
(අංජුල මහික වීරරත්න)
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට 2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් ගරු කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය- නමේ අවුලක් තියෙන්නෙ ඔක්කොම බංකොලොත්
බලලෝබී මහින්දයාට ඕන උනේ හැම එකකටම තමුන්ගේ නම දාගන්ඩ ..පවුල් පාලනේ උන්,වටේ හිටපු උන් කෝටි ගණන් ගසා කෑවා. දූෂණය, නාස්තිය මිසක් හරියට වැඩක් උනෙත් නැහැ.
විකිණීම , බදුදීම, බදු ගැසීම, දඩ ගැසීම හා ණයට ගැනීම හැර වෙන ආර්ථික උපායමාර්ගයක් නොදන්නා රනිල් රාජපක්ෂ දූෂිත පාලනය මේ රට අමු සොහොනක් කරන්න පෙර පන්නා දැමිය යුතුය.
බදු මුදලින් හදපු පොදු වැසිකිලියකට විතරයි නම දාගත්තේ නැත්තේ... නම දාගත් හැම එකක් ම සුදු අලි තමයි... රට ණය කරලා හොරා කාලා නමත් දාගත් උන්මත්තකයන්
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මෙරට දේශිය සිනමා කර් මාන්තය සඳහා සිනමා පට රැසක පසුබිම් ලෙස යොදාගත්තා. එම සිනමා පටඉතාම සාර්ථක ඒවා බවට පත්වුනා මෙවැනි පසුතලයක් නිර් මාණය කරන්න හොඳ පරිසරය තමයි. මෙය කාගේ නිර් මාණයක් වුවත් දේශිය සිනමාවට මහත් දායාදයක් පසුගිය කාලයේ දිගින් දිගටම මෙම ස්ථානයට නියමිත පහසුකම් ලබාදිම සිදුලේ නැහැ.එම නිසා ඇතැම් පසුතල විනාශයට පත්වෙලා තියෙන්නේ ඉන්දියාව වැනි සිනමා කර්මාන්තය ඉහළ තැනක තිබෙන රටක් මෙවැනි ස්ථානවලට හොඳ අගයක් දෙනවා. මෙරට සිනමා කර්මාන්තය වලපල්ලට යන වේලාවක මේ ස්ථානයත් විකුණා දැමීමට කටයුතු කිරිමද රැකගැනීමද අනාගත සිනමා කර් මාන්තය වෙනුවේන කරන ආයෝජනයක් සිතා තින්දු තිරන ගන්න.