(අංජුල මහික වීරරත්න)
“මිල සූත්‍රය අමුතු දෙයක් නොව ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වැඩි වීම මත මෙරට තෙල් මිල තීරණය කිරීමයැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුවේදී පැවසීය.
“බොහෝ රටවල් දිනෙන් දිනටද තවත් රටවල් සතියෙන් සතියට සහ ඇතැම් රටවල් මාසයෙන් මාසයට ඉන්ධන මිල වෙනස් කිරීම් කරන්නේ යැයි”ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
සූත්‍රයේ වරද නිසා ඉන්ධන මිල වැඩිවෙනවා යැයි ඇතැමුන් පැවසුවද එවැනි සූත්‍රයක් ගැන තමන් නොදන්නා බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අවුරුද්ද අවසානයේ චීනය, ඉන්දියාව සහ ජපානය නිෂ්පාදනය වැඩිවූ නිසාත්, යුරෝපයේ ශීත කාලය එළැඹ තවත් මාසයකට තෙල් අවශ්‍යතාවය ඇතිවූ හෙයිනුත් තෙල් මිල ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දුන්නේය.
ඉල්ලුම වැඩිවන විට සැපයුම වැඩි කරනවා වෙනුවට ඇමෙරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවීම නිසා අර්බුදය තවත් උග්‍ර අතට හැරී තිබෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තෙල් නිෂ්පාදනය කරන රටක් වන වෙනිසියුලාවේ කඩාවැටීමද ලෝක ඉන්ධන මිල ඉහළ යාමට බලපානු ඇතැයිද කියා සිටියේය.
“මෙවැනි ලෝක තත්ත්වයක් තිබියදී සූත්‍රයකින් කළ හැක්කේ කුමක් දැයි ප්‍රශ්න කළ අග්‍රාමාත්‍යවරයා ලෝකයටම බලපාන ප්‍රශ්නයට මුහුණ දෙනවා මිස එයින් පැන යන්නට හැකියාවක් නැතැයි” කීය.
මිල සූත්‍රය ගණනය කිරීමේදී ඛණිජ තෙල් ගොඩබෑමේ පිරිවැයට මුළු මෙහෙයුම් පිරිවැය එකතුවන අතර ජැටි හා නළ මාර්ග ගාස්තු මෙන්ම වාෂ්පීකරණය නිසා ඉවත්වන ඛණිජතෙල් වල පිරිවැය ප්‍රවාහන විකිණුම් පරිපාලන හා තොග ගබඩා පිරිවැයද අලෙවි නියෝජිතයන්ගේ කොමිස් පිරිවැය රේගු බදු, තීරු බදු ගෙවන්නට සිදුවන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගල්ගමුව-ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඇහැටුවැව බණ්ඩාරනායක මහ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මිල සූත්‍රයෙන් පැනයන්න කිසිම උවමනාවක් නැත. උසස් ගණිතය නොදන්නා ඔබලාට ඔය සූත්තරය නොතේරුනාට ගණිතය උගත් ජනතාවට ඔය සූත්තරය තේරුම් ගැනීමට පුළුවන. කරුණාකර ඔය සූත්තරය මොකක්ද කියා ජනතාවට කියන්න. අනික ඔය සූත්‍රය සැදු නිලධාරීන් රොකට් විද්‍යාඥයෝ නොවන බව අපි හොඳටම දන්නවා. ඔවුන් පමණක් දන්නා අපි නොදන්නා සූත්‍රයක් මේ සක්වලේ තිබෙන්නෙට බැරිය. අපිට දැන ගන්න ඕනේ මෙය ප්‍රෝඩාවද කියාය.
ලෝක තෙල් මිල වැඩි උනාම නල ගාස්තු වැඩිවෙන්නේ නැත. තොග ගබඩා පිරිවැය වැඩිවන්නේ නැත. ගොඩ බෑමේ පිරිවැය එකතු වෙන්නේ නැත. නමුත් නුඹලා අතින් වෙන නාස්ත්තිය. නිලධාරීන්ට ගෙවන අතිරේක මුදල් යනාදිය වාෂ්පී කරන පිරිවැයට එකතු කරනවාදැයි ජනතාවට බලා ගන්නට උවමනාය.
හිගානොකා හිගකන වැටුපක් ලැබෙන අපිට පිටරට යට වගේ ලොකු වැටුපක් ලැබෙනවානම් මොන සූත්‍රය හරි කමක් නැහැ.
2020 දී මාසයේත් වෙනසක් වෙනවාමයි. ඊළඟ පාර විපක්ෂ නායක ධූරයත් නැතිවෙන ලකුණු. ලෝකේ අනිකුත් රටවල්වල සූත්‍ර ක්‍රමය තිබුණාට බඩු මිල සහ ජීවන වියදම් වැඩි වෙන්න නැහැ.... මෙහේ එහමනං බස් ගාස්තු, බේකරි නිෂ්පාදන ඇතුළු සේරම මාසෙන් මාස වැඩි වෙනවා. බුද්ධියක් තිබුණ නේ.
මේ ආණ්ඩුවට සූත්‍රයයක් දාල පන්නන්න බැරිද? වැඩක් කරන්නෙම නැහැ............. මුකුත් නොකර පාරවල් ටික විතරක් හදන්න.............
හුරේ ලක්ශ 62 තවත් තෑගි. මරේ මරු. නොතෙමී යන්න කාර් ගන්න හිටපු ලක්ශ 62 ට අන්තිමේදි සතියෙන් සතිය වැඩි මිලට තෙල් ගහන්න ලැබෙන එක නියමයි නේද. අපි අත්පුඩියක් ගහල ඔවුන්ට සුබ පතමු. ඔබට සතුටුයිද දැන්....
ලංකාව වැනි රටකට ලෝක වෙළෙඳපොලේ මිල අනුව සැමවිට වෙනස්වෙන නම්‍යශීලී වන මිල සූත්‍රයක් ගැලපෙන්නේ නැහැ. ඊට හේතුව නම් ප්‍රවාහන ගාස්තු මත තීරණය වෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් වල මිල ගණනුත් ඒ සමගම වෙනස් වීම නිසයි. මෙහිදී බොහෝවිට සිදුවන්නේ ඉන්ධන මිල ඉහළ යනවිට වෙළෙඳුන් භාණ්ඩ සහ සේවාවන්වල මිල ඉහළ දමන අතර, ඉන්ධන මිල පහත වැටුණු අවස්ථාවලදී එහි ලාභය පාරිභෝගිකයාට ලබාදීමට මැලිවීමයි. ලංකාවට වඩාත් ගැලපෙන්නේ වසරකට පමණ බලපැවැත්වෙන දිගු කාලීන ස්ථාවර ඉන්ධන මිලක්... එය සෑම වසරක් වැනි දිගු කාලයකදී සංශෝධනය කිරීම වඩාත් යෝග්‍යයි සිතමි.
රනිල් මහත්තයෝ ඔබතුමාලගේ පක්ෂය නැවත ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැතුව වගේ?