(සුජිත් හේවාජුලිගේ)
“කාගේත් වුවමනාව මම යන එක නම් සමුගන්න එක හොඳ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට ඊයේ (14) පැවැසීය.
පොලිස්පතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඕන බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ඔහු එසේ කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේද පැවසීය.
“දැන් ඉතින් හිටියා ඇති කියලා හිතෙනවා. මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා. කාගෙන්වත් එක ගල් කැටයක් අරගෙන නැහැ. මේවා දන්න අය දන්නවා. මම හරි හම්බ කර ගත්තේ මිනිස්සුයි, ආත්ම ගරුත්වයයි, නමයි විතරයි. මෙහෙම අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ.
මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අම්මගේ ආදරයයි පවුලේ සෙනෙහසයි විතරයි. සමහරු ෆේස්බුක් එකේ මගේ අම්මාගේ ෆොටෝ එකේ බෙල්ල කපලා වෙනත් මුහුණු දාලා අපහාස කළා. මට බණින එක ඉවසගන්න පුළුවන්. නමුත් අම්මට අපහාස කරපු එක දරන්න බැහැ. (පොලිස්පතිවරයා හැඟුම්බර වෙයි)
මම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්මගරුත්වයට මොකද වෙන්නේ. ඔබතුමා විශ්වාස කරන්න මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ.
මෙහිදී අප නැගූ ප්‍රශ්නවලට පොලිස්පතිවරයා දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය:- තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා ජනාධිපතිතුමා ඔබගෙන් ඉල්ලීමක් කර සිටියා ද?
පොලිස්පති:- නැහැ. එහෙම ඉල්ලීමක් කළේ නැහැ. නමුත් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ඇඟවීම මට තේරුණා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තුළ කළකිරීමක් තියෙනවා නම් මම මේ තනතුරේ ඉඳලා වැඩක් නැහැ.
ප්රශ්නය:- පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගන්නෙ නැතිව පොලිස්පති ඉවත් කරන්න බැහැ කියලා නීති විශාරදයන් කියනවා.
පොලිස්පති:- ඔව්, කට්ටියක් කියනවා බැහැ කියලා. තව කට්ටියක් කියනවා පුළුවන් කියලා. ඒ කතා ඕනෑ නැහැ. මම ගියාම ඉවරයිනේ.
ප්රශ්නය:- කවදද ඉල්ලා අස්වෙන්නේ.
පොලිස්පති:- තවම හිතා බලාගෙන යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ ලැබුණු හොඳ IGP
දැන් ඉතින් යන එක තමයි හොඳ .............
ඔහු අවංක බව පෙනේ.
ඔබතුමාගේ අවංකකම ගැන අපි කතාකරන්නේ නැහැ, නමුත් සමහර හැසිරීම් සහ වැඩ පොලිස්පතිවරයකුට ගැලපෙන්නේ නැති බවක් තමයි පෙන්නුම් කෙරුවේ. ඒ කොහොම උනත් රටේ පොලිස්පතිවරයා ඉවත්කරන එක මීට වැඩිය ශිෂ්ඨසම්පන්නව කරන්න තිබුන දෙයක්.
පූජිත් පොළිස්පති වුනාට ඒ විදිහට එයා හැසිරුනේ නැහැ. හේතුව උපතින්ම එයාට දායාදවෙලා තිබුනු නිහතමානීකම නිසා. පූජිත් ගෙදර ගියත් එයාට හොදින් නින්ද යනවා. මොකද එයාගේ හදවත හොද නිසා.
කාගේ කාගේත් හොද හෝ නරක තෝරාගන්න බැහැනේ දැන්, මහජනතාවට දවසින් දවස දෙන පටවන බර වහගන්න හැම සතියකට වරක් දාන තවත් නාට්‍යක් දෝ කියලා හිතෙනවා.
දාලා යන්න එපා මහත්තයෝ, අල්ලාගෙන ඉන්න
හොඳට වැඩ කරපු දක්ෂ නිලධාරියෙක්මි. අපේ මිනිස්සු මොනතරම් ගුණමකුද?
ඔබතුමාගේ හිත කියනවානම් 'මම වරදක් කලේ නැහැ' කියා යන්න එපා. බලන්න පුළුවනි නම් අස්කරන්න කියන්න. ඒ අයට ඒක කොහොමවත්ම කරන්න බැහැ. අපිට කරන්න දෙන්නෙත් නැහැ
අම්මට අපහාස කරපු එක කවදාවත් අනුමත කරන්න බැහැ. කොව්රු කලත් වැරදි. මේවා වෙන්න කලින් වග බලා ගතයුතුයි. නමුත් පුළුවන් තරම් ඉක්මනට ඉල්ලා අස්වීම තමා හොඳයි.
