ගන්දර බැංකුව කොල්ලකයි ගන්දර පරවාහැර සණස බැංකුව තුළට මුහුණු ආවරණය කර ගෙන කඩා වැදී ඇති අවිගත් පුද්ගලයින් සිව් දෙනෙකු ගනුදෙනු කිරීමට පැමිණ සිටි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදුකර බැංකුවේ තිබු රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් අද (21) සවස මංකොල්ල කා පලා ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 21 August 2018
ජපන් ශිෂ්‍යත්ව හිමි සමෘද්ධිලාභීන්ගේ අධ්‍යාපන සහතිකපත් අතුරුදන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජපන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා තෝරාගෙන පසුව අවස්ථාව නොදුන් සමෘද්ධිලාභී තරුණ තරුණියන් 21 දෙනාගේ අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් එම අධිකාරිය බාරයේ මේ වනවිට නැතැයි විශ්වසනීය ආරංචි මාර්ග කියයි. 21 August 2018
එමිල් රන්ජන්-රංගජීව යළි රිමාන්ඩ් රැදවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ රදවා සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අයවලූන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා නියෝග කළේය. 21 August 2018
මොරගහකන්දේ ජල අයිතිය ඉල්ලා පොලොන්නරුව ගොවි සභාපතිවරු පෙළගැසෙති මොරගහකන්ද ජලාශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ වැව් වලට හිමි ජල ප්‍රමාණය කොපමණදැයි තීන්දු කළ යුතුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහ ගොවිජනපද ව්‍යාපරවලට අයත් ගොවි සංවිධාන සභාපතිවරු විමසති. 21 August 2018
පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග 300 ක් ශ්‍රී ලංකාවේ වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 21 August 2018
දරුවන්ට වස දී දිවි නසා ගැනීමට තැත් කළ ලාංකික මවක් පැලමෝර්හිදී අත්අඩංගුවට සිසිලි දූපතේ පැලර්මෝ නගරයේ ලාංකික කාන්තාවක් සැමියා සමඟ ඇති වු පවුල් ආරවුලකින් අනතුරුව තම දරු දෙදෙනාට වස සහිත ආහාර ලබා ඇයද එම වස සහිත ආහාර ගැනිමෙන් සියදිවි හානි කර ගැනිමට උත්සහ කිරිමෙන් බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 21 August 2018
පාර්ලිමේන්තුවට නව වේත්රධාරිවරයෙක් පාර්ලිමේන්තුවට නව වේත්‍රධාරී නිලධාරියෙකු ලබන 30 වැනිදා පත් කරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 21 August 2018
බෝපේ පෝද්දල ප්‍රා. සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි 29 දා ට කල්තබයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම කැඳවා තිබෙන ආකාරය නීත්‍යානුකූල නොවන බවටත් පසුගිය සභා වාර්තාව අවුල් සහගත ලියවිල්ලක් බවටත් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්විම සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් ලබන බදාදා (29) දක්වා කල් තැබීමට තීරණය කළේය. 21 August 2018
කෝටියක බීඩිකොළ කන්ටේනරයක් අල්ලයි හිස් කන්ටේනරයක් ලෙස ප්‍රකාශ කර කොළඹ වරායෙන් පිටත් කිරීමට උත්සාහ කළ රුපියල් කෝටියක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 14,000ක් අඩංගු කන්ටේනරයක් රේගු නිවාරණ අංශය මගින් අද (21) අත්අඩංගුවට ගනු ලැබීය. 21 August 2018
‘16 දෙනාගෙන් පක්ෂයට වැඩ නොකරන අය ගැන බලනවා‘ පක්ෂයේ ප්රතිසංවිධාන වැඩවල දී සක්‍රිය දායකත්වයක් නොදෙන ආසන සංවීධායකයන් ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්නට සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. 21 August 2018
‘ජනපතිට-අගමැතිට මාදුළුවාවේ හිමිගේ උපදෙස් මගහැරිලා‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාම අතින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උපදේශ මගහැරී ඇතැයි සාධාරණ ව්‍යාපාරයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද (21) ප්‍රකාශ කළේය. 21 August 2018
අන්තරේ පාගමනට පොලිසියෙන් දෙවැනි වරටත් කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. 21 August 2018
පළාත් සභා සීමානිර්ණ වාර්තාව ගැන විවාදයක් අනිද්දා පළාත් සභා සීමානිර්ණ වාර්තාව පිළිබඳ දිනක විවාදයක් මැති සබයේ දී අනිද්දා (24) පැවැත්වෙන බව කතානායක කාර්යාලය පවසයි. 21 August 2018
අන්තරේ පාගමනට කොටුව මහේස්ත්‍රාත්ගෙන් කොන්දේසි සහිත නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යනුකූල අයුරින් පැවැත්විය යුතු බව කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝගයක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 August 2018
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවහිර කිරීමට වව්නියාවේ විරෝධතා පුරාවිද්‍යා නිලධාරීන් විසින් වවුනියාව - ඕලූමඩු, වෙඩික්කනාරම්මලෙයිහි ඉදිකරන ශිවම් හින්දු කෝවිලෙහි ඉදිකිරීම් නවත්වා එයට ඇතුළුවීම සීමා කිරීම හේතුවෙන් විරෝධය දක්වමින් වවුනියාව සිවිල් සංවිධාන හා 21 August 2018
