IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි ගාස්තුව සියයට 37කින් අඩුකරන්න

(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව සියයට 37 කින් අඩු නොකර තවදුරටත් ජනතාව මුලාකිරීමට කටයුතු නොකරන ලෙස විදුලිබල ඇමතිවරයාට මතක් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද (27) පැවසීය.

ජාතික ජන බලවේගය කොළඹදී අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ මහතා එසේ පැවසීය.  

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගය සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත් බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පළමුවෙන් සියයට 3.34 කින් පමණක් බිල අඩු කළ හැකි යැයි පැවසූ බවත් ඒ මහතා කීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නීති විරෝධීව සියයට 18 කින් විදුලි බිල වැඩිකර අවුරුද්දකට දෙවරක් සංශෝධනය කිරීම අනාගතයටත් බලපාන ලෙස තුන්වරක් සංශෝධනය කළ බව කී ඒ මහතා පැවසුවේ ඔක්තෝබර් මාසයේ තිබුණු ගාස්තුවට නැවත විදුලිබිල ගෙන එන්නේ යැයි ඇමතිවරයා පවසන බවත්ය.

පාරිභෝගිකයා සූරාකමින් ජාවාරම්කාරී අරමුණු වෙනුවෙන් ඇමතිවරයා සහ නිලධාරීන් ක්‍රියාකරන බවත් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අලුතින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව වියදම බිලියන 93 කින් අඩු කර ඇති බවත් සමරසිංහ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

විදුලි ගාස්තුව සියයට 37කින් අඩුකරන්න

abeygunasekarasampath95 Tuesday, 27 February 2024 07:53 PM

මෙයා කියන ඒවා කරන්නකෝ... රට බංකොලොත් කරන්න..!

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site