දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද දිනය තුළ වාහන ලක්ෂය පනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ (25) අද පෙරවරුවේ සිට දැඩි රථවාහන තද බදයක් පවතින අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.සති අන්ත නිවාඩුවත් පාසල් නිවාඩු කාලයත් නිසා දිනපතාම ධක්ෂින අධිවේගී මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා වාහන ප්‍රමාණය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බව ඒ මහතා පැවසීය. 25 August 2018
රිය අනතුරකින් පුද්ගලයකු මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක පිටු පස ලොරි රථයක් ගැටීමෙන් වෙළඳසැලක් කඩා ගෙන ගොස් නතර වූ රිය අනතුරකින් කැබ් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 25 August 2018
අගමැති සිංගප්පූරුවේ - වියට්නාමයේ සංචාරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව හරහා වියට්නාමය බලා අද (25) අලුයම පිටත්ව ගියහ . 25 August 2018
ජනපති මැදමුලනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියේය. 25 August 2018
අරාබිය කේරළයට දුන් ඩොලර් මිලියන 100 ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේරළ ප්‍රාන්තයට ලබාදුන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර මුදලක් ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 24 August 2018
කොළඹ නගර සභාවේ මන්ත්‍රී දීමනාව 20,000 කින් ඉහළට කොළඹ මහනගර සභාවේ අද (24) පැවැති මාසික රැස්වීමේදී ගාලගෝට්ටි හා බාධා කිරීම් මැද මන්ත්‍රී දීමනාව රුපියල් 20,000 න් ඉහළ නැංවීමේ යෝජනාව සම්මත කෙරිණි. 24 August 2018
කාබනික බෝග වගාවට අභියෝග රැසක් කාබනික බෝග වගාවට සහයෝගය දක්වන අතරේම රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් කරන කෘෂි කර්මාන්තයට සහනාධාර ලබාදීම කිසිසේත් නොගැලපෙන බව ‘බයෝ ෆුඞ්ස්’ පෞද්ගලික සමාගමේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය සරත් රණවීර මහතා අද (24) පස්වරුවේ පැවැසීය. 24 August 2018
පළාත් මැතිවරණය ගැන අදහස් ගන්න පංච පුද්ගල කමිටුවක් සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. 24 August 2018
ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී එච් සමුද්‍රජීව මහතාගෙන් අද (24) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 24 August 2018
වේත්‍රධාරී අනිල් පරාක්‍රම 31 විශ්‍රාම ගනී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ලෙස වසර 12ක කාලයක් කටයුතු කළ අනිල් පරාක්‍රම සමරසේකර මහතා මෙම මස 31 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිතය. 24 August 2018
සතරවන රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ සතරවන රන්දෝලි පෙරහර අද (24) රාත්‍රී 7 පසුවි විනාඩි 25 ට දකුණු දිශාභිමුඛව පෙරහැර ගමන් ඇරඹීය. 24 August 2018
බණ්ඩාරවෙලට අයිස් වැස්සක් බණ්ඩාරවෙල ප්‍රදේශයට අද (24) ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් වැස්සක් පතිතවිය. 24 August 2018
සීමා නිර්ණය වාර්තාව වැඩි ඡන්ද 139කින් පරදී පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය. 24 August 2018
අධිවේගයේ වෑන්රියක් පෙරලී පස් දෙනකුට සුළු තුවාල මංගල උත්සවයකට සහභාගි යළි යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (24) පස්වරුවේදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම හා පින්නදුව අතර පෙරලී යාමෙන් වෑන් රථයේ ගමන්ගත් පස් දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. 24 August 2018
පලස්තීන තානාපතිත් මැදමුලනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා පලස්තීන තානාපති සුහේර් එම්.එච්.ඩාර් සෑක් මහතා අද (24) පස්වරුවේ මැදමුලනට පැමිණියේය. 24 August 2018
ලිදුල නගර සභා කම්කරුවෝ උද්ඝෝෂණය කර වැටුප ලබාගනිති තලවකැලේ ලිදුල නගර සභාවේ සේවය කරන සේවකයන්ගේ සහ කම්කරුවන්ගේ අද (24) දිනට ගෙවිමට නියමිත මේ මස වැටුප ගෙවිම ප්‍රමාද කළ බව පවසමින් එම නගර සභාවේ කම්කරුවෝ අද (24)පස්වරුවේ නගර සභාව වටලා උද්ඝෝෂණයක නිරත වු අතර අනතුරුව නගර සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔවුනට වැටුප් ගෙවීමෙන් අනතුරුව උද්ඝෝෂණය අතහැර දැමීමට ඔවුහු පියවර ගත්හ. 24 August 2018
