
(ගයාන් සූරියආරච්චි)
කැකිරාව ප්‍රදේශයේ වෙළෙදසලක බදු ඔප්පුවක් පැමිණිලිකරුගේ නමින් වෙනස්කරදීම සදහා රුපියල් ලක්ෂ 2 ක අල්ලස් ගත් බව කියන කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි.
කැකිරාව ප්‍ර දේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
පැමිණිලිකරුට අයත් කැකිරාව ප්‍රදේශයේ පිහිටි වෙළෙදසලක බදු ඔප්පුව පැමිණිලිකරුගේ නමින් වෙසන්කරදීමට අවශ්‍යශ කටයුතු සිදුකිරීමට මුලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා ඇති අතර පසුව එය ලක්ෂ 4 ක් දක්වා අඩුකර ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත.
COMMENTS