IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (27) හමුවූහ.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ජාතික තේරීම් කමිටු සභාපති උපුල් තරංග, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම්වල නායකයන් වන කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග ද මෙම හමුවට සහභාගි වූහ.

නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සහ දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (6)

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

Sandamali Tuesday, 27 February 2024 10:27 PM

කට්ටියට නොතේරුණාට මේ ක්‍රීඩා ඇමැතිතුමා යටතේ මේ දක්වා කරපු දේවල් සාර්ථකයි, අලුත් තේරීම් කමිටුව නව ක්‍රමවේද වලට ක්‍රීඩකයින් තෝරන්නේ, ක්‍රිකට් තහනම ඉවත් කර ගත්තා, ලංකාව ටීම් එක හොඳ තැනක ඉන්නවා දක්ෂතා අතින් බොරු කියවිල්ල නැතුව හැමෝටම බැන බැන ඉන්නේ නැතුව වැඩ පෙන්නන ඇමැතිවරයෙක් කියලා කියන්න පුළුවන්...

:       3       0

Nadadawa withanage sisira kumara Tuesday, 27 February 2024 10:28 PM

මෙයාලාටත් ප්‍රශ්න තියෙනවාද?

:       0       0

Ashoka Wednesday, 28 February 2024 07:02 AM

මේ ගොල්ලෝ මුහුණදෙන ලොකුම ගැටළුව තමයි ඉන්දියානු වේගපන්දු යවන්නන්...!

:       0       1

Sanka Wednesday, 28 February 2024 07:49 AM

ඒ ගොල්ලන් මුහුණදෙන ගැටළු - ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ කණ්ඩායම් එක්ක ගහනකොට, හෙසල්වුඩ්, ස්ටාර්ක්, බුම්රා වගේ පන්දු යවන්නන් මහා නරක විධියට පන්දු යවන එක. උඩ පන්දු හරිම අමාරු ඒවමනේ එන්නෙත්.

:       0       2

Rata Perata Wednesday, 28 February 2024 12:51 PM

මේ වගේ අපතයෙක් හමු වෙනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉන්න එක

:       1       7

fairoos Wednesday, 28 February 2024 02:20 PM

ඇමැතිලට කඩේ යන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site