කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 October 2023
කතානායකට පොපි මල් පළමුවන සහ දෙවන ලෝක සංග්රමයන්හි දී මෙන්ම පසුගිය තිස් වසරක පැවති යුද ගැටුම්වලදී දිවි දුන් රණවිරුවන් අණුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන පොපි සැමරුම නිමිත්තෙන් කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාට පොපි මල් පැළැඳවීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය. 19 October 2023
නාරම්මල මාරාන්තික අනතුරක් නාරම්මල අලව්ව මාර්ගයේ දම්පෑලැස්ස පාලම ආසන්නයේ දී පෞද්ගලික බසයක් පෙරළීමෙන් බසයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය කියයි. 19 October 2023
ඉපදී දින පහකින් බිළිදිය මිය ගිහින් බේරුවල චීන කොටුව කුච්චි මලේ ප්‍රදේශයේ පදිංචි මවකට මීට දින පහකට පෙර දාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී උපන් බිළිඳියක් නිවසට රැගෙන ඒමෙන් පසු හදිසි අසනීප තත්ත්වයකින් එම බිලිඳිය මව සමග බේරුවල රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 19 October 2023
කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කීපයකින් හරි තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 October 2023
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දෝෂ නිවැරදි කර නෑ ශ්‍රී ලංකාවේ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය. 19 October 2023
ජනපති හෙට චීන ජනපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20) සිදු කිරීමට නියමිතය. 19 October 2023
සුනාක් ඊශ්‍රායලයේ ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය. 19 October 2023
කොටින්ට පණ දෙන්න හැදූ විජයකලා නිදහස් එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ප්‍රකාරව කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය නිදහස් කිරීමට කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කලේය. 19 October 2023
මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 19 October 2023
පාසල් සිසුවිය ඇඳ වැටි මරුට අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි . 19 October 2023
ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ප්‍රහාරයක් ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 19 October 2023
මාන්නප්පෙරුමගෙ අශෝභන හැසිරීමට කතානායකගෙන් දැඩි අවවාද පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වය අතර වාරයේ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සෙංකෝලය අසලට පැමිණ ඊට අතින් තට්ටුවක් දැමීම නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඔහුට දැඩි ලෙස අවවාද කළේය. 19 October 2023
බස්නාහිර අධ්‍යාපනය ගැන විගණන වාර්තාවක් කියයි බස්නාහිර පළාතේ 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් (සියයට 31.5ක්) උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 19 October 2023
කෙසෙල් කැබැල්ලෙන් මරුවා එයි ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 19 October 2023
පාර්ලිමේන්තුව නොසන්සුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කරන ලද කාලය ඉක්ම ගොස් ඇතැයි කියා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පිළිතුරක් සභාගත කිරීමෙන් පසු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් ඝෝෂා කිරීම නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය. 19 October 2023
’’භූ ගොවියා’’ ජනගත කරයි මෙරට කෘෂිකාර්මික ක්ෂෙත්රයේ තාක්ෂණික විප්ලවයක් සිදු කරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සකස් කරන ලද භූ ගොවියා (Geo Goviya) තොරතුරු පද්ධතිය සහිත යෙදවුම ජනගත කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු විය. 19 October 2023
එජාප මහ සම්මෙිලනය අනිද්දා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මෙිලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (21) සවස 2ට උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 19 October 2023
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරෙැලෙයි පැවති ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසට අද (19 )උදෑසන වන විට තැනින් තැන ගල් පෙරළී තිබේ. 19 October 2023
සවස දෙකෙන් පසු අදත් වැස්ස දිවයිනේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 October 2023
ත්‍රීවිල් උස්සා ගෑනු පස්සේ ගිහිල්ලා කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. 19 October 2023
ඇල්ල - වැල්ලවාය මාර්ගයට පස් කන්දක් වැටේ ඇල්ල වැල්ලවාය මාර්ගයට ඊයේ 18 රාත්‍රී ගල්පර්වත සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 October 2023
බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට එනවා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. 19 October 2023
ගාසා තීරයේ මරණ 3,487 ක් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි. 19 October 2023
ගාසා වැසියන්ට මානුෂීය ආධාර ලැබෙනවා - බයිඩන් ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් විපතට පත්වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඊජිප්තුව හරහා කඩිනමින් මානුෂීය ආධාර ලැබෙනු ඇති බව ඊශ්‍රායලයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. 19 October 2023
රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් - බයිඩන් ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කර තිබේ. 19 October 2023
ඝාතකයා ඝානයට ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා අවිස්සාවේල්ල තල්දුව ද්විත්ව ගඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදි පොලිසිය සමග ඇති වු හදිසි තත්ත්වයකදි මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු කේ ඒ මහේෂ් ධනංජය (22) නමැත්තා ගේ අවසන් කටයුතු සිදුකළ අද (18) දින පස්වරුවේ ජනතාව ප්රිති වෙමින් අවිස්සාවේල්ල නගරය හා අවට ප්‍රදේශය පුරා පැය 2 ට ආසන්න කාලයක් පුරා රතිඤ්ඥා දැල් වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 18 October 2023
නවසීලන්තය පිට පිටම සිව්වැනි ජයත් ලබයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 16 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (18) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 149 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් පිට පිටම සිව්වැනි ජය ලැබීමට සමත් වූහ. 18 October 2023
මාල කොල්ලකරුවනට ගුරුවරියගෙන් අපූරු පාඩමක් යතුරුපැදියකින් පාසල වෙත ගමන් කරමින් සිටි ගුරුවරියක ගෙල පැළඳ සිටි රන් මාලය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කඩා ගැනීමට තැත් කළ අවස්ථාවේ ගුරුවරියම ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන දිවගොස් මාලය බේරා ගැනීමේ පුවතක් තිනියාවල පොලිසියෙන් වාර්තා වේ. 18 October 2023
උඩරට දුම්රිය මාර්ගයට ගලක් පෙරළේ පවතින තද වර්ෂාව සමග දියතලාව හපුතලේ අතර උඩරට දුම්රිය මාර්ගයට ගල් පර්වතයක් පෙරලීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 18 October 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026