ගෑස් රු.158 කින් ඉහළට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. 24 August 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය. 24 August 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනා එරෙහි පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට මීට සුළු වේලාවකට පෙර ඔවුහු අධිකරණයට පැමිණියහ. 24 August 2018
කැබ් රථයේ වැදුණු තරුණයින් දෙදෙනෙකු මරුට මුලතිව්, මාන්කුලම, වෙල්ලාන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මල්ලාවි පොලීසිය පවසයි. 24 August 2018
අල්ලස් ගත් සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට අක්කරෙයිපත්තුව ඇලයෙඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතලිස් පන් දහසක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ ආරංචි මාර්ග කියයි. 23 August 2018
එජාපයේ ඡන්දයත් සීමානිර්ණයට විරුද්ධව පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. 23 August 2018
රන් මිශ්‍ර පස් කන්ටේනර් 51ක් රට යවලා රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව කන්ටේනර් (බහලුම්) 51ක් පිටරට යවා ඇතැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. 23 August 2018
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද දැනුම් දුන්නාය. 23 August 2018
ලබන බදාදා සිට දුම්රිය වර්ජනයක් දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ඇරැඹිමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි. 23 August 2018
‘කෘෂි අවශ්‍යතා සඳහා ඇතිකරන සතුන්ගෙනුත් ජලභීතිකාව බෝවිය හැකියි‘ බල්ලන් හා පූසන් වැනි සතුන්ට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති කරන ක්ෂීරපායි සතුන්ගෙන්ද ජලභීතිකා රෝගය ඇතිවීමට හැකි බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා පවසයි. 23 August 2018
මහජන බැංකු සමාන්යධිකාරීගේ වැටුප ලක්ෂ 21ක් මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බවත් වයස අවුරුදු 60 පිරුණු ඒ නිලධාරියා තවත් අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලා කළ ඉල්ලීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කරක සභාව (කෝප්) ප්‍රතික්ෂේප කළ බවත් එම කාරක සභාවේ සභාපති, පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
ශ්රාවස්තිපුරදී සිදුවීමට ගිය දුම්රිය අනතුර ගැන හොයන්න කමිටුවක් ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවීමට ගොස් ඇතැයි කියන දුම්රිය අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුකමිටුවක් පත්කර ඇත. 23 August 2018
සමෘද්ධි නිලධාරීන් ස්ථිර කරන බව ඇමැති හැරිසන් කියයි සමෘද්ධි නිලධාරීන් මේ වසරේදී ස්ථිර කිරීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
අමරදේව අනුස්මරණ කේන්ද්‍රය පිහිටුවන පනත සම්මතයි හෙළයේ මහා ගාන්ධර්ව ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අනුස්මරණය කිරීම සඳහා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටුවීමට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂ පනත් කෙටුම්පත මැතිසබයේදී අද (23) සම්මතවිය. 23 August 2018
බදුල්ලේ විදුහල්පතිනිය දණගැස්වීම ගැන පරස්පර ප්‍රකාශ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගැනීමට බල කර හෝ දණ ගස්සවා නොමැති බව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් පැවැත්වූ විමර්ශන වාර්තාවේ සඳහන්වේ. 23 August 2018
බන්ධනාගාරයේ ස්ථාන මාරුවල වෙනසක් නෑ - සාරතී දුෂ්මන්ත වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධීන්වලින් පසුව වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවූණු එහි නිලධාරීන් 25 දෙනාගේ ස්ථාන මාරු කිසිවිටෙකත් අවලංගු නොකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
කලා නිර්මාණ වාරණය ගැන යලි සිතන්නැයි මුදල් ඇමැති ඉල්ලයි ඇතැම් කලා නිර්මාණ සඳහා වාරණ හා සීමා පැනවීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන්න යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවැසීය. 23 August 2018
