( රංජිත් රාජපක්ෂ )
නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව, හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර, ඒ අසළ පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් තිබේ.
මීට දින කිහිපයකට ප්‍රථම එම ප්‍රදේශය නායයාමට සක්‍රිය වීමත් සමඟම ජාතික ගොඩනැලි ආයතනයේ නිර්දේශයක් මත එහි පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත් කළේය.
එම ප්‍රදේශය නායාමට සක්‍රිය විමත් සමඟ එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර කිරීමටත් මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමටත් නොර්වුඩ් පොලිසිය පියවරගෙන තිබුණි.
නායයාම ආරම්භ වූ ස්ථානය මගහැර ඊට ඉහළින් වූ තේ වත්ත මැදින් පාගමනින් මගීන්ව යෙදවීමට පොලිසිය කටයුතු කර තිබුණි.
ප්‍රධාන මාර්ගය ගිලා බැසීමත් සමඟ නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය යන ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතයට ගැටළු රැසක් මතු ව ඇත.
නායයාම සක්‍රිය වී ඇති ස්ථානය නිරීක්ෂණ කිරීම සඳහා ඊයේ (15) එම ස්ථානයට පැමිණි කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා අවතැන් වූ පවුල් 5 සඳහා රජය මගින් නොර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ඉඩමක නිවාස ඉදි කරදීමට කටයුතු කරන බව පැවසීය.
නාය යාමෙන් අවතැන් වුවන් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව නතර කර ඇත.











2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් බලංගොඩ මාර්ගය ගිලා බසී
Udaya Monday, 15 October 2018 04:52 AM
ජීවිත සහ වැලැක්විය හැකි දේපල විනාශයන් ඇතිවීමට පෙර ගත් තීරණවලට වගකිවයුතු අයට, ඒවා ක්‍රියාත්මක කල අයට සහ එම ආයතන වලට ප්‍රසංසා කරමි.
Bamunuarachchi Wednesday, 17 October 2018 04:52 AM
ආර්ථික වශයෙන් මුළු රටම ගිලා බහිනවා එයට ප්‍රතිකර්ම දන්නා අයට රටත් බාර දුන්නොත් තමයි හොඳයි.