කොළඹ ප්රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරේ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනය එළිදක්වා වසර 20ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (27) පෙරවරුවේ ආරම්භ විය. 27 September 2018
පිදුරංගලදී අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ් පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළේය. 27 September 2018
රාගම දුම්රිය හරස් මඟේ අනතුරින් දෙන්නෙක් මරුට:දෙන්නෙක් රෝහලේ රාගම දුම්රිය හරස් මාර්ගයේදී මහනුවර සිට මාතර දක්වා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ සිව් දෙනකු ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි රාගම පොලීසිය කියයි. 27 September 2018
නව බන්ධනාගාර නියාමක පත්වීම ලබාදීම ප්‍රමාදයි රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැයකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගනු ලැබූ ආධුනික නියාමකයින් 1200කට පත්වීම් ලිපි ලබාදීම දැනට මාස 4ක් තිස්සේ ඇණහිට ඇතැයි වාර්තා වේ. 27 September 2018
බිරියගෙන් කොසු පහර කෑ දොස්තරට අනියම් බිරියෝ 5 ක් දරුවෝ 13 ක් තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නිත්‍යානුකූල බිරියට අමතරව අනියම් බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය. 27 September 2018
මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දියානුවා මානසික රෝගියෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 27 September 2018
සමෘද්ධි කොමසාරිස් ජනරාල් ඉවත් කිරීමට එරෙහිව සංගම් විරෝධය සමෘද්ධි කොමසාරිස් ජනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා ඉවත් කිරීමට එරෙහිව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් 24000ක් ලබන 2දා සිට රටපුරා විරෝධතා ව්‍යාපාරයෙන් ආරම්භ කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා පැවසීය. 27 September 2018
නාමල් කුමාරගෙන් සීඅයිඩියට තවත් හඬපට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළ තවත් හඬ පට සහ එම කුමන්ත්‍රණයට අදාළව ප්‍රංශයේ සිට මුදල් එවූ බවට සඳහන් රිසිට් පත්‍රවල පිටපත් සහිත සී ඩී තැටියක් දූෂණ විරෝධී බළකායේ විධායක අධ්යක්ෂ නාමල් කුමාර මහතා විසින් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත. 27 September 2018
බන්ධගාර ත්‍රිත්වයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය වැලිකඩ,කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර ත්‍රිත්වයේ ආරක්ෂාව හා පරීක්ෂා කිරීම් ලබන මාසයේ සිය පොලිස් විශේෂ කාර්ය බළකාය යටතට පවරා ඇතැයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. 27 September 2018
එජාප නාගරික මන්ත්‍රීවරුන් හයකට එරෙහි විනය ක්‍රියාමාර්ග නවත්වන්න නියෝග ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හය දෙනෙකුට එරෙහිව ඒක පාර්විශ්වීය ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම හා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂ නායකයා , එම පක්ෂයේ මහලේකම්වරයා සහ පක්ෂය විනය කමිටුවට එරෙහිව අද (26) වාරණ නියෝගයක් නිකුත් කළේය. 26 September 2018
රටේ අර්බුද ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි රටේ ජාතික ආරක්ෂාව කඩාවැටී රාජ්‍ය නායකයන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවී තිබීම හා ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පැවැත්වීම සඳහා ලබන සතියේදී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය අද (26) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 26 September 2018
ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක් තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප්‍රධාන නිළධාරියා රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය. 26 September 2018
දරුවකු අපයෝජනය කළැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ් බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු ඔක්තෝබර තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් කේ සිරි හේරත් මහතා නියෝග කළේය. 26 September 2018
හොරෙන් ලංකාවට පනින්න හැදූ සරණාගත කතක් අල්ලයි මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහදැරූ ලාංකික සරණාගත කාන්තාවක ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළ තීරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය ඒ.එන්.අයි.පුවත් සේවය අද (26) වාර්තා කළේය. 26 September 2018
යෝෂිතට නඩු පැවරීමට නීතිපති උපදෙස් විමසයි මුදල් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණීය වූ ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපෙදස් සඳහා උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) දැනුම් දුන්නේය. 26 September 2018