මං කෙළින් මිනිහෙක් නාට්‍යයේ තහනම ඉවතට අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය සඳහා නිකුත් කර තිබූ තහනම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කරනු ලැබ තිබේ. 23 August 2018
පීසීලාට ලිංගික බලපෑම් කළැයි පොලිස් පරීක්ෂකට ඇප පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට ලිංගික බලපෑම් කළැයි සැකපිට ලුණුගල පොලිසියේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකු වන පොලිස් පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 23 August 2018
අතුරුදන්වූවන් පිළිබඳ අතුරු වාර්තාවක් ලබන 30 වැනි දා විවිධ කාලවකවානු වලදී මෙරටේදී අතුරුදන් වූ සහ බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැකසූ අතුරු වාර්තාවක් ලබන 30 වැනිදා එළිදක්වන බව එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය. 23 August 2018
රිෂාඩ්ගේ පක්ෂයත් සීමා නිර්ණයට එරෙහි වෙති පළාත් සභා මැතිවරණ නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට අදාළව හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සීමා නීර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව රජයේ පාර්ශ්වකාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කරයි. 23 August 2018
තෙල් සංස්ථාව බේරාගෙන්න ඇමැති සේවකයන්ගෙන් උදව් ඉල්ලයි ආයෝජකයන් ඇතිව හෝ නැතිව ආයතන විකුණනන්නේ කොයි මොහොතේ දැයි බලා සිටින බැවින් ඛණිජ තෙල් සංස්ථාවට ඒ ඉරණම අත් කර නොදී ආයතනය රැකගන්නට තමන් සමඟ එක්වන්නැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය. 23 August 2018
අපයෝජන සිද්ධියට ඇල්ලූ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ් උසස් පෙළ විභාගයට පෙනීසිට නිවසට පැමිණෙමින් සිටි පාසල් සිසුවියක පැහැරගෙනගොස් අපයෝජනයට කළැයි සැකපිට අත්අඩංගුවටගත් කිලිනොච්චිය දිස්ත්‍රික් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ මිතුරා ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා අද නියෝග කළේය. 23 August 2018
ආදායමටත් සෞඛ්‍යයටත් හරියන මත්පැන් ඕනෑ - වාසු ජනතාවගේ ආදායමට ගැළපෙන හා සෞඛ්‍යයට හිතකර මත්පැන් වර්ග තිබිය යුතු බව එක්සත් ජනාතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
ගෝඨා කැඳවීම වැරදියි - නිකුත් කළ නොතීසිය යළි කැඳවයි තංගල්ල වීරකැටිය මැදමුලූන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කළ නොතීසිය අවලංගු කළ කොළඹ ප්‍රධාන මහේත්‍රාත් රංග දිසානායක මහතා එය ආපසු කැදවීමට නියෝග කළේය. 23 August 2018
හල්දුම්මුල්ලට අද පස්වරුවේ අයිස් වැස්සක් හල්දුම්මුල්ල, ගිනිගත්ගල, කිරිමැටිය ප්‍රදේශවලට අද (23) පස්වරු 2.30ට පෙර පමණ අයිස් වැස්සක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති. 23 August 2018
සීමා නිර්ණය කමිටු වාර්තාවට ඒකාබද්ධයේ විරුද්ධත්වය නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සීමානීර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 23 August 2018
නිශාන්ත - කපිල දෙදෙනාගෙන් පැය 8ක් ප්‍රශ්න කරති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීහු අද (23) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ ලබාගත්හ. 23 August 2018
රජයේ තොරතුරු සන්නිවේදන ප්‍රතිපත්ති සංශෝධනය කෙරේ රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති හා ක්‍රියාවලිය හෙවත් ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය සංශෝධනය කෙරෙන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. 23 August 2018
ජනපති-දුම්රිය වෘත්තීය සමිති නියෝජිත අතර සාකච්ඡාව අසාර්ථකයි දුම්රිය වෘත්තිය සමිති ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ අතර අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 23 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026