ට්‍රිනිටි විද්‍යාලයේ මිලියන දොළහට මොකද උනේ? නීතිය නවන හැටි අපි ඇස්දෙකටම දැක්ක. කිසිම ගරුසරුවක් නැතුව සංඝයා වහන්සේලාට කතා කරපු හැටි. තමන් මේවට නිවරදිකරුනම් කියන්න ඕනේ මේවා කලේ ඇයි කාගේ උවමනාවටද කියල. එහෙම කිව්වොත් අපි පිළිගන්නම් ඔබ අවංකයි කියල.
පොලිස්පති ජීවත්වන්නේ කුලී නිවසකද? බැංකු ණයක් අරන් හරි ටික ටික ගෙවන්න ගෙයක් ගන්න තිබ්බනේ.. ඔබතුමා රෝයල් නෙමේ නේද ගියේ? එකනේ රෝයල් එකට ගිය කෙනෙක් වුණානම් තත්වය වෙනස් වෙන්න තිබ්බා...
හොරුන් එක්ක ඉදල නරක නාමයක් ග ගන්නවට වැඩිය ඉල්ලා අස් වෙන එක හොදියි, ඔබ තුමාට ජය..
පුජිත ජයසුන්දර මහත්මයා අර්නෙස්ට් පෙරේරා වැනි හිටපු (1988-93) කෘර පොලිස්පති වරුන්ට සාපේක්ෂව ඉතාමත්ම හොඳ හදවතක් ඇති පොලිස්පති වරයෙක්. මෙතුමා කතාවේදී තරමක් පරිස්සම් වුණා නම් තව කාලයක් තනතුරේ වැඩ කර ගෙන ඉන්න තිබුණා.
රට පුරා කුඩු , හොරු ,පොලිසිය හිතේ හෙටියේ නීතිය නවනවා . සේරම එකයි........ රට විනාශ කරනවා...
යන්න එපා, ඉන්න. යන්න එපා.
පොලිස් නිලධාරියෙක් වුනහම ඔහොමද, ඕන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ශක්තිය තියෙන්න ඕන. ඔයා හොඳ මහත්තයෙක් මහත්තයෝ, තනතුර දාලා යන්න එපා එක එක්කෙනා කිව්වුවට.
අපේ මිනිසුන් හිතන හැටියට පොලිස්පතිවරයා මානයෙන් පිම්බී, සාමාන්‍ය මිනිසුන් සමග නොගැවසමින් සිටි කෙනෙක් වුනානම් ඔහු තනතුරට ඉතාමත් හොඳින් ගැලපෙන කෙනෙක්. නමුත්, පූජිත් ජයසුන්දර සාමාන්‍ය මිනිසුන් සමග කතා බහ කරමින් රාජකාරියේ යෙදුන කෙනෙක් බැවින්, ඔහු තනතුරට නුසුදුසු පුද්ගලයෙකු වුණා. මෙය ඉතාමත් කණගාටුදායක කරුණක්.
එක වැරදි මතයක් පොලිස්පතිතුමනි... ඔබතුමාගේ පත්වීම පක්ෂ දේශපාලන පත්වීමක් නොවේ. දේශපාලකයෝ එනවා යනවා මහජනයාගේ ඡන්දෙන් ඔබතුමා රටට වගකියන රටේ, සාමයට වගකියන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න යටිතල පහසුකම් සපයන රටේ ඉහළම පෙලේ සිටින රාජ්‍ය නිලධාරින් අතර සුවිශේෂී නිලධාරියෙක්... උගත්කමින් පලපුද්ද අතින් රාජකාරි තුළින් කීර්තිමත් නිල දරුවෙක් මේ තුන් ලෝකේ ප්‍රශ්න නැති කෙනකු නැත. ඉවසීම, විඳදරා ගැනීමේ හැකියාව භාවනාව තුලින් ප්‍රගුණ කරන්න ජීවිතේට මුහුණ දෙන්න ප්‍රශ්න තුලම හිඳගෙන ඉවසීමෙන් බුද්ධියෙන් පලපුරුද්ද තුළින් විසඳුම් සොයා ක්‍රියාත්මක කරන්න ඔබතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්තාදායක සභාවකින් 19 වන සංශෝධනයෙන් පත්වූ ප්‍රථම පොලිස්පති බව සිතන්න ප්‍රශ්නයකදී පැනයාම තුළ වැරදිකරුවකු වීමේ ප්‍රවණතාව වැඩියි. ලැබුණු කාලය අවසන් වනතුරු රාජකාරියේ රැඳීසිටීම නිවැරදි මගයි මගේ හැගීම... ඔබතුමාට දළදා සමිඳු පිහිටයි.
