ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක් ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 August 2022
එංගලන්තයේ වෙළෙඳ පැකේජයට ලංකාවත් එක්කර ගනී යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 16 August 2022
හදිසි නීතිය මෙි සතියේ ඉවතට දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 August 2022
කොවිඩ් ආසාදිතයන් 195 ක් ’කොවිඩ්‘ වයිරසය ආසාදිත රෝගීන් 195 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 16 August 2022
රට ව්‍යසනයක: අගමැතිගෙන් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (16) පැවසීය. 16 August 2022
මල්ලවපොර පදක්කම් දිනූ නෙත්මි ගැන ක්‍රීඩා ඇමතිගේ අවධානය එංගලන්තයේදී පසුගියදා නිමාවට පත්වූ 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ නෙත්මි අහිංසාගේ ක්‍රීඩා කටයුතු සහ අධ්‍යපන කටයුතු අඛණ්ඩව පත්වාගෙන යෑමට සැළසුම් සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 August 2022
භාණ්ඩ ලැයිස්තුවේ විමර්ශන ඇරඹේ ජනාධිපති මන්දිරයේ අස්ථානගතවී ඇති භාණ්ඩ මොනවා දැයි එම ලයිස්තුව යොදාගෙන තහවුරු කරගැනීමේ විමර්ශන අද (16) සිට ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 16 August 2022
සර්වපාක්ෂික ආණ්ඩුවක තනතුරු ගැන ඉදිරි සති දෙක තුළ තීරණයක් ගත හැකිවේවි සර්වපාක්ෂික වැඩපිළිවෙලක් යටතේ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
නිදහස් සැමරුමේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමේ වරදක් නෑ ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
ආර්.එම්.වී එන්න දින-වේලාව වෙන්කිරීම අනිවාර්ය නෑ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය නොවන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් දිනයක් සහ වේලාවක් වෙන්කර නොගෙන පැමිණිය ද සේවය ලැබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට පැවසීය. 16 August 2022
සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 16 August 2022
මාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක් මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
කොවිඩ් මරණ තවත් 6ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ තහවුරු කළේය. 16 August 2022
පංචිකාවත්තේදී පොලිස් වාහනවලට පහර දුන් තවත් අයෙක් අල්ලයි මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ දී නියෝජ්‍ය පොලිස්පති ටී.පී ගම්ලත් මහතාට සහ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට ඉකුත් මැයි මස (9) දින පහර දී ඔවුන් ගමන් ගත් මොටර් රථවලට පහර දී ගිනි තැබීම සහ පොලිස් අධිකාරිවරයා සතුව තිබු රාජකාරි ගිනි අවිය පැහැරගත් ගැනීම සම්බන්ධයෙන් සමග 31 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුම මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 August 2022
ලාෆ් ගෑස් ටොන් 3,000ක් එයි ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. 16 August 2022
විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය. 16 August 2022
ශ්‍රි පාද - නල්ලතන්නිය මාර්ගය දිගටම වහයි මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වු මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගය දිගටම වසා දැමිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 16 August 2022
ගොවීන්ට තෙල් දෙන්න අලුත් නිලධරයෙක් පත්කරයි වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 August 2022
දමිළ සංවිධාන හයක තහනම ඉවත් කළ හේතුව දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක දීමනා කප්පාදුව නතර කිරීම හා බැංකු ණය සහන ,රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වේල , ඖෂධ සල්ලි උපකරණ අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද 16 පැවැත්විය 16 August 2022
කඩුවෙල පොලිස් ලොක්කාගේ ඥානයෙන් අපරාධයක් වැළකේ කඩු පොලු අතැතිව සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි. 16 August 2022
ජැක්සන්ගේ කාරයේ ගැටුනු අලියා සෙවීම නවතියි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසීය. 16 August 2022
කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය. 16 August 2022
ඉන්දියාවේ නිදහස් සැමරුමට ඒකාබද්ධ සමරු මුද්දර ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ. 16 August 2022
වී අලෙවි මණ්ඩලයේ සහල් කිලෝව රුපියල් 5කින් අඩු කරයි වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම අද (16) සිට රුපියල් 5කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 August 2022
ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට යයි ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්රමිතීන් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
ජාතිය ගොඩනැගීමේ දී තම කාර්යය නිසි ලෙස ඉටුකරන්න ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන ලෙස වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 16 August 2022
විමලවීර කලකිරෙයි ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 16 August 2022
වනජිවි වෙඩිල්ලෙන් අයකුට තුවාල කරුවලගස්වැව එරමුදුගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වනසත්ව නියාමකවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි. 16 August 2022
රාජ්‍ය ආයතන වල මුල් පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 16 August 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026