ලොකු ලුණූ වලට සහතික මිලක් හොදින් වේලූ ලොකු ලුණු කිලෝවක් රුපියල් 80 සහතික මිලක් යටතේ මිළදී ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සතොස සභාපතිවරයාට අද (28) උපදෙස් දුන්නේය. 28 September 2018
ගාමිණී සෙනරත්ගේ නඩුව ඔක්තෝබර් 30 සිට විභාගයට නීතීවිරෝධී ක්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද 28 September 2018
රවි කරුණානායකට එරෙහි විමර්ශන අත්හිටවූ නියෝගය ගැන අවසන් තීන්දුව 4 දා මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ වැරදි සාක්කි ලබා දුන්නැයි චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනවලට අධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවා තිබු නියෝග තව දුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 04 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (28) නියෝග කළේය. 28 September 2018
අභියාචනා රීති අනුගමනය නොකළ බැවින් නඩු දෙකක් නිෂ්ප්‍රභ කෙරෙයි සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර සිටි ඉන්දීය ජාතික ආයෝජකයකු විසින් මීගමුව පළාත් බද මහාධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අභියාචනා රීති අනුගමනය නොකර නඩු පවරා තිබීම මත ඒවා 28 September 2018
හිටපු ජනපති සිංගප්පුරු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. 28 September 2018
ආප්පයත් ගණන් උස්සයි ගෑස් මිල, පිටි මිල හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 28 September 2018
කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ගුවන් සමාගමේ තීරණයක් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම තීරණය කර ඇත. 28 September 2018
ඥානසාර හිමිගේ අභියාචන පෙත්සම සලකා බැලීම කල්යයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන මස 05 වනදා දක්වා කල් තබන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(28) තීන්දු කළේය. 28 September 2018
පොලිස් ලොක්කන්ගේ දුරකතනවලට හොරෙන් සවන්දීලා ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසුව පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකුගේ දුරකථන ඇමතුම්වලට හොරෙන් සවන් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් ‘ලංකාදීපය’ට දැනගන්නට ඇත. 28 September 2018
‘චෝදනා එල්ල වු පලියට පොලිස්පතිව ඉවත් කරන්න බැහැ‘ චෝදනා එල්ල වූ පලියට පොලිස්පතිතුමා කනෙන් අල්ලා එළියට දැමීමේ හැකියාවක් නැති බවත් පරීක්ෂණවලින් ඔහු වරදක් කර ඇතැයි ඔප්පු විය යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවැසීය. 28 September 2018
නාලක ද සිල්වා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට සුළු වේලාවකට පෙර කටහඬ සාම්පලයක් ලබා දීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණියේය. 28 September 2018
පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙකුට මරණ දඬුවම් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පවරා තිබු නඩුවක් විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය එම නඩුවේ විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම නියම කළාය. 28 September 2018
ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඞ් කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගායක දමිත් අසංක නමැති අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රිමාන්ඞ් කරන්නැයි වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා ඊයේ (27) නියෝග කළේය. 28 September 2018
ගිනි අවි-මත්කුඩු සමඟ තවත් පාතාලයෙක් අල්ලයි මරදාන ගුවන් පාලම අසළදී පාතාල සාමාජිකයෙකු මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3300 සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 28 September 2018
ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන්දියානු ජාතිකයා කියා නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඉන්දියානු ජාතිකයකු පැවසීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම්දුන් බවට ජනමාධ්‍ය ආයතන කීපයක් මගින් විශාල ප්‍රසිද්ධියක් දෙමින් පළකර තිබූ ප්‍රවෘත්තිය කිසිදු පදනමක් නොමැති මුළුමනින්ම අසත්‍ය එකකැයි මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 28 September 2018
ඩොලරයේ වැඩිවීමට මුහුණ දෙන්න විශේෂඥ කමිටුවක් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම දිනෙන් දින ඉහළ යන ඩොලරයේ අගය වැඩිවීමට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය කඩිනමින් නංවා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරමින් තිබෙන බව රජයේ ප්රකාශකයෙන් පැවසීය. 28 September 2018
