IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවැසූහ.

මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කීවෙි අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි.

 



අදහස් (8)

මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති

Hinni appuhami Tuesday, 21 March 2023 10:17 PM

ජෙප්පොන්ට නම් කාල ඉන්න බෑ දැන්. උන් දන්නව උන්ගේ බහින කලාව පටන් ගත්තා කියලා. රට විනාශ කරන කාටත් වෙන්නේ ඕක තමයි.

:       11       4

බද්රානි Tuesday, 21 March 2023 10:21 PM

ඔය කියන "ආර්ථික ප්‍රතිසංස්කරණ" වගේ මහාපරිමාණ වචන භාවිතා කරන්න නම්, ලංකාවේ හොර තක්කඩි දේශපාලකයොත් හපන්නු. ඕවා අපිට නම් අමුතු වචනත් නොවෙයි. ජනතාව හිඟන්නෝ කරලා දේශපාලකයින් හා ඔවුන්ව බලයට ගෙනෙන එක්තරා තක්කඩි ව්‍යාපාරික කල්ලියක් තමයි මේ රට මෙහෙයවන්නේ. රුපියලේ අගය අඩුවන විට එක රැයින් මේ රටේ සියලුම ආනයනික භාණ්ඩ වල පමණක් නොවෙයි දේශීය භාණ්ඩවල මිල වැඩි උනා නම්, රුපියලේ වටිනාකම වැඩිවෙන විට මොකද භාණ්ඩවල මිල අඩු නොවන්නේ. ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩුවී තිබෙනවා. ඒ සහනය ජනතාවට ලබාදී තියනවද? වෙන රටවල් නම් ඔය මුල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන දියුණු වෙලා ඇති එත්, මේ රටේ දේශපාලන පක්ෂ දියුණු කරන අමන පාලකයින් හා අඥාන ගෝත්‍රික ජනතාවක් සිටින තාක්කල් මේ රට ආගාධයෙන් අගාධයටම වැටෙනවා හැර වෙනත් වෙනසක් නම් මේ යුගයේ සිදු නොවනු ඇත. ජනතාවගේ ආශීර්වාදය වෙනුවට, ජනතා ශාපයකින් මේ රට වෙලී ඇත. ඒ ශාපයෙන් මිදීමට ජනතා වාදී රජයක් බිහිවිය යුතුයි. එයද මේ කපේදී සිදු නොවනු ඇත!!

:       3       11

විජිත් Tuesday, 21 March 2023 10:34 PM

මේ ෆොටෝ අයිතිහාසික එකක් වෙන්න පුළුවන්, මෙහි සිටින තුන් හතර දෙනෙක්වත් අනාගතයේදී බලු කුඩුවක තම ජිවිතයේ ඉතිරි කොටස අන්ත අසරනවිදිහට ගෙවාදමලා අවසානයේදී කාත් කවුරුවත් නැති , අන්ත හිඟන්නන් ලෙස " අපාගතවේවි ". ඒ සියල්ලටම මුල " උද්දච්චකම " නම් මුලාවයි.එම දඬුවම ශ්‍රී ලංකාවේ රාජ්‍යසේවයේ සිටින සියලුම නිලධාරීන්ට ( ඉතා අවංක, උගත්, බුද්ධිමත් ,රටට ආදරේ කරන,කෙලින් වැඩකරන, දේශකාපාලුවන්ට ගති කම් නොකරන, නිලධාරීන්ට හැමදාමත් ගරු කරමි ) අගනා පාඩමක් වේවි !!!

:       3       7

AB Wednesday, 22 March 2023 02:04 AM

අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි IMF ලබාදී තිබෙනුයේ ඉතාමත්ම දනාත්මක පිළිතුරකි. එය තෙරුම්ගෙන අනාගතයේ දී යලිත් IMF වෙත නොයාමට ලංකාවේ කලයුතු ප්‍රතිසංස්කරණ කලයුතුවේ. ඉන්දියාව මෙයට හොදම උදාහරණය වේ.

:       2       2

Lalithsjm Wednesday, 22 March 2023 09:07 AM

ශ්‍රී ලාංකික කම්මැලි මිනිසුන් සඳහා ඔවුන්ගේ රැකියාව සඳහා 225 සොරු කණ්ඩායමක් සඳහා මෙම ණය මුදල ලබා දීමට එකඟ වූ පරිදි ඔවුන් ඔවුන්ගේ කොමිස් මුදල ලබා ගත යුතුය.

:       5       8

fairoos Wednesday, 22 March 2023 01:15 PM

අනේ ඔව් පෙරවැරදි අපි අමතක කරමු. .. මීට බයියෙක්.

:       3       8

Ananda Thursday, 23 March 2023 09:12 AM

මොන ප්‍රතිසංස්කරනෙ කලත් වැඩක් නෑ පාලක හොරු රැල ඉන්නකන්, ඉදිකිරීම් හරහා ව්‍යාපෘති හරහා, මේ සල්ලි ටිකක් උන් මඩි ගහයි, මිනිස්සුන්ව හිගමනට දාල

:       0       2

බද්‍ර යව්වනයා Friday, 24 March 2023 09:30 AM

අපෙ අනගතය හොන්දයි වගෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි
2024 මැයි මස 07 139 0

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ල


අපරාධ නඩු සංශෝධන පනතට කතානායක සහිතකය
2024 මැයි මස 07 84 0

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර


අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි
2024 මැයි මස 07 507 1

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක


2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප
2024 මැයි මස 07 470 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කො


ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ
2024 මැයි මස 07 587 4

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ


මගියා බසයේදී මිය ගිහින්
2024 මැයි මස 07 631 0

කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 539 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1989 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1761 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site