙන් තර්ජනයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය කොන්දේසි විරහිතව යටත්විය යුතු බවට ප්‍රකාශ කරද්දී ඉරාන - ඊශ්‍රායල අර්බුදය තවත් දැඩි කරමින් ඉරාන හමුදාව ප්‍රථම වතාවට ෆාටා 1 - හයිපර්සොනික් බැලස්ටික් මිසයිල භාවිත කරමින් අද (18) ඊශ්‍රායලයට පහර දුන්නේය. 18 June 2025
ගැහුවොත් ගහනවා - කමේනී ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී සිටින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි පවසයි. 18 June 2025
තේ කම්හල් 213ක් වැහිලා විවිධ ගැටලු හේතුවෙන් රට පුරා තේ කර්මාන්තාලා 213ක් 1986 සිට මේ දක්වා වැසී ගොස් ඇතැයි වැවිලිඅමාත්ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 June 2025
ප්‍රහාර නවත්වා යටත් වෙන්න - ට්‍රම්ප් ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත. 18 June 2025
විශේෂ අවශ්‍යතා අයට වෙනම බස් සේවයක් විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක් රජය අරඹා තිබේ. 18 June 2025
කෙහෙළියට, බිරියට සහ දියණියට ඇප රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිලි ජයතුංග මහත්මිය නියෝග කළාය. 18 June 2025
සඳමාලිට පහර දුන්නාට විපක්ෂයෙන් විරෝදයක් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මියට පහරදීමට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කොළඹ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 18 June 2025
සමගියේ අසමගියෙන් කන්දකැටියත් ගිලිහෙයි සියයට 50ක පැහැදිලි ජයක් නොලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා නව සභාපතිවරයා ලෙස තේරි පත්විය. 18 June 2025
කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින් ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය. 18 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026