හිරගෙදර තදබදය විසදන්න මැතිසබා කමිටුවත් වැඩට බහී බන්ධනාගාරවල තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා වන ක්රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා ඇත. 05 August 2026
කෝප් කමිටුවේදී පිස්සු නැටූ ලොක්කෝ දෙකක් සමාව ගනිති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමකදී නොමනා ලෙස හැසිරුණු බව කියන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ දෙදෙනෙක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද පාර්ලිමේන්තු කමිටුව හමුවේ සමාව අයැද සිටියහ. 05 August 2026
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර දිවුරුම් දෙයි මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 05 August 2026
නව යුද හමුදාපති- ජනපති හමු වෙයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වන යුද හමුදාපතිවරයා වශයෙන් පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 05 August 2026
සූදු කෙළින වෙබ් අඩවි 24ක් තහනම් අවසර නොලත් නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදී අවහිර කළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 05 August 2026
සීතාඑළියට ගිනි තැබූ සැකකරුවකුට දඩ කදපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරුවකුට රුපියල් 40000ක දඩ මුදලක්ද, රක්ෂිතයේ ගිනි තැබීම තුලින් සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කලාය. 05 August 2026
හිටපු ඇමැති අකිල 18 තෙක් රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයට බදවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය 05 August 2026
කනිඨු රූ රැජිනියෝ දිවයිනට වියට්නාමයේ පැවති 04 වන ලෝක කනිෂ්ඨ සංචාරක තානාපති - 2026 (World Junior Tourism Embasserdor) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිමන්යා දිසානායක සහ අරෝරා මුදළිගේ යන සිසුවියත් දෙදෙනා , එම තරගාවලියේ පැවති කාණ්ඩ දෙකක අනුශූරතා දෙකක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) දින උදෑසන පැමිණියහ . 05 August 2026
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දිනේෂ් උඩුගම යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් උඩුගම මහතා අද (5) වැඩ බාරගත්තේය. 05 August 2026
යෝජිත අල්ලස් පනතින් මානව හිමිකම්වලට තර්ජනයක් යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ සඳහන් දැඩි ඇප කොන්දේසි මඟින් මූලික අයිතිවාසිකම් වලට තර්ජන එල්ල වන අතරම බන්ධනාගාර තදබදය තවත් උග්‍ර වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 August 2026
ආලංකුලමේ අනතුරින් බැංකු කළමනාකරු මරුට අනුරාධපුර - පාදෙනිය ඒ -28 ප්‍රධාන මාර්ගයේ ආලංකූලම ප්‍රදේශයේදී අද උදෑසන යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එප්පාවල පිහිටි රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 05 August 2026
රනින් දිනූ රුමේෂ්ට ගුවන් හමුදාවෙන් තෑග්ගක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් ලබාදුන් ගුවන් හමුදාවේ කෝප්රල් රුමේෂ් තරංග සැරයන් නිලයට පත්කර ඇත. 05 August 2026
හැකරු සිද්ධිය ගැන නිලධාරීන් 91 ගෙන් ප්‍රකාශ ගනී ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් 91 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2026
හැකරු සිද්ධියට ’’ලොකු අතු’’ වගකිවයුතු බව මුදල් සභාව කියලා භාණ්ඩාගාර ලේකම් සහ මහා බැංකු අධිපති මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේදී සිදුවූ සයිබර් අපරාධ සිද්ධිය සම්බන්ධ පැහැර හැරීම් කිහිපයකට වගකීම් දැරිය යුතු බව මුදල් කාරක සභා වාර්තාව නිගමනය කර තිබෙන්නේ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2026
හිරේ ඉඳන් එන ගමන් ත්‍රිරෝද රථයක් උස්සලා මාට්ටු සොරකම් නඩවුක් සම්බන්දයෙන් බදුල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවකු ඉකුත් 4 දා සවස ඇප ලබා ගෙදර යන අතරතුර බදුල්ල නගරයේ නගරයේ මත්පැන් අළෙවිකරන අවන් හලකට ගොස් එහිදී මත්පැන් පානය කර එම අවන් හලේම සේවයෙකුගේ ත්‍රිරෝද රථය සොරකම් කරගෙන යද්දී පොලිසියට කොටුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 05 August 2026
එජාප උප නායක අකිල අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 August 2026
මහර බන්ධනාගාරයේ දේපළ හානිය හොයන්න කමිටුවක් මහර බන්ධනාගාරයේ දේපළවලට සිදුව අැති හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර අැත 05 August 2026
විනිසුරු විශ්‍රාම වයස ගැන එජාපෙන් යෝජනාවක් විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර ගැනීමට එජාපය තීරණය කර තිබේ. 05 August 2026
වායු කැලඹීමකට ලක්වුණු ඉන්දීය යානයේ 17ක් තුවාල ලබති තායිලන්තයට අයත් පුකෙට් දූපතේ සිට ඉන්දියාවේ නවදිල්ලිය බලා පියාසර කරමින් තිබුණු ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් දැඩි වායු කැලඹීමකට හසුවිය. 05 August 2026
වී මිලට සූත්‍රයක් හදන්න වී මිල තීරණය කරන්න නිවැරදි මිල සූත්‍රයක් සකස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. 05 August 2026
හැකරු ගැන විවාදය ඇරැඹෙයි ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේදී සිදුවූ සයිබර් අපරාධය ගැන මුදල් කාරක සභාවේ නිගමන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මග පෙන්වීම සහ තීරණ අතිශයින් වැදගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2026
ශිෂ්‍යත්වයට උපකාරක සම්මන්ත්රණ අද මධ්‍යම රාත්‍රී අවසන් 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 05 August 2026
ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි දිවයිනට ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයකට අද(05) මෙරටට පැමිණි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 05 August 2026
කිම් ජොන් උන් නැගණිය ජපානයට සද්දේ දාලා ඇමෙරිකාවේ නිෂ්පාදිත ‘ටමහෝක්’ වර්ගයේ ජපානය සාර්ථකව අත්හදා බැලූ අතර, ඊට උතුරු කොරියානු රජයෙන් දැඩි විරෝධයක් එල්ල විය. 05 August 2026
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් රුසියාව බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය රුසියාව විසින් මේ වසරේදී යුක්රේනයට එල්ල කළ මාරාන්තිකම ප්‍රහාරයක් වන අතර එයින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබේ. පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇ 05 August 2026
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලා සජබෙන් යෝජනාවක් කතානායකට ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම, බන්ධනාගාර තදබදය අවම කිරීම සහ බන්ධනාගාරවල ගැටුම්වලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ (04) බාර දුන්නේය. 05 August 2026
කඩිනමින් යුක්තිය ඉටුවන අධිකරණ පද්ධතියක් හදනවා මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටු වන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 05 August 2026
අකිල අල්ලස් කොමිසමට පැමිණෙයි ජනාධීපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන වෙනත් කටයුතුවලට යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද එම කොමිසමට පැමිණියේය. 05 August 2026
රත්මලානේ නිවෙසකට බෝම්බ ප්‍රහාරයක් රත්මලාන ඥානේන්ද්‍ර පාරේ දෙමහල් නිවසකට අද අලුයම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 05 August 2026
තෙල් මිල පහළට ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරීන් බලාපොරොත්තු පළ කිරීමත් සමඟ අඟහරුවාදා තෙල් මිල සති තුනකින් අඩුම මට්ටමට පහත වැටුණි. 05 August 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026