මොන ප්‍රශ්න ආවත් නුවරඑළිය ‘වසන්තය‘ පවත්වනවා රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය. 17 March 2022
කෝටි 1000 ක ගෙවීම් ප්‍රමාදයෙන් රසායනාගාර පරීක්ෂණ සීමාවෙයි රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 10 ක (කෝටි 1000) පමණ ගෙවීම් ප්‍රමාදවීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 17 March 2022
කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ගුටි කෙළියක් කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් ඇතිවූ තත්වය පාලනය කිරීමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. 17 March 2022
‘ඉන්ධන-ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයට ප්‍රමුඛතාව දෙන්න‘ ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 17 March 2022
’’ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ’’ කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ. 17 March 2022
සූර්ය පැනල ජාතික විදුබල පද්ධතියට එකතු නොකිරීම ගැන වාර්තාවක් ඉල්ලයි නිවාස සහ ආයතන රැසක සවිකර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇති බවත් එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම සහ ප්‍රමාද කිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් දෙන ලෙස බලධාරීන්ට විදුලිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කළ බවත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 17 March 2022
බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමග ඊයේ (16 ) ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය. 17 March 2022
ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 17 March 2022
‘කළු රෙදි වලින් මුහුණ වැසූ නිලධාරීන් පොලුවලින් පහර දුන්නා‘ ’’කළු පාට රෙදි කැබිලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුද හමුදා නිලධාරීන් පොලු වලින් පහර දුන්නා ’’ යැයි පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදු කළ උද්ඝෝෂණයට යුද හමුදාව පහර දී වෙඩි තබා තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේදි සාක්ෂි දෙමින් ජයවර්ධන පෙරේරා නැමති සාක්ෂිකරු පැවසීය . 17 March 2022
පොලිතින් නිෂ්පාදන මිල සියයට 40 කින් ඉහළට පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පැවසීය. 17 March 2022
ඉසෙඩ් ඩී ඇළෙන් ගොඩ ආ අලි දෙදෙනා යකා නටති පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළහ. 17 March 2022
‘රටේ අර්බුදය ගැන ජනාධිපතිවරයාටත් අවබෝධයක් නෑ‘ රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 17 March 2022
දුම්රියෙන් වැටී විදේශිකයෙක් මරුට කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය. 17 March 2022
ශ්‍රී ලංකාව ගැන එංගලන්තයෙ සංචාරක උපදේශන වැරදි එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ නවතම සංශෝධනවලදී නිවැරදි නොවන තැන් කිහිපයක් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙයි. 17 March 2022
පළාත් කිපයකට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (17) සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 March 2022
දුම්රිය ධාවනය පුළුල් කරන්නැයි ස්ථානාපධිපතිවරු ඉල්ලති ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පුද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් ඉවත් වී දුම්රිය භාවිතා කිරීමට පෙළඹීම පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ධාවන පුළුල් කරන ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 17 March 2022
ගෑස් නෞකා දෙකට ඩොලර් ගෙවයි කොළඹ වරායේ නවතා ඇති ගෑස් නෞකාවලට ගෙවීම් කර ඇති බවත් එම ගෑස් තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 17 March 2022
කොරෝනා ආසාදිතයන් දිනේන් දින පහළට කොවිඩ් ආසාදිතයින් තව 320 ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 16 March 2022
බඹර ප්‍රහාරයෙන් 50ක් රෝහලට අනුරාධපුර සිට පැමිණ කෙසෙල්ගමුඔයේ දිය නාමින් සිටි පිරිසක් අතර සිටි අයකු බඹර කුඩුවකට ගලකින් පහර දිම නිසා බඹරුන් ඇවිස්සි ප්‍රහාරයට ලක් වූ 50කට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 16 March 2022
අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය. 16 March 2022
ප්‍රංශ යුවතියෝ 300ක් දඹුල්ලේ පා ගමනක මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද Raid Amazones 2022 වැඩසටහන සීගිරිය පොල්අත්තාව ගම්මානයෙන් අද දින පෙරවරුවේ ආරම්භ කළේය. 16 March 2022
නිල ඇඳුමට එහා ගිය දරු සෙනෙහස නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන්ද සිල්වා මහතා පාසල් සිසුවකුට බත් කවන ඡායාරූපයක් සමාජ මධ්‍යවල හුවමාරු වෙයි. 16 March 2022
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන කැබිනට්ටුවට විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ . 16 March 2022
දිනකට කොරෝනා මරණ එකක් දක්වා පහළට කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු ඊයේ දින මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව මෙරට කොරෝනා මරණ සීග්‍රයෙන් පහළ ගොස් ඇත. 16 March 2022
ලයිට් කැපිල්ල විනාඩි 30 කින් අඩු වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (17) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (16) පස්වරු පැවසීය. 16 March 2022
කතානායක බුද්ධිමය දේපළ පනත සහතික කරයි බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය. 16 March 2022
ඇඳිවතත් නැති වන ලකුණු ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ලංකාදීපට පැවසීය. 16 March 2022
ජනතාව පෝලිම්වල දුක් විදිද්දී ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා යහපාලන ආණ්ඩුව තිබුනේ නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. 16 March 2022
පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රී වගකිව යුතුයි පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ඔහු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන මහතා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) ප්‍රකාශ කළේය. 16 March 2022
ආපනශාලාවලින් හෙට සිට කෑම නෑ ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය. 16 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026