පුංචි ආණ්ඩු පොහොට්ටු ජාතික ලයිස්තු අපෙක්ෂක කසිප්පු සමග මාට්ටු පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අතිරේක ලැයිස්තුවෙන් වැලිකන්ද ප්‍රාදේශිය සභාවට තරඟ වැදීමට නියමිතව සිටි පුද්ගලයෙකු නීතී විරෝධී අරක්කු ලීටර් 15 ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 13 August 2023
රට විරුවන්ට ගෙවල් හදන්න ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අරඹා තිබේ. 13 August 2023
හොර පාරෙන් බීඩි කොළ පන්නන්න බැරිවෙයි මාර්ග බාධක මගහැරමින් අතුරු මාර්ග හරහා රැගෙන යාමට සුදානම් වු රුපියල් ලක්ෂ 50 කට ආසන්න බීඩි කොළ තොගයක් වනාතවිල්ලුව හා කරුවගස්වැව පොලිස්ථාන ඒකාබද්ධව කළ වැටලීමකදී අද(13 ) අත් අඩංගුවට ගත් බව කියයි. 13 August 2023
නිෂ්පාදන කළමනාකාරවයාගේ සිරුර නේවාසිකාගාර ඇදේ ආරච්චිකට්ටුව අඩිප්පල පාරේ පිහිටි මුහුදු ආහාර ආයතනයක නිෂ්පාදන කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ තිස්තුන් හැවිරිදි අයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නේවාසිකාගාරයේ ඇඳ මත මිය ගොස් සිටියදීඔහුගේ සිරුර සොයාගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 13 August 2023
යතුරුපැදි අනතුරින් සිසුවා මරුට තංගල්ල නගරයේ සිනමා ශාලාව ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් යතුරුපැදියක ගමන්ගත් 19 හැවිරිදි පාසැල් සිසුවෙක් මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 13 August 2023
පොලිස් වෙසින් මුදල් ගත් සෙබළු 4ක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීගමුව බඩල්ගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් බලහත්කාරයෙන් රුපියල් දහස් ගණනින් මුදල් ලබා ගැනීමේ නිරතව සිටියේ යැයි කියන හමුදා සෙබළුන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි . 13 August 2023
බස්නාහිරට, සබරගමුවට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 August 2023
බසයේදී මාලයක් සොරාගත් තරුණියක් ඇතුළු3ක් දැලේ බස් රථයක ගමන් ගත් 66 හැවිරිදි කාන්තාවකගේ අත් බෑගය තුළ තිබූ රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසක් වටිනා රන් මාලයක් සොරාගත් බව කියමින් තරුණියක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි. 13 August 2023
ඝාතන හතරක් ඊයේ දින වාර්තා වේ පහරදීමෙන් කාන්තාවක් ඇතුළු වූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (12) දිනය තුළ ද ඝාතනය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 August 2023
දඹුල්ල ක්‍රීඩකයෝ නැවතත් පෙරමුණට එති ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස අද (12) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ලකුණු 50 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. 13 August 2023
අයිෆල් කුලුනට බෝම්බ තර්ජන බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුනේ ආරක්ෂාව තර කෙරුණි. අයිෆල් කුලුන ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලොව ප්‍රසිද්ධ අයිෆල් කුලුන නැරැඹීමට වසරකට මිලියන ගණනක් දෙනා පැමිණෙති. පසුගිය වසරේ පැමිණි නරඹන්නන් ගණන මිලියන 6.2 ක් යැයි පැවැසෙයි. 13 August 2023
නැ‘හිර කුරිරු ඝාතනයට වසර 33යි නැගෙනහිර පළාතේ ගම්මාන කිහිපයක මුස්ලිම් වැසියන් 121 ක් එල්ටිටිඊ සංවිධානය මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ආරම්භ කළ “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය’ සැමරුම් වැඩසටහනක් අද (12) පැවැත්වීය. 12 August 2023
පාකිස්තානයේ බාරකාර අග්‍රාමාත්‍ය අන්වර් උල්හක් පාකිස්තාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව මැතිවරණය පැවැත්වෙන තෙක් භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් උල් හක් පත්කර තිබේ. 12 August 2023
ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා සාකච්ඡාවක් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 12 August 2023
කැන්ඩි පිල ලකුණු 8 කින් ජැෆ්නා පරදවයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 8 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 12 August 2023
පී.සී සහ නාවික සෙබළා බසයකදී 16 දැරියට ලිංගික වද දීලා පෞද්ගලික බස් රථයක ගමන් ගත් 16 හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර සිදු කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි. 12 August 2023
පිටකොටුවේ පිටි තොග අවසන් අදියරේ තමන් සතුව ආනයන තිරිඟු පිටි තිබෙන්නේ දින කීපයකට බව පිටකොටුව පිටි ආනයනයකරුවෝ පවසති. 12 August 2023
එන්නතක් දීමෙන් පසු දියවැඩියා රෝගියා මරුට? දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි රෝගියකු අද සවස ගම්පහ රෝහලේ දී මියගොස් ඇතැයි වාර්තා වේ. 12 August 2023
රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 12 August 2023
පොහොට්ටුවේ කට්ටිය ක්‍රිකට් සැනකෙළියක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ . 12 August 2023
නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. 12 August 2023
මහා සංඝරත්නය නැගෙනහිර ආණ්ඩුකාරවරයට එරෙහිව පාරට බසිති ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම්හි පිහිටි බොරලු කන්ද රජමහ විහාරයේ සංවර්ධනය මන්ත්‍රි ආර්.සම්බන්ධන්ගේ ඉල්ලීම මත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් නැවැත්වීමට එරෙහිව මහා සංඝරත්නය අද විරෝධතාවක නිරත වූහ. 12 August 2023
මීගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට මීගමුව දුංගාල්පිටිය ලෙල්ල ම ප්‍රදේශයේ දී අද (12)පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 12 August 2023
ආතතිය කට්ටිය වැඩි වෙලා ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළු (ආතතීන්ට) වලට ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය. 12 August 2023
පුහුණු ගුවන් යානා පහක් කොටඋඩ ගුවන් හමුදාවට රුපියල් කෝටි 95 කට කට ආසන්න මුදලකින් මිලදීගත් ප්‍රාථමික පුහුණු ගුවන් යානා හයකින් පහක් ඒවායේ එන්ජින් අලුත්වැඩියාව හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් තිස්සේ පුහුණු කටයුතු සඳහා භාවිත නොකිරීමෙන් එම යානා වෙනුවෙන් දැරූ වියදම ප්රතිඵලදායකවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 August 2023
කොළොම් කුමාරිය හැඩ වැඩ කරයි කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත. 12 August 2023
රටේ මුදල් ගැන හරිම තොරතුරු දෙන්න ’’ඉට්මිස්’’ එයි මුදල් අමාත්‍යාංශ ප්රමුඛ ගිණුම් කටයුතු පරීක්ෂා කරන ආයතනවලට ඕනෑම තැනක සිට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාගත හැකි ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. 12 August 2023
කෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම වෙයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන මස පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (11) තීරණය කෙරිණ. 12 August 2023
අදත් පළාත් කීපයකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 August 2023
ප්‍රධාන ජලාශවල ජලය සීඝ්රයෙන් පහළට ප්‍රධාන ජලාශ 73 න් 66 ක භාවිත කළ හැකි ජල ධාරිතාව සියයට 50 කට වඩා අඩු මට්මක පවතින බවත් වර්ෂාව නොලැබුණ හොත් ගැටලුකාරී තත්වයක් ඇති වියහැකි බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමණාකරන) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය. 12 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026