යුරෝපා විදෙස් ඇමැතිවරු ඉරාන නිලධාරීහු හමුවෙති ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල ඉරාන ගැටුම සම්බන්ධයෙනි. 21 June 2025
නෙට්බෝල් ශුරතාවට කොරියා යන කණ්ඩායම ඇමති හමු වෙයි ‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය-2025’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) හමු විය. 20 June 2025
වන අලි ගැටලුව විසඳන්න දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවයි ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 20 June 2025
මැතිසබේ සේවක කෑම බිල බස්සයි මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව අද (20) තීරණය කළේය. 20 June 2025
මුදල් නි. ඇමැති හර්ෂණ ඉල්ලා අස්වෙයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 20 June 2025
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ජූනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 20 June 2025
තඹුත්තේගම මධ්‍ය විදු දරුවෝ ජනාධිපති කාර්යාලය බලන්න එති අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (20) පස්වරුවේ පැමිණියහ. 20 June 2025
වාහන ආනයනයෙන් කෝටි 16,500ක ආදායමක් මෙම වසරේ පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දීමත් සමග රුපියල් බිලියන 165 ක් හෙවත් රුපියල් කෝටි 16,500 ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (20) පැවසීය. 20 June 2025
පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා 15ක් චීනයේ චාරිකාවක ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙක් චීනයේ අධ්‍යයන චාරිකාවක් සඳහා අද (20) පිටත්ව ගියහ. 20 June 2025
සමහරු ගෙවල්වලට යන්න අන්තර් හුවමාරු හදලා සමහරුන් දක්ෂිණා අධිවේගේ මාර්ගයේ අන්තර් හුවමාරු ඉදි කළේ තමන්ගේ ගෙවල්වලට යෑමට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 June 2025
දකුණු අප්‍රිකා මහ කොමසාරිස් කථානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 20 June 2025
පංචිකාවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙක් දැලේ පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු ඊයේ (19) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. 20 June 2025
ඇප නැතිව ණය දෙන වැඩේ පටන් ගත්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තල්ලුවක් දෙන ඇප නැතිව ණය දෙන වැඩසටහන රජය දැන් ක්‍රියාත්මක කර තිබෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2025
කොළඹ රිජ්වේ ආර්යා රෝහලට නවීන ප්‍රතිකාර යන්ත්‍රයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 20 June 2025
චමිත්‍රී රඹුක්වැල්ලට ඇප සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගත වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරිණි. 20 June 2025
2025 පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජන 90% ක් වැඩි වෙයි 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (20) දැනුම් දුන්නේය. 20 June 2025
තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ අයෙක් අත්අඩංගුවට සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණව තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 20 June 2025
උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි විය. 20 June 2025
‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම් ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කිරීම සඳහා අද (20) පැවැති ඡන්ද විමසීමේදී එම පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවූ බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 20 June 2025
බලංගොඩ ප්‍රා .සභාපති ඉල්ලා අස්වෙයි බලංගොඩ ප්‍රදේශීය සභාවට ජාතික ජනබල වේගයෙන් තේරි පත්වු ඩී. රංජිත් උදයකුමාර මහතා පුද්ගලික හේතුවක් මත මාසයක් වැනි කෙටි කාලයක් තුල සභික ධූරයෙන් සහ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 20 June 2025
පල්ලෙකැලේ එළිමහන් කඳවුරෙන් රැදවියෙක් පැන ගිහින් පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. 20 June 2025
ලංකා - ඉන්දුනීසියා ඒකාබද්ධ සෘජු ආයෝජන අරඹන්න යයි ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට්, පොස්පේට් හා ඛණිජ වැලි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ඉන්දුනීසියා රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ සෘජු ආයෝජනයන් (G2G) සිදුකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 20 June 2025
විදුලිසැර වැදී අයෙක් මරුට පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ නිවසක වහලයේ වැහිපීලි වෙල්ඩින් කිරීමේ කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 20 June 2025
ගාලගෝට්ටි මැද ගලඋඩ සටනේ ජය මාලිමාවට ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා මන්ත්‍රී ඡන්ද 19ක් ලබාගෙන අද (20) පැවති මංගල සභා රැස්විමේ දී තේරිපත්විය. 20 June 2025
STF නිලධාරීන්ට පහරදී ගිනි අවියක් කොල්ල කෑ හතරක් මාට්ටු කහට ගස් දිගිලිය, ඇල්ල වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට පහරදී නිලධාරීන් සන්තකයේ තිබූ ගිනි අවියක්, උණ්ඩ දහයක් සහ මැගසීනයක් කොල්ල කෑ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහට ගස් දිගිලිය පොලිසිය පවසයි. 20 June 2025
ජාතික ගමනාගමන කොමිෂන් පනතට කථානායක සහතිකය ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය. 20 June 2025
ලක්ෂ 110 ක බීඩිකොළ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ උර 37 ක්, කල්පිටිය කන්ද කුලිය වෙරළ තීරයේ දී ලොරි රථයකට පටවමින් සිටිය දී එක් සැක කරුවෙකු ද සමගින්අද ( 20 ) අලුයම කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 20 June 2025
කෝටි 2ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි රුපියල් කෝටි 2 කට වඩා වැඩි හෙරොයින් කිලෝ 1 ක්, ග්‍රෑම් 738 සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 504 ක් සමග සැකකරුවෙකු ඊයේ (19) රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 20 June 2025
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න බලපෑම් තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාගේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය, සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ තායිලන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. 20 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026