මුහුණත් එක්ක තරහ වී නහය කපාගන්න එපා පොලිස්පති තුමනි...,
අපි කියන්නේ නියමිත් කාලය අවසන් වනතුරු ඉන්න.
ඔබතුමා ගියා කියන්නේ... අගමැතිතුමාගේ ධුරය, ජීවිතය, කීර්තිය අනතුරේ...
ඉන්න ඉඳලා නීතිය අකුරටම රකින්න..
යන්න එපා ඉන්න දෙයියෝ ...!!!
ඔබතුමා ගියොත් රට ඉවරෙටම ඉවරයි.
එ්ක වැරදි කතාවක් පොලිස්පතිතුමනි... ඔබතුමාගේ පත්වීම පක්ෂ දේශපාලන පත්වීමක් නොවේ. දේශපාලකයෝ එනවා යනවා මහජනයාගේ ඡන්දෙන් ඔබතුමා රටට වගකියන රටේ සාමයට වගකියන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න යටිතල පහසුකම් සපයන රටේ ඉහළම පෙලේ සිටින රාජ්‍ය නිලධාරීන් අතර සුවිශේෂී නිලධාරියෙක්... උගත්කමින්, පලපුද්ද අතින් රාජකාරිතුළින්, කීර්තිමත් නිල දරුවෙක්... මේ තුන් ලෝකේ ප්‍රශ්න නැති කෙනකු නැත. ඉවසීම, විඳදරා ගැනීමේ හැකියාව භාවනාව තුලින් ප්‍රගුණ කරන්න ජීවිතේට මුහුණ දෙන්න ප්‍රශ්න තුළම හිඳගෙන ඉවසීමෙන් බුද්ධියෙන් පලපුරුද්ද තුළින් විසඳුම් සොයා ක්‍රියාත්මක කරන්න. ඔබතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවකින් 19 වන සංශෝධනයෙන් පත්වූ ප්‍රථම පොලිස්පති බව සිතන්න. ප්‍රශ්නයකදී පැනයාම තුළ වැරදිකරුවකු වීමේ ප්‍රවණතාව වැඩියි. ලැබුණු කාලය අවසන්වන තුරු රාජකාරියේ රැඳී සිටීම නිවැරදි මගයි මගේ හැගීම... ඔබතුමාට දළදා සමිදු පිහිටයි.
ඔබතුමාට තෙරුවන් සරණයි රට රකින්න...
යන්න කලින් හොරු අල්ලලා අධිකරණය හමුවට ගේන්න..
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්න සර්...
විටෙක රජෙක් වගේ, විටෙක හිඟන්නෙක් වගේ, විටෙක විකටයෙක් වගේ, විටෙක තපස්වරයෙක් වගේ, විටෙක දේශකයෙක් වගේ, විටෙක සමාජ සේවකයෙක් වගේ, විටෙක නායක හාමුදුරුවේ කෙනෙක් වගේ, විටෙක ගුරුවරයෙක් වගේ, විටෙක ගායකයෙක් වගේ, විටෙක දේශපාලකයකු වගේ, විටෙක පාසල් දරුවකු වගේ, විටෙක රාලහාමි කෙනෙක් වගේ, විටෙක නීති විශාරදයෙක් වගේ, ඔව් ඔබ තමයි ඉතා සුදුසු පොලිස්පති තුමා... නිදුක් නිරෝගී වේවා!!!
රටේ පිනට පහල වූ මේ පොලිස්පති ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ යුතුකමක්
දළදා සමිදු පිහිටයි පොලිස්පති තුමාට
ඔබතුමාට අපි ආදරෙයි යන්න එපා ඉන්න පොලිස්පතිතුමනි!
ගරු පොලිස්පතිතුමනි ඔබතුමා යන්නේ ඇයි? එපා යන්න අපි ඔබතුමා සමගයි !
මෙතුමා රටට පම්පතක් යන්න එපා
ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි
මෙතුමාට ජයවේවා ..!!!