ඉන්දියාවෙන් පැන්න කුඩු ජාවාරමා වාද්දූවෙන් මාට්ටු රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් හොරයින් මත්ද්රවය තොගයක් මුහුදු මාර්ගය ඔස්සේ ප්රවාහනය කිරීමේ චෝදනාවකට ඉන්දියාවේ කොච්චි බන්ධනාගාර ගතව සිට කොච්චිහි අධිකරණයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය සැකකරු වාද්දුව ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 30 September 2026
ආදම්ගේ පාලම් ප්රදේශය නරඹන්න අවසර උතුරු පළාතේ සංචාරක ක්ෂේත්රය දියුණු කිරීමේ අරමුණින් මන්නාරමේ සිට රාම සේතු පාලම හෙවත් ආදම්ගේ පාලම ප්රදේශයේ පිහිටි වැලිපර අට සංචාරකයන්ට නැරබීම සදහා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ. 30 September 2026
රත්ගම වෙඩි තැබීමට දෙකක් සැකපිට රත්ගම මොන්රෝවියාවත්ත කටුපොල්කැල්ල ප්රදේශයේදි ඉකුත් 28 වැනි දින රාත්රි පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි. 30 September 2026
විෂ මත් පානය කළ රියැදුරන් පහක් ගාල්ලෙන් මාට්ටු විෂ මත්ද්රව්ය පානය කළ බස් රථ රියදුරන් සහ ත්රි රෝද රථ රියදුරන් සොයා ගාල්ල බස් නැවතුමේදි අද සිදු කළ පරීක්ෂාවකදි බස් රියැදුරන් දෙදෙනකු සහ ත්රි රෝද රථ රියදුරන් තිදෙනකු විෂ මත්ද්රව්ය පානය කර සිටි බවට තහවුරුවු බව පොලිසිය පවසයි. 30 September 2026
ජනපතිගෙන් රණ විරුවන්ට“විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්ය බල සේනාවන්හි ජ්යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 30 September 2026
IMF වැඩසටහන අවසන් වූ පසු විකල්ප ගැන සාකච්ඡා ලබන වසරේ මාර්තු මාසයේදී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වූවායින් පසුව ජාත්යන්තර මූල්ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳව තිබෙන විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළේය. 30 September 2026
දිට්වාවෙන් හානි වූ පාරවල් හදන්න ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 11 දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600ක් යළි සකස් කිරීම සහ ප්රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර ඇත. 30 September 2026
මත නසන්න නීතියට වඩා මාපිය සබඳතා වැදගත් මත්ද්රව්ය ව්යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා මාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 30 September 2026
කපිලගේ බිරියට ඇප වූ අරවින්ද හා බිරියගේ ඇප රාජසන්තකයි ශ්රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්ය අක්රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධියට අදාළව ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ බිරිඳ වන ප්රියංකා නියෝමාලි මහත්මියට ඇප නියම කිරීමේ දී රුපියල් කෝටි 02 බැගින් වටිනා ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වු ප්රවීන ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිලාව මහතා සහ ඇගේ බිරිඳගේ රුපියල් කෝටි හතරක ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය. 30 September 2026
රනිල්ගේ ආරක්ෂකයෙක්ට ප්රහාරයක් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොටුව මහේස්ත්රාත් අධිකරණයේ නඩුවට සහභාගී වී පිටතට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියකුගේ හිසට කැමරාවකින් පහර දුන්නැයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 30 September 2026
එයාර් බස් ගනුදෙනුවේ එක් නඩුවකට නාමල්ට ඇප ශ්රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්ය අක්රමිකතාවයන් කර මුදල් විශුද්ධිකරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද නියම කළේය. 30 September 2026
ව්යාපාරිකයන් ‘බිස්නස්’වලින් පහුබහින අවදානමක් ආර්ථික වර්ධනයට බාධා වන පරිදි අනවශ්ය රෙගුලාසි පැනවීමෙන් ව්යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරැ අනාවරණය විය. 30 September 2026
අගමැතිනිය අයවැය රහසක් කියයි ඉදිරි 2027 අයවැයෙන් අපද්රව්ය කළමනාකරණය, අපද්රව්ය අවම කිරීම සහ ප්රතිචක්රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 30 September 2026
එයාර් බස් නඩුවට නාමල්ට ඇප එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය. 30 September 2026
ක්රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කරයි ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ පරිපාලනය, පාලනය, නියාමනය, ප්රවර්ධනය සහ සංවර්ධනය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සකස් කළ ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රය මගින් ප්රකාශයට පත් කර තිබේ. 30 September 2026