අතුරුදන් වූ ධීවර යාත්‍රා සොයා ගැනීම සඳහා නව උපකරණයක් අතුරුදන් වූ ධීවර යාත්‍රා සොයා ගැනීම සඳහා නව උපකරණයක් මෙරට ධීවරයින්ට හඳුන්වා දීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 26 September 2018
සෝමාවතියේ අනවසර වගාකරුවෝ ඉවත් කරති සෝමාවතිය ජාතික උද්‍යානයේ වේරගොඩයාය ප්‍රදේශයේ අනවසරයෙන් වගා කළ ගොවි බිමි වලින් ගොවින් ඉවත් කර ගොවි බිමි විනාශ කර දැමීමට කටයුතු අද (26) දින අධිකරණ නිළධාරින් විසින් සිදු කළේය 26 September 2018
20 ට එකඟ බව සාධාරණ සාමජයක් ව්‍යාපාරය කියයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා එකඟ වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි. 26 September 2018
පළමුපෙළ ජේලර්වරු 56කට ස්ථානමාරුවීම් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර මූලස්ථානය විසින් පළමු පෙළ ජේලර්වරුන් 56දෙනෙක් ස්ථාන මාරු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 26 September 2018
‘කාදිනල්තුමා සම්බන්ධව ඇමැති මංගලගේ ප්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද රටට හෙළි කරන්න ‘ මංගල සමරවීර මහතා කාදිනල්තුමා සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය. 26 September 2018
බන්ධනාගාර රෝහලෙන් පැන යන්න යෙදු උපාය වරදී වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 5 මානසික රෝගී වාට්ටුවේ රැඳවියන් 5දෙනෙක් එහි සිරකුටියක දැළක් කපා පිටතට පැන යාමට කළ උත්සාහයක් එහි නිලධාරීන් විසින් වළකා ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 26 September 2018
මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිළ ඉහළට කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් වැඩි කිරීමට පාරිගෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබේ. 26 September 2018
ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි රුපියල් 3000ක ගාස්තු අයකිරීමක් යටතේ ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද(26) පියවර ගත්තේය. 26 September 2018
ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශිය පත්වීම්වලට දේශපාලන බලපෑම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් 116 දෙනාටම පත්වීම් ලබාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබියදී ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය හිතාමතාම එම කටයුත්ත කල් දමන්නට කටයුතු කරමින් සිටින බවට අමාත්‍යංශයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 26 September 2018
කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරිනු ලැබු වයස අවුරුදු 23 ක කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(26) මරණ ද`ඩුවම නියම කළේය. 26 September 2018
පුද්ගලයින් 11 අතුරුදන් වීමේ සිද්ධියට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන් වගකිවයුතු යයි ප්‍රකාශයක් පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ කොමදෝරු සුමිත් රණසිංහ මහතා යන අය වගකිව යුතු යැයි විශ්‍රාමික රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26)කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනි බද්දේගල මහත්මිය හමුවේ සඳහන් කළේය. 26 September 2018
කෘෂිකර්ම ඇමතිගේ යෝජනාවට ජාතික සංගම් එරෙහිවෙති වල් ඌරු මස් ප්‍රවාහනය කිරීමට හා විකිණීමට නීතිමය අවසර ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා කර ඇති යෝජනාව වහාම නතර කරන ලෙස සිංහලේ ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් රජයෙන් ඉල්ලා සිටී. 26 September 2018
පිඳුරංගල ගලමත නිරුවත් ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට පිදුරංගල ගල මත නැඟ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 26 September 2018
‘ගෝල් මැරීනා‘ සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් කමිටුවේදී සාකච්ඡා කරන්න ‘ ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන ගෝල් මැරීනා සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ලක්කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 26 September 2018
අ‘පුර ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසීයැයි නඩුව ලබන වසරට කල් යයි රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනිමේ මුවාවෙන් පැමිණි තමාට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කර එක් ඇසක් අන්ද කර අනෙක් ඇසට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදු නිසා සිදු වූ හානිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පවරා ඇති නඩුවක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් චමරී ධනන්සූරිය මෙනවිය මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 18 වන දා 26 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026