දුම්රිය කාර්මිකයන්ට බැරිවූ දුම්රිය සරසවි සිසු විනාඩි 20 න් දුවවයි යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා කාර්මික දෝෂයකට ලක් වී දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර එහිදී එම දුම්රියේ ගමන් කළ සිසුවකු ඉදිරිපත් වී එම දෝෂය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරීමට හැකි වී තිබේ. 28 September 2018
ඝාතනය කළ දෙමළ මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණ නෑ - සුමන්තිරන් ඝාතනය කළ කිසදු දෙමළ මාධ්‍යවේදියකු පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 September 2018
මාධ්‍ය නිදහස නැති කළ හැක්කේ මාධ්යයටමයි - අගමැති ජනතාව සටන් කර ඇති කළ මාධ්‍ය නිදහස නැති කළ හැක්කේ මාධ්‍යයට පමණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (28) පස්වරුවේ ප්‍රකාශ කළේය. 27 September 2018
සයිටම් සිසුන් පිරිසක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉකුත්දා ශ්‍රීලංකා වෛද්‍ය සභාවට පැමිණ තමන්ට ලියාපදිංචිය ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. 27 September 2018
ඇල්පිටියේ නිවසක් තුළ මළ සිරුරක් ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (27) රාත්‍රී සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 27 September 2018
රුපියල් 200ට ගියත් කලබල වෙන්න එපා - ඇමැති වජිර ’’ඩොලරය රුපියල් 200ට ගියත් කලබල වෙන්න ඕනෑ නෑ. ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරනවා. ඒක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් වෙලා. යුරෝපය වෙනම මුදල් ඒකකයක් පවත්වාගෙන යනවා. මේ ලෝක තත්ත්වය තේරුම් අරගෙන අපි ආර්ථිකය හසුරුවනවා. මේක පාලනය කරගන්න පිටරට සල්ලි තියාගෙන ඉන්න අයට ඒ සල්ලි ගේන්න අවස්ථාව දෙන්න ඕනෑ.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (27) යක්කලමුල්ලේ දී කීවේය. 27 September 2018
කඩු සහ කෙටේරි සමඟ ආවා දෙදෙනෙක් සැකපිට යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනකු කඩු තුනක් කෙටේරි හයක් ඇතුළු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 September 2018
මහින්ද ශ්‍රීලනිප සභාපති කරන්නයි ඉල්ලූ ප්රතිශෝධන අයැදුම් පත්‍රය විභාගයට නොගෙනම ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමේ නියෝගයක් ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ ප්රතිශෝධන ඇයැදුම් පත්‍රය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය අද (27) විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කළේය. 27 September 2018
ඇලෝසියස් - පලිසේන යළි රිමාන්ඩ් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයවලූන් ලබන (11) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (27) නියෝග කළාය. 27 September 2018
පාතාල ක්‍රියාකාරකම් නිසා රටේ හෙට දවස අවදානමක - ෂෙහාන් සේමසිංහ පාතාලය විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතන නතර කිරීම සඳහා රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (27) පැවසීය. 27 September 2018
‘වර්තමානයේ දී නායකයින්ගෙන් රට ආරක්ෂා කිරීමට සිදු වෙලා‘ රට ආරක්ෂා කිරිමට නායකයන් පත්කළ ජනතාවට අද නායකයන්ගෙන් රට ආරක්ෂා කිරිමට සිදුව ඇතැයි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (27) කොළඹදී පැවසූහ. 27 September 2018
පරිගණක දත්ත වෙනස් කර මුදල් වංචා කළ අාදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නිලධාරිනිය අත්අඩංගුවට හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආදායම් බලපත්‍ර වලින් ලද රුපියල් පන් ලක්ෂයකට අධික මුදලක් පරිගණක දත්ත වෙනස් කර වංචා කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්‍ර නිකුත් කරන බලාත්මක නිලධාරිනිය අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 27 September 2018
නාලක ද සිල්වා හෙට රජයේ රස පරීක්ෂක හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට තැත් කළැයි කියන දුරකතන සංවාදවලට අදාලව කටහඬ පරීක්ෂණය සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට හෙට උදේ 10 ට රජයේ ප්‍රධාන රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය. 27 September 2018
මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා දින 90 ක් රඳවා ප්‍රශන කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබා දුන්නාය. 27 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026