
(සුජිත් හේවාජුලිගේ )
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම සහාය පළ කරන බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් සිරිතරන් මහතා පැවසූවේ පක්ෂය ඉදිරියේදී රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ යෝජනාවට සහාය පළකරන බවයි
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමග ජන බලවේගය පක්ෂය පවසයි.
මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මේ සතියේදී බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායක විශ්වාස භංගයට ජාජබ සහ ඩලස්ලාගේත් සහාය
Sg Tuesday, 27 February 2024 09:50 PM
එකතුවීම අවශ්‍යයි මේ වෙලාවේ...!