
(සමන්ත යහම්පත්)
17 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම සංස්කරණය යන සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී තිබේ.
ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ආසියානු සිනමා සම්මාන සඳහා නිර්දේශවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
අන්තර්ජාතික බූසාන් චිත්‍රපට උළෙල, ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල හා හොංකොං අන්තර්ජාතික චිත්‍රපට උළෙල හා හොංකොං අන්තර්ජාතික චිත්‍රපට උළෙල ඒකාබද්ධව වාර්ෂිකව ‘ආසියානු සිනමා සම්මාන උළෙල’ පවත්වයි.
17 වැනි වරට මෙවර හොංකොං නගරයේදී මාර්තු 10 වැනිදා පැවැත්වීමට නියමිත ‘ආසියානු සිනමා සම්මාන උළෙලේ’ මෙවර ජූරි සභාපතිත්වය ප්‍රවීණ ජපන් චිත්‍රපට අධ්‍යක්ෂ තියෝශි කුරොසාවා දරන අතර ආසියානු සම්මාන ඇකඩමියේ සාමාජික සාමාජිකාවෝ 200 දෙනෙක් සම්මානලාභීන් තේරීමට තම ඡන්දය පාවිච්චි කිරීමට නියමිතව සිටිති.
ප්‍රසන්නගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය පසුගියදා ප්‍රංශයේ ‘වෙසුල් අන්තර්ජාතික සිනමා උළෙලේදී’ යොවුන් ජූරියෙන් හොඳම චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය හිමිකරගත් අතර, මීට පෙර ‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන ‘කිට් ජොසික්’ සම්මානය ද හිමිකර ගත්තේය.
මෙය ප්‍රසන්න පළමුවරට මලයාලම්, හින්දි හා ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ චිත්‍රපටය ලෙස සැලකේ.
තිර රචනයෙන් ප්‍රසන්න විතානගේ හා අනුෂ්කා සේනානායක ද සංස්කරණයෙන් ඒ. ශ්‍රීකර් ප්‍රසාද් ද මෙයට දායකවී සිටිති.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු සිනමා උළෙල …...............