හිටපු ජනපති සොයුරු චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අද (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. 21 August 2018
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරය සහ රාජතාන්ත්‍රික කලාපය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි 21 August 2018
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි-දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිව් මසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප සිව්වන වරටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසා නායක මහතා අද (21) ප්‍රතික්ෂේප කළේය. 21 August 2018
සංවිධානාත්මක අපරාධ කල්ලියක 5 ක් ගිනි අවි සමඟ මහනුවරදී අත්අඩංගුවට මහනුවර, පුෂ්පදාන මාවතේ නිවසක් අවි සමග සංවිධානාත්මක අපරාධ කරුවන් 5 දෙනෙක් ගිනි අවිය තුනක් සහ බතරොම් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 21 August 2018
පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයේ අවසන් වාර්තාව කඩිනමින් ඉල්ලයි පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස්කර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ. 21 August 2018
ගලගොඩ අත්තේ හිමි ගැන කෝට්ටේ සංඝ සභාව ජනපතිට ලියයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයේදී කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද්ධයෙන් ගලවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නිසා ඇති වූවක් යැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පවසයි. 21 August 2018
‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය ගැන නීතිමය පියවර ගන්න’යි සංස්කෘතික කටයුතු ඇමැති පොලිස්පතිගෙන් ඉල්ලයි බුදු දහමට නිග්‍රහ වන අන්දමින් ලියා ඇති ‘බුදුන්ගේ රස්තියාදුව‘ නම් කෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ. 21 August 2018
ආණ්ඩුවේ රස්සා නෑ - රජයේ කන්තෝරු සේවකයන්ගෙන් පුරවලා “ආණ්ඩුවේ රස්සා දැන් නැහැ. අපි ඒවා දෙන එකත් එක්තරා විදියක පාප කර්මයක්. මොකද ආණ්ඩුවට දරා ගන්න බැරි තරමට රජයේ සේවකයින් හැම ආයතනයකම පුරවලා ඉන්නවා. දාහකට පඩි ගෙවන්න පුළුවන් තැන තුන්දාහක් ඉන්නවා. මමත් එක යුගයක ඒ පාප කර්මයේ කොටස්කරුවකු බවට පත්වුණා” යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සෙනසුරාදා (18) මාතරදී පැවසීය. 21 August 2018
පොලිස් පරීක්ෂක-කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු 8 ක් අත්අඩංගුවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 21 August 2018
විජයකලා ව්‍යවස්ථාව උල්ලංඝණය කළාදැ’යි කථානායක යළි විමසයි හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවී ඇත්දැයි යන්න පැහැදිලිව දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට යළි සිහි කැඳවීමක් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. 21 August 2018
බාල දක්ෂයින්ට පහරදීමට තැත් කළ එස්අයිට පරීක්ෂණයක් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය පිහිටි රජයේ ඉඩම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතු කර ගෙන බාලදක්ෂ පදක්කම් ලේකම්වරයා ඇතුළු ජනාධිපති බාලදක්ෂයින් පිරිසකට බැන තර්ජනය කර කලු ගලකින් පහරදීමට උත්සාහ කළ බව කියන මාතර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 21 August 2018
උසස් තාක්ෂණ ආයතනයේ ගැටුමකින් පහකට තුවාල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගුටිබැට හුවමාරුවකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 21 August 2018
ජපාන ආරක්ෂක ඇමැති ලංකාවට පැමිණෙයි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔන්ඩෙරා (itsunori ondera) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 August 2018
උසස් පෙළ කාලසටහන සංශෝධනය කිරීමට හේතුව විභාග කොමසාරිස් කියයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නිවාඩු කාලය තුළදීම ඇගයීම් කර අවසන් කිරීමට අවශ්‍ය වූ හෙයින් උසස් පෙළ විභාගය වෙනුවෙන් මුළින් සකස් කළ කාලසටහන සංශෝධනය කිරීමට සිදු වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා අධ්‍යාපන ඇමැතිවරයා වෙත ලබා දුන් වාර්තාවක සඳහන් වේ. 20 August 2018
බුදු දහමට නිගා කළ කතාව සංහිඳියා කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරයි හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ඔනූර්) බුදු දහමට නිගා කළැයි කියන ප්‍රකාශය සාවද්‍ය හා නොදැනුවත්කමින් සිදු කර ඇති බව එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. 20 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026