(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදඟා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (28) පැවැත්වෙන බව එම කොමිසමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනා සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නේද එසේ නැත්නම් මීට පෙර ඉදිරිපත් කළ විදුලි ගාස්තුව සියයට 3.34 කින් අඩු කිරීමට කළ යෝජනාවේ ක්‍රියාමාර්ග නව යෝජනාවට අදාල කරන්නේද යන්න එම රැස්වීමේදී තීරණය කරන බව ද එම සාමාජිකයා කීය.
විදුලි ගාස්තු අඩු කිරීම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම මහජන උපයෝගිතා කොමිසමේ බලාපොරොත්තුව බවත් ඒ සඳහා නීතියානුකූලව ගතහැකි සියලුම පියවර ගන්නා බවත් එම සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල අඩු කරන්න කොමිසම හෙට රැස්වෙයි
චන්දන Tuesday, 27 February 2024 05:00 PM
වැඩි කරන්න තිබුණු උනන්දුවක් අඩු කරන්න නැහැ ... එපා වාහෙට හොදි බෙදනවා වගේ... ඇයි එතකන් තව මාටිය ගැහිලි පුළුවන්නේ...
JayasekaraWednesday, 28 February 2024 10:30 AM
ඒකනම් ඇත්ත... මොවුන්ට වැඩි කරනකොට ඔක්කොම එක්ක එකතු වෙලා පහුවදා එළිවෙන්නත් ඉස්සෙල්ලා වැඩි කරනවා. අඩු කරනකොට වටේ යනවා. කාලකණ්ණි සෙට් එකක් ඉන්නේ...!
ravin Tuesday, 27 February 2024 05:25 PM
එපා අඩු කරන්න. හැබැයි හොඳින් මතක තියාගන්න කොයිකාගෙත් තටු කපන කාලේ වැඩි ඈතක නොවේ...
අරවින්ද මොනරවිල Tuesday, 27 February 2024 06:27 PM
වැටුප් යානවාහන සියලු දීමනා භුක්ති විඳිමින් රටට ජනතාවට සතපහක වැඩක් නැති අපතයින් මොවුන්...!
Nimal Elpitiya Wednesday, 28 February 2024 08:48 AM
තවම නැකත හරි ගියේ නැහැ වගේ තවම ගසාකන්න පුළුවන් ඇමතියගේ සිට හැමෝටම හෙන පාත්වෙනවා... මෙච්චර කල් අපේ මුදල් හූරාකාලා දැන් තොත්ත බබා පාට්දානවා. මේවාට වග කියන්න ඕනෑ අය හැමෝටම ජනතා උත්තරය කොයිවගේද කියා පෙන්වයි.