රැජින පීලිපනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනවට බාධා අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍ර ගාමි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවත් මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ. 02 September 2022
හැටෙන් විශ්‍රාම යැවීම වෘත්තීන් කිහිපයකට අදාල නෑ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 02 September 2022
දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි දමනය කළ යුත්තේ අරගල කළ ජනතාව නොව උද්ධමනය බව පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 September 2022
මිද්දෙනිය වෙඩි තැබීමකින් අයෙක් මරුට මිද්දෙණිය සතොස් මාතාගම ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 02 September 2022
වායුගෝලීය කැළඹිලි තත්වය ක්‍රමයෙන් ඉවත්වෙයි ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්වය ක්‍රමයෙන් ඉවත්වෙමින් පවතින බවත් ඒ අනුව පවතින වැසි තත්වය ද ක්‍රමයෙන් පහව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2022
ඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර මිලියනට හතක වියදමක් තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුව විදීමට සිදුව ඇත. 02 September 2022
පුංචි ඡන්දය ලබන මාර්තුවේ පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය. 02 September 2022
ඉන්ධන,ගෑස් හා ගොවි ගැටළුවලට සාගල මැදිහත් වෙයි ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 September 2022
‘‘විදෙස් ගත වන්නට පෙර මැලේරියාවට බෙහෙත් ගන්න‘‘ විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙසත් හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය ඉල්ලා සිටී. 02 September 2022
‘‘මර්දනය තියෙන තුරු මේ රටට සල්ලි එවන්න එපා‘‘ අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු එක සත පහක් හෝ මේ රටට නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 01 September 2022
අර්ජුන ඇලෝසියස්ට සිතාසි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සිතාසි නිකුත් කර ඇත. 01 September 2022
හත් හැවිරිදි දරුවාට කැති පහර දුන් නරුම සියා තාත්තාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදී ගැනීමට ඒ සදහා රුපියල් 100 ක් අතැතිව වෙළඳසැලකට ගිය 7 හැවිරිදි ළමයකුට කැතතකින් පහරදී කපා කොටා බරපතල තුවාල සිදු කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි. 01 September 2022
‘‘ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් දැක්මක් නෑ‘‘ ඇමතිවරුන්ට නිසි දැක්මක් නැති බවත් දැක්මක් ඇති අයගෙන් උපදෙස් නොගන්නා බවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසුහ. 01 September 2022
ජපන් මහාචාර්යවරියට අමතක වූ මුදල් පසුම්බිය ආපසු දෙයි ජපන් මහාචාර්යවරියකවන මටෘනුරා ජුන්කෝ ගේ මහත්මියගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී බිම වැටී තිබියදී ගුවන් තොටුපළ සේවිකාවක විසින් අහුලා ආපසු බාර දෙනු ලැබුවාය. 01 September 2022
ආසියානු ක්‍රිකට් ශූරතාවලියේ තාක්ෂණ කමිටු සභාපති චරිත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලියේ (2022) තාක්ෂණ කමිටු සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් සේනානායක මහතා පත්කර තිබේ. 01 September 2022
ඉන්ධන මිල වෙනසක් නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (1) දිනයේ ඉන්ධන මිල සංශෝධනය විය යුතු වුවද ඉන්ධන මිලේ වෙනසක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 September 2022
කිලෝ 198ක කුඩු නඩුව විභාගයට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක් කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Tial At Bar) පත් කරන ලදී. 01 September 2022
ආයෝජකයන් ආරක්ෂා කරන්න ජනපතිගෙන් කාර්ය සාධක බලකා 08ක් යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා අටක් ස්ථාපිත කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදු කෙරිණි. 01 September 2022
පැටල් මාරු වී සැප රිය ඉන්ධනහලට කඩා වදී සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් පොම්පකරු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ලබාගැනීමට ආ ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට හානි සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි. 01 September 2022
කළුතර නිවාස නිලධාරීන් පිරිසක් අහිංසකයන්ගේ මුදල්වලට විදලා කළුතර දිසාවේ අඩු ආදායම් ලාභීන් ලබාගත් නිවාස ණය වෙනුවෙන් ගෙවන ලද ණය වාරිකවලින් රුපියල් කෝටි ගණනාවක මුදලක් වංචා කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය 01 September 2022
දෙව්දත් පුතු පියා මරා මවට ගහලා 47 හැවිරිදි අවිවාහක පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 01 September 2022
ජීවන්ත පියතුමා දැමූ පෙත්සම පියතුමාම ඉල්ලා අස්කර ගනී තමන් අත්අඩංගුවට ගැනීම අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පියතුමා විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (01) ඉල්ලා අස්කර ගත්තේය . 01 September 2022
ධම්මිකට එරෙහි පෙත්සමේ කරුණු විමසන්න දින දෙයි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීමට එරෙහිව ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වන දා එම නඩුව කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය. 01 September 2022
’’කඩෙි’’ බිස්නස් පාඩු කළාට මුදලාලිලා, මැනේජර්ලා, කැෂියර්ලා වග කිව යුතුයි ’’කඩෙි’’ බිස්නස් පාඩු කළාට රොනී ද මැල් මුදලාලිලගේ සිට කඩෙි වැඩ කළ මුදලාලිලා, මැනේජර්ලා, කැෂියර්ලා වග කිව යුතු බව බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 01 September 2022
රටේ ප්‍රශ්නවලට උත්තර දෙන උත්තර සභාගය ගොඩනගනවා රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන ‘උත්තර සභාගයක්’ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ලබන 4 වැනිදා ගොඩනගන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 01 September 2022
දුමින්දට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචනද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත් වන බව අද (01) දැනුම් දුන්නේ ය. 01 September 2022
ඉන්ධන ලොරියත් ඉන්ධන නැතිව අතරමඟ නතර වෙයි මුතුරාජවෙල ඉන්ධන පිරිපහදුවේ සිට පුත්තලම ඉන්ධනහල් වෙත පෙට්‍රල් රැගෙන එමින් තිබු පෙට්‍රල් රැගත් බවුසරයක් ඉන්ධන අවසන් විම පැය 10කට ආසන්න කාලයක් අතරමඟ නතර කර තිබුණි. 01 September 2022
අගෝස්තු මස ඉන්ධන ලීටර කෝටි 16 ක් බෙදලා ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය භාවිතා කරම පසුගිය අගෝස්තු මස ඉන්ධන ඉන්ධන ලීටර කෝටි 16 ක් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර් කෝටි 10 ක් සහ ඩීසල් ලීටර් කෝටි 6 ක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාත්‍යාංශය පැවසීය. 01 September 2022
ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කර වසර 150ක් පිරීමට සමරු තැපැල්පතක් ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කර 150 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු තැපැල්පතක් නිකුත් කිරීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) සිදුකෙරිණි. 01 September 2022
’’රටෙි මිනිස්සු තවත් වට්ටන්න බෑ’’ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026