අත්සන් ව්යාපාරය අස්සේ සිවිල් බුද්දි පෙරමුණ පොලිසිය ගැටෙයි මෙරට පවත්වා ගෙ යන මුුල්ය සමාගමි තහනමි කිරිමට ශ්රී ලංකා මහා බැංකු අධිපතිවරයා ගත් තිරණයට එරෙහිව අත්සන් ලබා ගැනිමෙි ව්යාපාරයක් අද නිදහස් චතුරශුයේදි පැවැත්වුණා. 05 October 2026
අල්ලස් - තොරතුරු කොමිෂන් සභා හිස් පුටු පුරවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සහ ශ්රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් අයගෙන් අයදුම්පත් සහ නාමයෝජනා කැඳවීමට ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව පියවර ගෙන අැත 05 October 2026
ලංකා සංවර්ධන සැලසුම් ගැන ආසියා සංවර්ධන බැංකුව එක්ක කතිකාවක් ශ්රී ලංකාවේ ප්රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා නේවාසික අධ්යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 05 October 2026
ගල්අඟුරු ලොක්කා කොමිසමට බදාදා ගෙන්වයි ගල්අඟුරු අක්රමිකතා සම්බන්ධයෙන් කරැණු විමසීමට ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්යාධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල හා බලශක්ති අමාත්යාංශයේ හිටපු ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට අනිද්දා(07) බදාදා කැඳවා ඇත. 05 October 2026
ඥානසාර හිමිට පැනවූ දඬුවම් ක්රියාත්මක කරන්නැයි නියෝගයක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ අපහාස සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් නියම කර ඇති සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා ඒ හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 05 October 2026
අහුන්ගල්ලේ වෙඩික්කරු ගිනි අවියත් සමග අත්අඩංගුවට අහුන්ගල්ල ගල්වෙහෙර සී.පී ද සිල්වා මාවතේ නිවසක නිදා සිටි පුද්ගලයකුට වෙඩි තුවාල සිදු කළ අයකු වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සමග සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගාල්ල අපරාද කොට්ඨාසය කියයි. 05 October 2026
ලයිසන් හොරට හදා විකුණු අඹුසැමි යුවළක් මාට්ටු ව්යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්ර මුදලට විකුණු පන තිවක අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 05 October 2026
සයිබීරියාවේ මහාමාරිය බියක් ‘මහාමාරිය’ බියක් හේතුවෙන්, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් පළාතේ රෝහල් පහක් වසා දැමීමටත්, එම රෝහල්වල වෛද්යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා කඩිනමින් නිරෝධායනය කිරීමටත් සෞඛ්ය බලධාරීහු කටයුතු කළහ. 05 October 2026
ඉරාන තෙල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ඉරාන තෙල් අමාත්ය මොහොසන් පාක්නෙජාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව එරට මාධ්ය ඊයේ (5) වාර්තා කළේය. තමා තම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ, පෞද්ගලික හේතූන් මත යැයි මොහොසන් පාක්නෙජාද් මාධ්ය හමුවේ අවධාරණය කර ඇත. 05 October 2026
බ්රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 25 වැනිදා බ්රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ 45 හැවිරිදි ෆැවියෝ බොල්සරානෝ ඒ අතරින් කැපී පෙණුනි. 05 October 2026
පාර හාදා දින දෙකයි කඩිගමුවේදී ගලක් කඩා වැටී දුම්රියක් පිලි පනී දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් ව මාස 10 කට අධික කාලයක් නැවතී තිබූ රඹුක්කන පේරාදෙණිය දුම්රිය ගමන් යළි සක්රිය වී දින දෙකකට පසු දුම්රියක් පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා එල්ලවී ඇත. 05 October 2026
කතානායකගේ ඉල්ලීමක් පැහැර හැරි මැතිසබා පරිපාලන අධ්යක්ෂිකාවගෙන් නිදහසට කරුණු අසයි නව රාත්රී පූජා උත්සවයක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා කළ ඉල්ලීමක් පැහැර හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා එහි පරිපාලන අධ්යක්ෂිකා කාන්ති පීරිස් මහත්මියට දැනුම්දී ඇත. 05 October 2026
ෆේල් වෙච්ච ගල් අඟුරු නැව් වලට නඩු කෝ ලංකාවට ආපු ගල් අඟුරු නැව් 19 ම ෆේල් නමුත් ඒවාට එක නඩුවක් වත් තිබෙනවා දැයි පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී චානක මහතා පැවසීය. 05 October 2026
ශ්රී ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡාවල තොරතුරු මාධ්යයට වහයි ශ්රී ලංකාව සහ ඇමෙරිකාව අතර සිදුවූ රාජ්ය තාන්ත්රික සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳ මාධ්යයට අදහස් පළකළ නොහැකි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්රකාශ කළේය. 04 October 2026
