විදේශ සංචාරකයන්ට කොළඹ වරායේ පහසුකම් වැඩි කරයි ලබන වසරේ එළඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නෞකා කොට්ඨාශය පවසයි. 19 December 2023
ලොකු ජලාශ පනහක් උතුරයි අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ පනහකට ආසන්න සංඛ්‍යාවක් වාන් දමන මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2023
අතිරික්ත දැවිතෙල් අපනයනයට කැබිනට් අනුමැතිය ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 December 2023
කුඩු ඇද්ද වාහන ඉදිරියේදී රාජසන්තකයි මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ ඊයේ (18 ) උදෑසන සිට අද(19) උදෑසන දක්වා ගතවූ පැය 24 තුළ විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වාහන 9 ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් වාහන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කර එම නියෝග මත රාජසන්තක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි. 19 December 2023
ටෙලිකොම් සේවකයෝ ඉල්ලීම් දිනනතුරු සටනේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (19) විරෝධතාවක් පැවැත්වූහ. 19 December 2023
කතරගම චූටි කපුරාලට ඇප රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළේය. 19 December 2023
ආබාධ සහිත ප්‍රජාවට රාජ්‍ය - පෞද්ගලික රැකියා ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (19) පැවසීය. 19 December 2023
වල්පොල වෙඩිතැබීමට 3ක් අත්අඩංගුවට රාගම වල්පොල ප්‍රදේශයේදී ඉකුත් (14) රාත්‍රියේ සිසුවකු ඇතුළු තිදෙනකුට සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 19 December 2023
ධම්මික පෙරේරා ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි. 19 December 2023
වැලිතිප්පොළ වෙන් කරන්න ආ නිලධාරීන් පන්නා දමති පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට භූ පරීක්ෂණයට ආ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සහ වනජීවි නිලධාරින්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය . 19 December 2023
වනිඳු ඉන්දීය රුපියල් කෝටි 1.5කට අළෙවි වෙයි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) ඩුබායිහිදී අද පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉන්දීය රුපියල් කෝටි 1.5 කට ලබාගත්තේය. 19 December 2023
මාතර පාසල් 22ක විදුලිය කපයි මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර තිබේ. විදුලිබිල නොගෙවීම නිසා එලෙස විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. 19 December 2023
ආපදා ගැන කරුණු කියන්න දුරකථන සමාගම් ගිවිසුමකට එයි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු විය. 19 December 2023
හෝමාගම සමෘද්ධි බැංකුව කොල්ලකයි හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට ගිනි අවියක් සමග ඇතුලු වූ දෙදෙනෙකු විසින් එහි තිබූ රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 19 December 2023
විශේෂ සැකකරු ලැයිස්තුවේ 169 ක් ‘යුක්තිය’යෙන් මාට්ටු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 19 December 2023
කාන්තාවන් - දරුවන් වෙනුවෙන් පොලිස් ක්ෂණික දුරකථන අංකයක් කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි 1 වැනිදා සිට හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (19) පැවසීය. 19 December 2023
මැතිවරණයට අදහස් දෙන්න ජනවාරි 15 දක්වා කල්දෙයි මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා මහජන අදහස් ඉදිරිපත් කිරීමේ කාලය ලබන ජනවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 19 December 2023
රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10 ක් එකමුතු වෙයි යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසයි. 19 December 2023
මාර ගස වැටී යතුරු පැදි 10ක් වැනසෙයි මහනුවර නගරයේ තිබූ දැවැන්ත මාර ගසක් වඩුගඩපිටිය වීදියට කඩා වැටීම හේතුවෙන් එහි මග දෙපස නවතා තිබූ යතුරුපැදි දාහයකට අධික ප්‍රමාණයකට බරපතළ හානි සිදු විය . 19 December 2023
එළවළු මිල අහස උසට කොළඹ සහ අවට ප්‍රදේශවල අද (19) එළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි. 19 December 2023
ජාතික හැදුනුම්පත් ඡායාරූප ගාස්තුව 400 ක් වෙයි ජාතික හැදුනුම්පත් සඳහා ඩිජිටල් ඡායාරූප ගාස්තු රුපියල් 150 සිට රුපියල් 400 දක්වා ඉහළ නංවමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 19 December 2023
මේ අවුරුද්දේ ළමා අම්මලා 2000ක් බාල වයස්කාර ගැහැණු දරුවන් 2000ක් මේ වසරේ ගෙවී ගිය කාලයේදී මවුවරුන් බවට පත්ව ඇතැයි වාර්තා වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 19 December 2023
ඩෙංගුවා මට්ටු කරන්න ’’වොල්බැකියා’’ එයි කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 19 December 2023
විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කලහකාරීව හැසිරුණු, ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 19 December 2023
රජිව් ඝාතකයා ලංකාවට හැර වෙනත් රටකට පිටුවහල් කරන්න බෑ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වී පසුව නිදහස ලැබූ වී.ශ්‍රීහරන් නොහොත් මුරුගන් ඔහු ඉල්ලා ඇති පරිදි එක්සත් රාජධානියට පිටුවහල් කර නොහැකි බවත් ඔහුව පිටුවහල් කර හැක්කේ ශ්‍රී ලංකාවට පමණක් බවත් විදේශිකයන් පළාත් බද මට්ටමින් ලියාපදිංචි කිරීමේ නිලධාරියා මුදුරාසි මහාධිකරණයට දැනුම් දුන්නේය. 19 December 2023
ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනයට 1971 අංක 30 දරණ ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
කෝටි තුනක බඩු ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු ද , අද(19 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 19 December 2023
පුංචි ඡන්දෙට ඉල්ලූ රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන් සඳහා සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 19 December 2023
වව්නියාවේ පිරමනාදන්කුලම වැවේ බැම්ම කැඩෙයි පවතින වැසි තත්වය හේතුවෙන් වවුනියාව,සෙට්ටිකුලම,පිරමනාදන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ්කකය පවසයි. 19 December 2023
කතරගම චූටි කපුරාල අත්අඩංගුවට ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 19 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026