ඉරාකයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 14 March 2026
තායිලන්තයෙන් ලංකාවට බුද්ධ ප්‍රතිමා 108ක් ශ්‍රී ලංකා - තායිලන්ත බෞද්ධ සබඳතා ශක්තිමත් කරමින් ‘Phra Phuttha Metta’ බුද්ධ ප්‍රතිමා 108ක් මෙරටට පූජා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 14 March 2026
සංචාරක ප්‍රවර්ධනයට ජපන් දූත කණ්ඩායමක් දිවයිනට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ. 14 March 2026
ආණ්ඩුවේ කන්තෝරු වල විෂමාචාර බලන්න නිලධාරී සංචිතයක් රජයේ ආයතනය වල සිදුවන විෂමාචාර සම්බන්ධ පරීක්ෂණ කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවා තිබේ. 14 March 2026
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කෙටුම්පත ඇමතිට පිළිගන්වයි දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද ’’ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ’’ සංවර්ධිත කෙටුම්පත (Advanced Draft) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීන්ට පිළිගැන්වීම ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (14)සිදු කෙරිණි. 14 March 2026
මරදගහමුල සහලින් පුරවයි සහල් මිල තීරණය කරන මෙරට විශාලතම සහ ප්‍රධානතම සහල් වෙළෙඳ පොළ ලෙස සැලකෙන මරදගහමුල ගබඩා සංකීර්ණය දැන් සහලින් පිරී ඇතැයි වෙළෙඳ වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. 14 March 2026
ජනපති කාර්යාලයත් ඉෆ්තාර් සමරයි ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 14 March 2026
මෝටර් රියක් අඩි 15ක් පහළට නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රාපතයෙන් වූ මාර්ගයකට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු දික්ඔය මූලික රෝහලට ) ඇතුළත් කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසීය. 14 March 2026
දිවුලපතානේ පදිංචිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් මහවැලි අධිකාරියට පවරාගෙන ඇති දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට සුදුසු සහනයන් ලබා දෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 13 March 2026
බටුවත්තේ චාමරගේ නිවෙසක් ක්‍රියා විරහිත කරයි සංවිධානාත්ම අපරාධ හා ප්‍රභල මත්දුව්‍ය ජාවාරම්කරුවකු වන මනෝජ් සුරංග ලියනනේ නොහොත් බටුවත්තේ චාමර යන විසින් ඔහුගේ බිරිඳට මිලදී ගෙන ඇති සාන්ත ආනා පාර වැලිගම්පිටිය ජාඇල පිහිටි තෙමහල් නිවසක් අද (13) දින සිට ක්‍රියා විරහිත කිරීමට කටයුතු කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පවසයි. 13 March 2026
ගිනි අවි උණ්ඩ සමග ගරාජ් බාස් මාට්ටු ගිනි අවි සහ උණ්ඩ තොගයක් නිවස තුළ සඟවාගෙන සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 13 March 2026
අවන්හල් හිමියාට හිරිහැර කළාට සුරාබදු හතකට දඩ සහ වන්දි මාතර මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියකුට පහරදී හිරිහැරයට ලක් කිරීම මඟින් සුරාබදු නිලධාරීන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 75.000/- බැගින් රුපියල් 5.25.000/-ක වන්දියක් සුරාබදු නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් අවන්හල් හිමියාට ගෙවීමට අදාළ සුරාබදු නිලධාරීන් හත්දෙනාට අද නියම කළේය. 13 March 2026
’’ගල්අඟුරු බාලයි’’ ආනයනය කරන ලද ගල්අඟුරුවල තත්ත්වය නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනනය සඳහා සුදුසු පරාසයේ නොපවතින බැවින් නිෂ්පාදිත විදුලි ප්‍රමාණයේ යම් අඩුවක් පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය. 13 March 2026
විදුලි සේවකයන්ට ජනපතිගෙන් පොරොන්දුවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ සියලු ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 13 March 2026
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී. 13 March 2026
බාලදක්ෂ විධායක නිලවරණයට වාරණයක් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 2026/2027 වසර සඳහා නිලධාරීන් සහ විධායක කමිටුව පත්කර ගැනීම සඳහා හෙට (14) දින පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය සහ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම වළකාලමින් නුගේගොඩ අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා අද (13) වාරණ නියෝගයක් නිකුත් කළේය. 13 March 2026
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක් බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඉදිරි දින කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. 13 March 2026
හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය නාථ දේවාලයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 13 March 2026
මහාධිකරණ විනිසුරුවරයකු පත් කරයි නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කර තිබේ. 13 March 2026
මැද පෙරදිග ව්‍යාපාර කොළඹ වරාය නගරයට? 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2469/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. 13 March 2026
අල්ලස් කොමිසමට සහන දෙන යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය 2023 අංක 03 දරන දූෂණ විරෝධී පනත අනුව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් තීරණය කිරීමට අදාළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. 13 March 2026
‘රටේ ජනතාවගෙන් හතරෙන් එකක් දුප්පත්’ මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. 13 March 2026
‘දිට්වා’ අවසන් තක්සේරු වාර්තාව මේ මස අග ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතය 13 March 2026
ඉරාන නාවික සිරුරු ගෙනයන්න යානයක් මත්තලට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඉරානයට යැවිම සඳහා අද (13) මත්තල ගුවන් තොටුපොලට යානයක් පැමිණියේය. 13 March 2026
ජෝන්ස් පනත අත්හිටුවයි ඇමරිකානු වෙළඳපොළේ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින්, ‘ජෝන්ස් පනත’ දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 13 March 2026
ඇමෙරිකන් හමුදා යානයක් බිම කඩා වැටුණේ ‘බෝයිං කේසී 135 ස්ට්රැටෝටැන්කර්’ නමැති ගුවන් යානයකි. මෙය ඉන්ධන ප්‍රවාහන ගුවන් යානයක් බව පැවැසෙයි. ඇමෙරිකන් ගුවන් යානයට තමන් පහර දුන් බවත්, යානය කඩා වැටුණේ එම ප්‍රහාරයෙන් පසුව බවත් පැවැසෙයි. 13 March 2026
කොරියන් නායකයාගේ දියණිය සටනට සූදානම් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සිය දියණිය කිම් ජූ එ් ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගිය අතර, එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කිරීමට ද අමතක කළේ නැත. 13 March 2026
භාෂාව රකින්න පොදු කැපවීමක් ඕනෑ භාෂා උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. 13 March 2026
මල්වතු- අස්ගිරි මහ නා හිමිවරුනට හිස තෙල් ගාන උත්සවයට ආරාධනා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද(13) බැහැ දුටුවේය. 13 March 2026
මත් සැකකරුවෝ 990 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 990 ක් ඊයේ (12) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 13 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026