AI තාක්ෂණයෙන් යුතු මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බලයි උතුරු කොරියාව කෘත්රීම බුද්ධි තාක්ෂණයෙන් යුත් මැදිදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ඊයේ (03) දකුණු කොරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය. 04 October 2026
දිට්වා ආධාර බෙදීම: විශේෂ විගණනයක් අරඹයි දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීම මෙන්ම ප්රතිසංස්කරණ ක්රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විගණනයක් ආරම්භ කර ඇත. 04 October 2026
අත්අඩංගුවට පත් ඥානසාර හිමි අධිකරණයට තිනියාවල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 04 October 2026
පොඩි කොම්පැනිවල විදුලි බිල අඩු කරන්න අලුත් වැඩක් කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරවල විදුලි බිලේ බර අඩු කිරීම සඳහා මෙගාවොට් 25ක වහල මත සූර්ය බල පද්ධති ස්ථාපිත කරන නව ව්යාපෘතියකට අදාළ ණය සහ ප්රදාන ගිවිසුම්වලට ශ්රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 1 වැනිදා අත්සන් තැබූ බව මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය ප්රකාශ කරයි. 04 October 2026
ජී.එල් ගේ පොත් දහයක කර්තෘ භාග සල්ලි නීති සිසුන්ගේ පර්යේෂණ වැඩට මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්රී ලංකාවේ නීති සහ නීති පද්ධති පිළිබඳව රචනා කළ ග්රන්ථ දහයක කර්තෘ භාග (Royalties) මුදල් යොදවමින් නීති සිසුන්ට නීති පර්යේෂණ ආදියට සහාය වීම සඳහා ’’මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්යාපන සහ පර්යේෂණ භාරය’’ පිහිටුවීම කොළඹ විශ්වවිද්යාලයේ සෙනෙට් මන්දිරයේ දී සිදු කෙරිණි. 04 October 2026
දෙනවා කිව්ව ඉන්ධන සහනය මිනිස්සුන්ට ලැබිලා නෑ ආණ්ඩුව රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත් නමුත් එවැනි සහනයක් ජනතාවට නම් ලැබී නැතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 04 October 2026
ගුරු සිසුවියන්ට වැරදි පාඩමක් කියා දුන් කථිකාචාර්යවරයාට වැඩ වරදි අම්පාර අට්ඨාලචේන ජාතික අධ්යාපන විද්යාපීඨයේ (ගුරු විද්යාලයේ) පුහුණුවන ගුරු සිසුවියන්ට අසභ්ය වීඩියෝ පෙන්වමින් කාලයක සිට ලිංගික අතවර කළ බව කියන එහි කථිකාචාර්යවරයකු අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 October 2026
‘‘ටොක්කා‘‘ ඝාතනයට යොදා ගත් ගිනි අවිය රාගම සුසාන භූමියකින් සොයා ගනී රැදවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරනු ලබන රන්ජිත් කුමාර නොහොත් කොණ්ඩ රංජි නැමත්තාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත රාගම බොල් අත ප්රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 04 October 2026
අහුන්ගලලේත් වෙඩි තැබීමක් අහුන්ගල්ල ගල්වෙහෙර පදේශයේ අද(4)අලුයම් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 04 October 2026
ඉඳුරුවේදි පොලිසියට වෙඩි තියන්න ගිය පාතාලයට පොලිසියෙන් වෙඩි ඉඳුරුව අකාඩිගොඩ ප්රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක්මත වැටලීමට වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන්ට පාතාල ක්රියාකාරුවන් දෙදෙනකු වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 03 October 2026
ඉඳුරුවේ වෙඩි තැබීමක්: අයෙක් රෝහලට ඉඳුරුව අකාඩිගොඩ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කළ බවට තොරතුරු අනාවරණයවූ බව කොස්ගොඩ පොලීසිය කියයි. 03 October 2026
විවෘත වරෙන්තු ලබා සිටි ඥානසාර හිමි අත්අඩංගුවට අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ ලෙනගිරි ආරණ්ය සේනාසනයේ වැඩ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි 03 October 2026
රියදුරැ බලපත්ර ලක්ෂ හතක් ගොඩ ගැහිලා අංක තහඩු සහ රියැදුරු බලපත්ර නිකුත් කිරීමේ ප්රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 03 October 2026
ජනාවාස දිනයට පාපැදි සවාරියක් ලෝක ජනාවාස දින 2026 සැමරුම නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යාංශය පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. 03 October 2026
දූෂණ විරෝධී කෙටුම්පත විවාදය එන 08 වැනිදා දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 08 වැනිදා බ්රහස්පතින්දා පැවැත්වේ 03 October 2026
අම්පාර රෝහල ඉදිරිපිට අනතුරින් කතක් මැරු:තුනක් රෝහලට අම්පාර මහා රෝහල ඉදිරිපිට අද (3) පෙරවරු 11.00 ට පමණ ත්රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් තිදෙනකුට තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කළ බව අම්පාර පොලිසිය පවසයි. 03 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026