IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෙලෙන්ස්කී සෞදියේ

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සෞදි අරාබියට ගොස්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය.

යුක්රේන ජනාධිබතිවරයා සෞදියේ රියාද් නුවර ‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ විශේෂ යුක්රේන ගුවන් යානයකිනි. ගමනට අනුග්‍රහය දැක්වූයේ බටහිර රටවල් බව ද පැවැසෙයි.

‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි යුක්රේන ජනාපධිපතිවරයාට සෞදි රජයෙන් උණුසුම් පිලිගැනීමක් හිමිවිය. රියාද් නියෝජ්‍ය ආණ්ඩුකාර මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් අබ්දුල්ලාසි කුමරු ප්‍රමුඛ සේදි රජයේ විශේෂ නියෝජිතයෝ රැසක් යුක්රේන ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

සෞදිය සහ රුසියාව අතරේ සමීප මිතුදම් පවතී. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතරේ ද සමීප හිතවත්කම් පවතී.

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියා මාර්ගය අවසන් කිරීමට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් පියවර ගත යුතු බවත්, රුසියන් හමුදා අත්අඩංගුවේ සිටින යුක්රේන යුද සිරකරුවන් නිදහස් කළ යුතු බවත් යුක්රේන ජනාපධිතිවරයා සෞදි කුමරු හමුවේ පැවැසුවේය.

යුද්ධය අවසන් කිරීමට රුසියාව මෙන්ම යුක්රේනය ද අවස්ථා ගණනාවකදී සාම සැලැසුම් යෝජනා කර ඇති නමුත්, එම සාම සැලැසුම්වල ඇති කොන්දේසි පිළිගැනීම දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර නැත.

යුක්රේන ජනාපධිතිවරයා යුක්රේනයේ සාම සැලැස්ම පිළිබඳව සෞදි කුමරු දැනුවත් කළේ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සෞදිය මැදහත් වන්නේ නම් ඒ ගැන තමන් සතුටු වවන බව ද සෙලෙන්ස්කී, සල්මාන් කුමරුන්ට පවසා ඇත.

සෞදි අරාබිය, යුක්රේනයට වඩා සමීප මිතුදම් පවත්වන්නේ රුසියාව සමඟය. එසේ වුවත් රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, සාම වැඩපිළිවෙළක් සඳහා දෙපාර්ශ්වය කැමැති කර ගැනීමට තමන් සූදානම් යැයි සෞදිය අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබුණි.

( ඒ.එෆ්.පී.)



අදහස් (0)

සෙලෙන්ස්කී සෞදියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site