සීමා නිර්ණ වාර්තාවට ඇමැති ෆයිසර් විරුද්ධ වෙයි පළාත් සභා සීමා නිර්ණ වාර්තාවට තමාත් විරුද්ධ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අද(24) පැවසීය. ඇමතිවරයා මේ බව පැවසුවේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදීය. 24 August 2018
‘විගණකාධිපතිගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉවත් කළේ පළිගැනීමට නොවෙයි‘ රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගත්තේ ඔහුගෙන් පළිගැනීමට නොව ඔහුව පිළිගැනීමට බවත් විගණකාධිපතිවරයාගේ වැටුප මීට වඩා වැඩිකිරීමේ වෙනත් යෝජනාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 August 2018
‘ලංකා සිංගප්පුරු ගිවිසුම දැක නෑ’ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය. 24 August 2018
ගෝඨාට එරෙහිව නඩු පවරයි වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරන ලදී. 24 August 2018
උදයංගගේ ඥාතීන් 5 දෙනකුගේ ගිණුම් වාර්තා දෙන්නැයි නියෝගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ ඥාතීන් 05 දෙනෙකුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු වාර්තා සහ ලේඛන මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බැංකු 19 කට සහ මුල්‍යායතන 46ක කළමණාකරුවන් වෙත නියෝග කළාය. 24 August 2018
‘බේරේ වැව කොළඹ අසූචි වළ වෙලා’ කොළඹ නගරයේ ගොඩනැගිලි, නිවාස හා පැල්පත්වලින් ඉවත්කෙරෙන මළ අපජලය බේරේ වැවට මුදා හැරීමෙන් කොළඹ අසූචි වළ බවට පත්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාව සිදු කළ පරීක්ෂණයක දී තහවුරු වී ඇත. 24 August 2018
ව්‍යාජ ඔප්පු මගින් ඉඩමක් හිමිකර ගන්න ගිය කතුන් දෙදෙනකුට වසක 15 ක සිරදඬුවම් ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නඩු විභාගයේ දී විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුවකුට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 24 August 2018
කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් පැමිණිල්ලක් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දීමේ දී සේවා කාලයට ලබාදුන් ලකුණු සීමාව 70 සිට 50 දක්වා අඩු කිරිම නිසා කනිෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් අසාධාරණයට ලක්ව ඇතැයි පොලිස් කොමිසම වෙත පැමිණිලි ලැබී තිබේ. 24 August 2018
රුපියල පහළටම වැටෙයි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය. 24 August 2018
සීමා නිර්ණය කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධයි පාර්ලිමේන්තුවේදී අද (24) විවාදයට ගනු ලබන පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය කමිටු වාර්තාවට විපක්ෂව ඡන්දය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධාන පවසයි. 24 August 2018
උතුරු මහ ඇමැතිගේ ඉල්ලීම දෙමළ සන්ධානය ප්‍රතික්ෂේප කරයි උතුරු නැගෙනහිර සංවර්ධනය කිරිමේ ජනාධිපති කාර්යංශයට සහාය නොදක්වන ලෙසට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් කරන ලද ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර තිබේ. 24 August 2018
වැව් 2400 ක් ප්‍රතිසංස්කරණයේ පළමු අදියර ඇරැඹේ එල්ලංගා පද්ධති හා සම්බන්ධිත ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ කිරීමේ මහ පරිමාණ වාරි ව්‍යාපෘතියේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී අද (24) පෙ.ව 10ට සිදු කෙරිණි. 24 August 2018
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගිය කාලයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියාමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇත. 24 August 2018
විගණකාධිපතිගේ පඩි වැඩි කිරීම නවත්වයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය. 24 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026