අලුත් කොරෝනා ආසාදිතයෝ 580 ක් කොවිඩ් ආසාදිතයින් තව 580 දෙනෙක් අද 10) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 10 March 2022
අව්වුවේලි යුවළක් විදුලි සැර වැදී මියගිහින් යාපනයට අව්වුවේලි පුත්තුඋෘර් ප්රදේහයේ දී ඊයේ (9) දහවල් විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව අව්වුවේලි පොලිසිය කියයි. 10 March 2022
තවත් කොරෝනා මරණ 13 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 March 2022
බෙහෙත් මිල වැඩි කරන්න අවසර ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 10 March 2022
හෙටත් කලාප 12 කට විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (11) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 10 March 2022
අබන් ගගේ නාන්න ගිය 4 ක් ගසාගෙන ගිහින් : තිදෙනෙක් දිවි බේරාගනී මාතලේ මහවෙල් පොලිස් බල ප්‍ර දේශයට අයත් අඹන් ගග හරහා ඉදිව ඇති ප්‍රධාන පාලම ආසන්නයෙන් දිය නෑමට ගිය තැනැත්තියන් සිවි දෙනෙකුගෙන් තිදෙනෙක් දිවි බේරාගෙන එක් තැනැත්තියක අතුරුදන් වී ඇතැයි මහවෙල පොලිසිය කියයි. 10 March 2022
ඉන්ධන පෝලිම් ඉක්මනට අවසන් කරනවා රටේ ඉන්ධන පෝලිම් වැඩි දිනක් යෑමට පෙර අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 March 2022
මාතෘ මරණ ගැන රහසිගත දත්ත විශ්ලේෂණය කිරීමේ අලුත් වැඩක් ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් ලක්ෂයකට මාතෘ මරණ 30ත් 34ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය. 10 March 2022
තරුණයාට ලිංගික අතවර කළ ගුරුවරිය ගැන උසාවියට කරුණු වාර්තා කරන්න වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සදහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද (10) නියෝග කළාය. 10 March 2022
ගෑස් මිල ආයෙත් නගී ? ගෑස් මිල ඉදිරියේදී වැඩි විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 March 2022
ඇපල් බද්ධ සියයට 200 කින් නගී ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ධ සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති. 10 March 2022
නව ඡන්ද ක්‍රමය ගැන අර්ථකථනය කරන්න පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන යෝජිත නව ඡන්ද ක්‍රමය වෙනුවෙන් අර්ථකථනය කරන ලෙස මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් දුන්නේය. 10 March 2022
සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ දිනක ඉහළතම ඒකක සංඛ්‍යාව අද (10) වාර්තා කළේය. 10 March 2022
අලුත් සංචාරක පනතට ප්‍රධාන සංගම් සියල්ල විරුද්ධයි ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් සකස් කරමින් තිබෙන නව සංචාරක පනතට ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ සියලුම ප්‍රධානම සංගම් විරුද්ධ බව සංචාරක උපදේශක සභාවේ සභාපති හිරාන් කුරේ මහතා අද (10) පැවසීය. 10 March 2022
උදයදේවී පොල්ගහවෙලදී පීලිපනියි මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල - වලකුඹුර දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමට ලක්ව තිබේ. 10 March 2022
රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා අතර සාකච්ඡා තුර්කියේ ඇන්ටල්යා නුවර මේ වන විට ආරම්භ වී ඇත. 10 March 2022
යතුරුපැදි අනතුරින් සූරියවැව ක්‍රයිම් ඕ.අයි.සී. මරුට සූරියවැව මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයක ආරක්ෂක රාජකාරීය නිම කර සිය යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී සූරියවැව පරණ ඇඹිළිපිටිය පාරේ 09 හමාර ප්‍රදේශයේදී යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා අද (10) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. 10 March 2022
ප්‍රහාරවලින් යුක්රේන දරුවන් 37 ක් මියගිහින් රුසියන් හමුදා සිදු කරන ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 March 2022
ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බලය මෝදිට ඉන්දීයාවේ උත්තර ප්‍රදේශ්, උත්තරකාන්ද්, මනිපූර්, ගෝව සහ පන්ජාබ් ප්‍රාන්තවල මැතිවරණ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (10) සිදුවිය. 10 March 2022
ඉන්ධන මිල සංශෝධනයක් ඉල්ලයි ලෝක වෙළඳපල තුළ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ වැයවන පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල ඉහළනැංවීමක් කළ යුතු බවට තමන් රජයට යෝජනා කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මහතා පැවසීය. 10 March 2022
රුපියල තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260ක අගයක් දක්වා අද (10) පහළ වැටිණි. 10 March 2022
‘මන්ත්‍රී භෝජනාගාරය වහලා දාන්න‘ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරය වසා දමන්නැයි තමා ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම ගෙන ඒමට හැකියාව ඇති බවත් පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 March 2022
‘රජය එක් මතයක නෑ‘ රජය එක් මතයක් තුල ක්‍රියා නොකිරීම ආර්ථිකයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා කොළඹදී පැවසීය. 10 March 2022
ලිට්රෝ සභාපති ඇතුළු පිරිසකට නොතීසි නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරායෑමෙන් තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ට ලබන අප්‍රේල් මස 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (10) නොතීසි නිකුත් කළේය. 10 March 2022
ඉන්ධන හිඟයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරති ඉන්ධන හා විදුලිය අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙසට රජයට බලකරමින් මහරගම වෘත්තීය ත්‍රීරෝදරථ සංගමය මහරගම නගරයේදී අද(10) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්විය. 10 March 2022
ශානිගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර 10 March 2022
‘මන්ත්‍රී ප්‍රමිත ගෙන් සැර ප්‍රකාශයක්‘ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු , විදුලි සෝපාන සහ වායු සමීකරණ යන්ත්‍ර කිසිම සීමාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමට පෙර පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් රටට ආදර්ශයක් දිය යුතු බවත් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 March 2022
‘ජනතාවට ආර්ථික යුද්ධයකට මුහුණ දීමට සිදු වේවි‘ ඖෂධ , ඉන්ධන ආදී සෑම භාණ්ඩයකම මිල ඉහළ යද්දී රටේ ජනතාවට ආර්ථික යුද්ධයකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. 10 March 2022
ලොහාන්ට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 10 March 2022
ඩොලරය රුපියල් 260 ට නගී ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ. 10 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026