
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හන්දි නමැති තුන් හැවිරිදි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු දෙක ඉවත් කිරීමෙන් පසු මියයෑම සම්බන්ධයෙන් එම සිද්ධියවී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි පත් කළ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.
අඩු තරමින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් හෝ ලැබී නැති බව ඔහු කීවේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රහුමන් මහතා මෙසේද සඳහන් කළේය.
දරුවා මැරිලා අවුරුද්දක් වෙනවා. ඒ ශල්‍යකර්මය කරපු වෛද්‍ය දොස්තර නලින් විජේකෝන් ස්කෑන් කරපු වෛද්‍ය නුවන් හේරත් රට හැර ගිහිල්ලා. ඒකට සම්බන්ධ වෙච්ච දෙන්නම . ඒ වගේම ඒ වකුගඩු දෙකත් රෝහලේ අද නැහැ. වකුගඩු අයින් කළා නම් ඒක රෝහලේ තියෙන්න එපැයි. අවුරුද්දක් ගත වෙලත් තාම වාර්තාව ලැබිලා නෑ. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තු පියවර මොකක්ද.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:
මගේ ළඟ තවමත් මේ ගැන පිළිතුරක් නැහැ. වාර්තාවක් ලබාගෙන ලබන සතියේ පිළිතුරක් දෙන්නම්.
COMMENTS
ලංකාවේ දොස්තරල අතින් නැති වුණ පලවෙනි ජීවිතය නෙවෙයි මේ. නීති සිසුවියකගේ වැරදි අත කැපුව. කිසිම දෙයක් සිද්ද වුණේ නෑ. සාදාරනයක් ඉටු උනෙත් නෑ. දොස්තරට දඩුවමක් ලැබුනෙත් නැ. දොස්තරවරියක් බීමතින් ගිහින් පොලිස් නිලධාරියෙක්ව හප්පල මැරුවා. කිසි දෙයක් වුණේ නෑ. මෑතකදි රාගම රෝහලේ දොස්තර කලා මලා අතින් නැති වුණ ජීවිත කීපයක්ම හෙළි වුණා. දොස්තර තාමත් නිදැල්ලේ. සංගමයත් නිහඬයි
හැම එකටම මාධ්‍ය හමු, වැඩවර්ජන තියන ජිඑම්ඕඒ නඩය මේකට සද්ද නැත්තේ ඇයි දන්නෙ නෑ
ජිඑම්ඕඒ එක හැමදාම රූපවාහිනියෙයි පත්තරවලටයි කියන, අඩු වැටුප් නිසා රට ගිය දොස්තරල ගාණට මේ දෙන්නවත් ගනන් කරල ඇති
මේවාට එකම විසදුම තොපිව සේරම එකට දාලා පනපිටින් පුච්චන්න ඕන
ලංකාවේ වෛද්‍යවරුන් හරියට ඉන්නේ ඉස්සර රදළයෝ වගේ, කරන වැරැදි වලට දඬුවම් නෑ.
අදාල ඩොක්ටර් ගේ රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න මෙඩිකල් කවුන්සිල් එකට අපහසු ද?