උසස්වීම් දීමේ අසාධාරණය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු ජනපතිට ලියති ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් අමතක කර ප්‍රබල ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් ලෙස කටයුතු කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකු ජාතික පොලිස් කොමිසම මගින් අසාධාරණ අන්දමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇතැයි සඳහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 30 September 2018
ජලභීතිකා රෝගය යළි පැතිරීමේ අවදානමක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ජල භීතිකා මර්ධන වැඩසටහන වසර දෙකක කාලයක සිට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබීම හේතුවෙන් සුනඛයන් එන්නත් කිරීම නිසි පරිදි සිදු නොවන බවත් මේ හේතුවෙන් රටපුරා ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ දැඩි අවධානමක් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය පවසයි. 30 September 2018
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට සපත්තු දෙකක අඩිය තුළ සඟවා තිබු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අද (30) පිළියන්දල බටකැත්තර දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 30 September 2018
ආනයනික සීමා හේතුවෙන් වාහන ආනයනකරුවන් අසීරුතාවක ආනයනය කිරිම සදහා රජය පනවා ඇති සීමාවන් හමුවේ වාහන ආනයන කරුවන් දැඩි අසීරුතාවයකට ලක්වන බව ශ්‍රි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය. 30 September 2018
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනයට පියවර ඉදිරි වසර විස්සක කාලයක් සඳහා මෙරට දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට ලබාදිය යුතු දායකත්වය හඳුනාගෙන ඒ සඳහා කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය ත්‍රිත්ව 30 September 2018
වැලිගම්පිටියේ වෙඩි තැබීමක් කදාන වැලිගම්පිටියේ දී මෝටර් රථයකින් පැමිණි කාන්තාවකට තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් එම කාන්තාව තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 30 September 2018
‘ගම් පෙරළියෙන්‘ ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 6450 ක් ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් සහ විමධ්‍යගත ප්‍රතිපාදන මගින් මගින් ග්‍රාමීය සංවර්ධනය සදහා රජය රුපියල් කෝටි 6450 කට අධික මුදලක් ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. 30 September 2018
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අල්ලයි රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (30) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබු ලැබීය. 30 September 2018
පොලිස් පරික්ෂකට මරු කැඳවු වෛද්‍යවරිය රිමාන්ඩ් අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් පදවා බොරැලැස්ගමුවේ දී මාරක රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරිය ලබන මස 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය අද (30) නියෝග කළාය. 30 September 2018
බොරලැස්ගමුවේ අනතුරකින් පොලිස් පරීක්ෂකයෙක් මරුට බොරැලැස්ගමුවේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 30 September 2018
ජනපති යළි දිවයිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද (30) අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 30 September 2018
ආනයන සඳහා රජය සීමා පනවයි ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ. 29 September 2018
විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාවට රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල අද (29 වැනිදා) සමත් විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දියාවේ පූනේ විශ්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල එම ශූරතාවට හිමිකම් කීවේය. 29 September 2018
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 6 ක ජයක් බංග්ලාදේශයේදී පැවැත්වෙන 19 ක් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බංග්ලාදේශය කඩුලු 6 කින් පරාජය කරන ලදි. බංග්ලාදේශය 141 යි. ශ්‍රී ලංකාව 6/144 යි 29 September 2018
ගලහ රෝහලේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට පසුගිය ජූලි විසි අටවන (28) දින ගලහ රෝහලට පහරදුන් සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු අද (29) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායම ක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 29 September 2018
ඉන්දුනීසියාවේ සුනාමියෙන් 384ක් මරුට ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් හටගත් සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ. 29 September 2018
කටුනායක ගුවන් තොටුපොළේ සේවකයින් හදිසි වැඩ වර්ජනයක කොළඹ වරාය ආශ්‍රිතව සිදු කෙරෙන බරපතළ හොර බඩු ජාවාරමක නියුතු සැමියා පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සන්නිවේදන අංශයේ සේවිකාවක් ශ්‍රී ලංකා රේගුවේ දත්ත සැකසුම් අංශයේ නිලධාරීන් පිරිසක් අද (28) ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත ඇයව රැගෙන ගොස් තිබේ. 28 September 2018
නඩු දැමූ සයිටම් සිසුවිය ලියාපදිංචි කරන්න යයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිපදිමින් මල්ශානි සුරියආරච්චි නැමැති සයිටම් වෛද්‍ය උපාධිධාරිනිය ලියාපදිංචිය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්නැයි දන්වා යැවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (28) තීරණය කර තිබේ. 28 September 2018
‘‘ප්රජාතන්ත්රවාදයක මුල්ගල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහසයි‘‘ ඕනෑම ප්රජාතන්ත්රවාදයක මුල්ගල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහස යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 28 September 2018
නාලක ද සිල්වාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලැයි කියන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණය වෙත ලබා දෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා පැවැසීය. 28 September 2018
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව බලයේ රස වැටුණම අමතකයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වන සියලු දෙනා බලයේ රස වැටුණු පසු තමන් දුන් පොරොන්දුව අමතක කරන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා අද (28) පස්වරුවේ පැවැසීය. 28 September 2018
පොලිස්පතිගෙන් පැය 3 ක් ප්‍රශ්න කරයි මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව 28 September 2018
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මීරිගම සහ පල්ලෙවෙල අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ අවහිරතාවයක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු ඇණහිට ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 28 September 2018
අඹේපුස්ස සෙබළාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ගේ සේවය අත්හිටුවයි අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුරු භූමියේ පිහිටි ‘‘සම්මානීය මුරකුටියේ ’’රාජකාරියේ යෙදී සිටි සෙබළාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඔහුගේ රාජකාරී ගිනි අවිය පැහැර ගැනීමේ සිද්ධිය 28 September 2018
‘මිල සුත්‍රය ලබා ගැනීමට මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා‘ මිල සූත්‍රය ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද(28) කොළඹදී පැවැසීය. 28 September 2018
ගෝඨාට එරෙහි අතුරු නියෝගය දෙසැ. 5 දක්වා දිගු වෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් මස 5 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය. 28 September 2018
‘පාර්ලිමේන්තු හදිසි රැස්වීම ගැන අගමැති දැනුම් දී නෑ’ පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස අගමැතිවරයා මෙතෙක් දැනුම් දී නැතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය. 28 September 2018
‘දේශපාලකයින් ඉදිරියේ කොන්ද නමන්න එපා’ දේශපාලකයන් අතර කුඩු විකුණන්නන් මිනීමරුවන් පවා සිටිය හැකි බැවින් ඔවුන්ට වදින්න එපා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාසල් සිසු දරුවන් ගෙන් ඉල්ලා සිටියේය. 28 September 2018
ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් දිනක වියදම ලක්ෂ 35 ක් හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආක්ෂාවක් ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය වන බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසීය. 28 September 2018
ජීවිත තර්ජන ඇති හිටපු ජනපති-ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසගේ ආරක්ෂාව වැඩිකරන්න ජීවිත තර්ජන මතුව තිබෙන හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට රජය වහාම ක්‍රියාත්මක වියයුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (28) පැවසීය. 28 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026