මත් ජාවාරම් ගැන තොරතුරු 1818ට ඉක්මනින් කියන්න විෂ මත්ද්රව්ය ජාවාරම හෝ ඒ හා සම්බන්ධ වෙනත් සැක කටයුතු ක්රියාකාරකමක් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඇමතීමෙන් මහජනතාවට ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව ආරක්ෂක අංශ වෙත ලබා දීමට හැකි බව රජය නිවේදනය කරයි. 30 September 2026
එයාර් බස් නඩුවේ ඇප මුදල් රාජසන්තක කෙරේ එයාර් බස් ගනුදෙනු නඩුවේ වරෙන්තු ලද සැකකාරියකව දැනට ඕස්ට්රේලියාවේ සිටිනවා යැයි කියන ’’ප්රියංකා නියෝමාලි ’’ට ඇප තැබූ හිටපු ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (30)නියෝග කළේය. 30 September 2026
විදේශ විනිමය රෙගුලාසි වලට මුදල් සභා අනුමැතිය විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. 30 September 2026
ගාල්ලට සෞන්දර්ය පාසලක් දක්ෂ කලාකරුවන් මෙනම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම රජයේ අරමුණ බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 30 September 2026
මොරොක්කෝවේ අගමැති ධුරය කාන්තාවකට මොරොක්කෝවේ අග්රාමාත්ය ධුරයට, පළමු වරට කාන්තාවක පත් කිරීමට එරට 6 වැනි මොහොමඩ් රජු කටයුතු කළේය. අග්රාමාත්ය ධුරයට පත්වූයේ 50 හැවිරිදි නීතිඥවරියක ද වන ෆාතිමා සෙහ්රා මන්සූරිය. 30 September 2026
ඉරාකයේ රැඳී සිටි අවසන් ඇමෙරිකන් සෙබළු පිටවී යති ඉරාක යුද්ධය අවසන් වී, වසර 23 ක් තිස්සේ, ඉරාකයේ හමුදා කඳවුරුවල රැඳී සිටි ඇමෙරිකන් සෙබළුන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 30 September 2026
පානදුරේ ව්යාපාරිකයකු පැහැර ගනී පානදුර ව්යාපාරිකයකු පැහැර ගෙන ගොස් පහරදී පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේ දමා ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය ප්රකාශ කරයි. 30 September 2026
අයවැය නොවැම්බර් 12 2027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) නොවැම්බර් 12 සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 30 September 2026
චීන තානාපති - සුව ඇමති හමු වෙයි ශ්රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ජනමාධ්ය අමාත්යංශයේදී පැවැත්විණි. 30 September 2026
නීතියකු සහ බිරිය ඝාතනයට යටියන ග්රාමසේවක අත්අඩංගුවට අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට ව්යාජ හැඳුනුම්පතක් සකසා දීම සම්බන්ධයෙන් අත්තනගල්ල මීවල ප්රදේශයේ ග්රාම නිලධාරීවරයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 30 September 2026
බද්දේගම ත්රිත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් දැලේ බද්දේගම ප්රවේශයේදී තිරෝධයකින් ගමන් කළ ’’කළු නෝනි’’ නැමති කාන්තාව ඇතුළු තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව වලාන මධ්යම දූෂණ ප්රහාරක බළකාය පවසයි. 30 September 2026
අගහිඟකම දරුවන්ට උසස් අධ්යාපනය අහිමි වෙලා උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් උසස් අධ්යාපනයට ප්රවේශ වන්නේ සියයට 15ක පමණ පිරිසක් බවත්, ඉතිරි පිරිසට අධ්යාපන අවස්ථා ලබාදීම රට හමුවේ ඇති ප්රධාන අභියෝගයක් බවත් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පසුගියදා ප්රකාශ කළේය. 30 September 2026
ආර්ථිකය තර වෙද්දී :ජනගහන වර්ධනය අඩුවෙලා පසුගිය වසරේදී ශ්රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගනිද්දී මෙරට ජනගහනය සියයට 0.7 කින් පහළ ගොස් ඇතැයි මහ බැංකුව පසුගියදා නිකුත් කළ ශ්රී ලංකාවේ 2026 සමාජ ආර්ථික දත්ත ප්රකාශන වාර්තාව පෙන්වා දෙයි. 30 September 2026
කෝටි අටක අයිස් කටුනායකින් අල්ලයි රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්රව්ය තොගයක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගියකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය කියයි. 30 September 2026
ගම්පොළ - කොළඹ දුම්රිය දුවවන්න ලහිලහියේ වැඩ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ගම්පොළ දක්වු වු කොටස දැඩි පරිශ්රමයක් යොදා මාස දහයකට පසු නැවත ඉදි කර පළමු දුම්රිය කොළඹ සිට පේරාදෙණිය හරහා ගම්පොළ දක්වා ධාවනය කරවීම සදහා මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් ලහි ලහියේ සිදු වෙමින් පවතී. 30 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026