සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25 ක් උස්සලා
ශ්‍රී ලංකාව ප්රතිවහ්යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇති බවත් ණය හිමියන් කීපදෙනකුට යොමුකළ එම මුදල් වෙනත් පාර්ශවයක් ලබාගෙන ඇතැයි පසුගිය ජනවාරි මස හෙළිකරගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පැවසීය.