සුරා ගේ මරුවා ළඟ ආයුධ තොගයක් මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ දී මොරටුවේ ’’සුරා’’ නැමැති අයෙකු ත්‍රීරෝද රථයක් තුල පහර දී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ උත්සව ශාලාවක ගබඩාවක සගවා තිබූ තියුණු ආයුධ, අත් බෝම්බ සහ වායු රයිෆලයක් ඇතුලු අවි ආයුධ තොගයක් අද (13) දින සොයා ගැනීමට හැකි වූ බව මොරටුමුල්ල පොලිසිය පවසයි. 13 March 2026
විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි ශ්‍රී ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිටබැද්දර පොලිස් ස්ථානය ආසන්නයෙන් සොයා ගැනීමට හැකිවූ බව ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා කියයි. 13 March 2026
දිට්වා හානි බලන්න අධිකරණ ඇමති මහනුවරට දිට්වා හදිසි ආපදා තත්වයෙන් ඇතිවු ගංවතුරින් බලපෑමට ලක් වු මහනුවර අධිකරණයේ වර්තමාන තත්වය සහ මහනුවර අධිකරණ සංකීර්ණයේ අලුත් වැඩියා කිරීමේ කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 13 March 2026
ලෝක තෙල් මිල ඉහළ යාමට මූණ දෙන හැටි සාකච්ඡා කරයි බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය. 13 March 2026
ඉන්දුනීසියා ධීවරයා එළොව ගිහින් මෙලොව එයි ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට මුහුදු සැතපුම් 450ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ එන්ජිම අක්‍රීය වී කුඩා ධීවර යාත්‍රාවක පාවෙමින් අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයකු බේරා ගැනීමට ඊයේ (12)පස්වරුවේදී අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර රැකියාවට ගිය රෙශිත පුතා 07 බහු දින යාතාවේ සිටි ධීවරයන් පිරිස සමත්වූහ. 13 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අගවා ඇත. 13 March 2026
ඉරානයේ මිලියන 3.2 ක් අවතැන් ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම් හේතුවෙන් මේවනවිට ඉරානයේ මිලියන 3.2 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 13 March 2026
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල රිමාන්ඩ් සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(රුපියල් මිලියන 500කට අධික ) අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන සැකකරු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය. 12 March 2026
අවුරුදු නැකැත් අවුල ලිහන්න සාකච්ඡාවක් කැඳවයි සිංහල - දෙමළ අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කර අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් රටට ලබා දීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. 12 March 2026
දරුවෝ දහසක් මැරිලා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අනුගමනය කරන හමුදා ක්‍රියා මාර්ගයත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග හටගත් යුදමය තත්ත්වය හේතුවෙන්, මැදපරෙදිග කලාපයේ කුඩා දරුවන් දහසකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. 12 March 2026
ඉරාන නව නායකයාගෙන් අනතුරු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි, සිය පළමු ප්‍රකාශය නිකුත් කරමින් ඇමෙරිකාවට අනතුරු අගවා ඇත. මොජ්තාබා කමේනී පවසා ඇත්තේ කලාපයේ පවතින සියලුම ඇමරිකානු කඳවුරු වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙසය. 12 March 2026
සිසු සැරියට අලුත් බස් දෙසීයක් සිසු සැරියට අලුත් බස් දෙසීයක් මේ වසරේදී එකතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය. 12 March 2026
උසස් පෙළ හපනුන්ට විදෙස් ශිෂ්‍යත්ව රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 12 March 2026
ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකට ඇප දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයක වූ උපාලි තෙන්නකෝන් මහතාට 2009 වසරේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදි පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය වාර්තා කිරීමේදී අධිකරණයට අපහාසවන වන ලෙස කටයුතු කළේ යැයි යැයි අත්අඩංගුවට ගත් ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සඳවරුන් සේනාධීර රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය අද නියෝග කළාය. 12 March 2026
ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අත්අඩංගුවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බව කියයි 12 March 2026
‘‘බාල ගල්අඟුරුවලට හරියන්න නීති බාල කරන්න හදනවා‘‘ බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කිරීමට උත්සාහ දරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවසිය. 12 March 2026
සඳරුවන් අත්අඩංගුවට ගැනීම ජනමාධ්‍ය සංගමය හෙලා දකී ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රවීන මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා එක්සත් රාජධානි රජයේ දේශපාලන රැකවරණය යටතේ සිට යළි ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට ලිපියක් යවමින් පවසයි. 12 March 2026
ආර්.එම්.වී, නියෝජ්‍ය අධ්යක්ෂ , සහකාර අධ්යක්ෂ රිමාන්ඩ් බදු මුදල් නොගෙවා ආනයනය කළ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි කිරීම ව්‍යාජ තොරතුරු දෙපාර්තමෙන්තුවේ පරිගණක පද්ධතියට ඇතුලත් කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දෙපාර්තමෙන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක” සහකාර අධ්‍යක්ෂකවරයකු ඇතුළු නිලධාරින් සිව්දෙනෙකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදගරම මහතා අද නියෝග කළේය. 12 March 2026
‘‘බාල ගල් අඟුරුවලින් බලාගාරයට හානියක් නෑ‘‘ මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය. 12 March 2026
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය 18 කතානායකට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබන 18 වැනිදා බාරදීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. 12 March 2026
ලංවිම වෘත්තීය නියෝජිතයෝ ජනපති හමුවෙති ලංකා විදුලි බල මණ්ඩලයේ නව සමාගම් වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 12 March 2026
පැන යන්න හැදු රැඳවියා අහසට වෙඩි තියා මෙල්ල කරයි බන්ධනාගාරයෙන් පැන යාමට තැත්කල රැඳවියෙකු අද (12) බනධනාගාර නියාමකවරයෙකු අහසට වෙඩි තබා මෙල්ලකර අත් අඩංගුවට ගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා පවසයි. 12 March 2026
මී උණ රෝගීන් 1,800ක් වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 12 March 2026
කරාපිටි රෝහලේ විදුලි සෝපානයේ රෝගීහු 15ක් සිරවෙති කරාපිටිය ජාතික රෝහලේ විදුලි සෝපානයක් රෝගීන් 15 දෙනකු සමග අද(12) දහවල් අක්රියවූ බව රෝහල් පොලිසිය පවසයි. 12 March 2026
හත්හැවිරිදි සිසුවෙක් පාසලේදී වාහනයකට යට වෙයි මහනුවර ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනනුම ලබමින් සිටි හත්හැවිරිදි සිසුවෙක් විදුහල් පරිශ්‍රය තුළදී වාහනයකට යටවී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ජාත්‍යන්තර පාසලේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 12 March 2026
බසයට යටවි තිදරු මව මරුට තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය ප්‍රදේශයේදී අද(12) පාසල් බස් රථයකට යට වී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . 12 March 2026
චර්ම රෝග විශේෂඥ සමුළුව ලංකාවේ ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී ආරම්භ විය. 12 March 2026
’’රටේ තත්වය මට වඩා හොඳින් ජනතාව දන්නවා’’ රටේ තත්ත්වය ගැන මට වඩා හොඳින් ජනතාව දන්නවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 March 2026
ගෑස් හිඟය තවදුරටත් ලිට්රෝ සහ ලාෆ් ගෑස් මිල ඉහළ දැමුවද තව දුරටත් ගෑස් හිඟයක් ඇතැයි ගෑස් පාරිභෝගිකයෝ පවසති. 12 March 2026
එක් කෝටි විසි ලක්ෂයකට විද්ද සමාගම් ලොක්කෝ අතුරුදන් උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ගුණාත්මක වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් එක් කෝටි විසි එක ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති සමාගමක ප්‍රධානීන් එම වීඩියෝව බාර නොදී අතුරුදන්ව සිටින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණය විය. 12 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026