උතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයි උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා දෙති. 12 August 2023
තරුණයෙක් අභිරහස් ලෙස මිය ගිහින් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ විසි එක්වන සැතපුම් කණුව හැවන්දාන, කිරිවැල්කැටිය මංසන්දිය ආසන්නයේ තිබී සැක කටයුතු අන්දමින් මිය ගිය තරුණයින්ගේ මළ සිරුරක් අද (12) අළුයම සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 12 August 2023
තබ්බෝවට ගිනි තියලා තබ්බෝව අභය භුමියෙ ඇතිවු ගින්නකින් අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි. 12 August 2023
නාවික හමුදා රෝහලට වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කළ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහලට ප්රදානය කළේය. 12 August 2023
සමනළ වැවේ වතුර අපතේ යැවූ අය සොයයි එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනල වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. 12 August 2023
දඹුල්ල අවුරා පෙරමුණට එයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රී පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත් විය. 12 August 2023
ගින්නකින් ලී මඩුව විනාශයි වස්කඩුවේ ලී මෝලක හටගත් ගින්නකින් එහි ලී බඩු විනාශ වී ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 12 August 2023
තරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ අද (11) තහනම් කරනු ලැබීය. 12 August 2023
අවුරුදු 09 දැරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අවුරුදු නමයක් වයස සිසුවියකගේ සිරුර නිවසේ ලණුවකින් එල්ලෙමින් තිබියදී අද සවස සොයාගත් බව හලාවත මූලස්ථාන පොලීසිය කියයි. 11 August 2023
විදුහල්පතිගේ අවවාදය නොරිස්සූ අඹුසැමි යුවළ යකා නටලා කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි. 11 August 2023
ආරක්ෂක ලේකම් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හමුවෙයි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා උපරිම සහයෝගය දෙන බව අද (11) පැවසීය. 11 August 2023
මාරාන්තික අවි රැගෙන ගිය අයෙක් මාට්ටු වායු පිස්තෝලයක්, කලාකිරිඤ්ඤයක් සහ උල් පිහියක් රැගෙන යතුරුපැදියකින් ගාලු පාරේ ගමන් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 11 August 2023
දොරාදත්ත වැවේ මසුන් ඇල්ලූ පිරිසකට උණ:දෙකක් මරුට කුරුණෑගලට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් දිය සිඳී ගිය ගනේවත්ත හිරිපිටිය කිරිඳිවැල්ගාල දොරාදත්ත වැවේ මසුන් ඇල්ලීමට ගිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් හදිසි උණ රෝගයකට ගොදුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් තරුණයන් දෙදෙනකු මරණයට පත්ව සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි. 11 August 2023
රටවිරුවන් ඩොලර් මිලියන 541ක් එවලා ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 11 August 2023
කාසල්රී පෝෂණ කාලාපයට තද වැසි කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද පස්වරුවේ විනාඩි 30 ක පමණ කාලයක් තද වැසි පතිත විය. 11 August 2023
යෞවන ක්‍රීඩා උළෙල යළි අරඹයි ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙන යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලය කඩිනමින් අරඹන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය. 11 August 2023
ධීවරයෝ තිදෙනෙක් අකුණකට බිලි මිහින්තලේ සීප්පුකුලම තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයන් තිදෙනකු අකුණු සැර වැදී මියගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි. 11 August 2023
ජනතා විප්ලවයකට එකමුතුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් නිරයුද අරගලයෙන් ජනතා විප්ලවයකට එකමුතුව ෆීඩ්මාශල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල විරෝදතාවයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි අද (11)දින පැවති අතර එහිදි සරත් ෆොන්සේකා මහතා පැමින සිටි විරෝධතාකරුවන් සමග උද්ගොශණයේ යෙදුනු අයුරු . 11 August 2023
අගවිනිසුරුට එරෙහි නාගානන්දගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කරන ලදැයි සඳහන් කරමින් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 11 August 2023
පුවත්පත් කලාවේදි සෝමා ටි. පෙරේරා දිවියට සමුදෙයි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය. 11 August 2023
බඩ ගින්න නිවුනාම ජනතාව ඡන්දපොළට යවනවා බඩගින්න නිවුණු පසු ජනතාවට ඡන්දපොළට යවමු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 August 2023
හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය රුපියල් බිලියන 4.29 ක පමණ හදිසි පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. 11 August 2023
ගෙදර ගිය ගුරුවරුන් බඳවා ගන්න යයි විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 August 2023
සරුංගල් යවද්දී මළ අපද්‍රව්‍ය වලට වැටී තරුණයෙක් මරුට මිතුරන් දෙදෙනකු සමඟ සරුංගල් යැවීමට ගොස් සිටියදී අක්කර පහකින් යුත් පල්දෝරු පද්ධතියකට වැටී දියේ ගීලීමෙන් වූ අසාත්මිකතාවකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ තරුණයකු මියගොස් ඇති බව මත්තේගොඩ පොලීසිය පවසයි. 11 August 2023
කොළඹ ආරක්ෂාව තරකරයි කොළඹ පුරහල අවට අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් ඒ අවට විශේෂ ආරක්ෂාවක් ක්රියාක්මක කර ඇත. 11 August 2023
කෘෂි ගැටලු ලිහන්න කාර්ය සාධක බලකායක් කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීමට කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 August 2023
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සැක සහිතයි ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 August 2023
ඇරියස් වාහන බලෙන් උස්සන්න බෑ කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 August 2023
විරෝධතාවට අධිකරණයෙන් තහනමක් මරදාන ඩීන්ස්පාර, ජාතික රෝහල් චතුරශ්‍රය, ටෙක්නිකල හංදිය , කොටුව දුම්රිය ස්ථානය ආදි ප්‍රදේශ රැසක අද (11) පැවැත්වීමට නියමිත විරෝධතාව මාර්ග කිහිපයකට ඇතුලු වීම තහනම් කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත. 11 August 2023
අධිකණයට උණ්ඩයක් ගෙනියන්න හැදූ අයෙක් අල්ලයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළට ත්‍රී ඕ ත්‍රී වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උන්ඩයක් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 11 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026