
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇතත් නිසියාකාරව විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිර්දේශ අදාළ විමර්ශන ආයතනවලට යවන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා. 2007 වර්ෂයේ දී මම ඉදිරිපත් කරපු කෝප් වාර්තා දෙකේ වංචනික ගනුදෙනු 16 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්න කියලා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යැව්වා. තවත් ආයතන දහයක පමණ සිදුවූ වංචා සම්බන්ධයෙන් විමර්ශන කරන්න පොලිස්පතිතුමාට යැව්වා. කතානායකතුමා මේවා යැව්වත් ඒ ගැන හරියට විමර්ශන නොකිරීම ගැටලුවක්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සාකච්ඡා කරලා කොහොමද ඒවා කෙරෙන්න ඕන කියලා උපදෙස් දෙන්න ඕන.
COMMENTS
රටේ ආර්ථිකය යහපත් අතට හැරවූ බවට කෙරෙන නොයෙකුත් ප්‍රචාර සත්‍යයෙන් තොරය. ජාතියකට දැරිය නොහැකි දේශයකට ඉසිලිය නොහැකි අති විශාල ණය බරකට රට උකසට තබා ඇති මොහොතක අප මේ විඳින්නේ ලිප මත තබා ඇති දිය සැලියේ වතුර උණුවන තුරු කකුළුවා ලබන ආශ්වාදයට නොදෙවෙනි වින්දනයකි. මන්දයත් අයිඑම්එෆ් සංවිධානය යනු ගැලවුම් කරුවෙකු නොවේ. සියලුම නය කපා හැර රටකට අරමුදල් සපයන්නෙකු ද නොවේ. දුගී දුප්පත් රටවල් වල මුදල් ආයෝජනය කරන්නෙකුද නොවේ. අයිඑම්එෆ් මුලික අරමුණු අතර ප්‍රධාන තැනක් ගන්නේ දුගී දුප්පත් රටවල රාජ්‍යපාලනය විසින් දේශීය අරමුදල් සහ රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් දරිද්‍රතාවයට ලක්කර ඇති රටවලට දැඩි කොන්දේසි යටතේ ණය මුදල් සැපයීමටත් සහ එම රටවල ප්‍රගතිය උදෙසා අවශ්‍ය තාක්ෂණික සහාය සහ මඟපෙන්වීම සලසා දීමත්ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කලා යන්නෙන් අදහස් කරන්නේ ලබාගත් ණය නොගෙවා හැරීමට මග පාදා ගැනීමක්ද නොවේ. අප රටට නය සැපයු නයහිමියන්ට ආයාචනා කොට ණය කොන්දේසි ලිහිල් කර ගැනීම නොහොත් නය ගෙවීම වසර කිහිපයකට සිමා කර ගැනීම පමණයි. මේ මගින් ලැබෙන සහනය අතිශයින් තාවකාලික බව කිව යුතුය.
කාටද යකෝ කියන්නේ? ආණ්ඩු බලය තියෙන්නේ අපේ අතේද ?තොපේ අතේද? ඡන්දෙ කාලේ හින්දද නැලවෙන්න හදන්නේ ? ඒවාට අහුවුණ කලේ ඉවරයි අප්පුහාමි
සාලිය ඔබ මේ කියන්නේ සහතික වශයෙන්ම ඇත්තකි. මේ ලැබූ සහනය යනු වෘත්තීය දක්ෂතාවය හෝ තාක්ෂණික ඥාණය නිසා ලබා ගත් අස්වැසිල්ලකද නොවේ. යන්තම් උසස්පෙළට ආර්ථික විද්‍යාව හදාරා ඇති ඕනෑම පුරවැසියකුට යෝජනා කළහැකි අන්දමේ විකල්ප සැලසුමක් පමණකි. මන්දයත් එය ස්ථිරසාර විකල්පයක් නොව තාවකාලික පැලැස්තරයක් පමණක් නිසාය. එපමණකුදු නොවේ. මේ පැලැස්තරය දමන අතරේ තවතවත් ණය ගැණීම සිදුවන නිසා ඉදිරියට ගෙවීමට සිදුවන ණය බර සහ පොලිය අතිශයින්ම විශාලය. ඒ නිසාම රටේ ඉදිරි අනාගතය අතිෂයින්ම අවදානම් සහගතය. රට ගොඩ නැගීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් දේශහිතයිෂී දේශපාලකයින් විසින් කලයුතු වන්නේ අන්කිසිවක් නොව රටේ මුදල් සහ සම්පත් කොල්ලකෑ සොරදෙටුවන්ගේ දේපළ රාජසන්තක කොට විදෙස්වල ආයෝජනය කර හෝ සඟවාගෙන ඇති මුදල් මෙරටට ගෙන්වාගෙන ජනතාව සතුකොට රට ගොඩ නගා හිඟන දේශයක් බවට පත්කොට ඇති මේ දිවයින නැවතත් සුඛිත මුදිතවූ රටක් බවට පරිවර්තනය කිරීමය. දක්ෂ රාජ්යපාලකයෙකුගේ කාලින කාර්යභාරය විය යුත්තේ එයයි. පැලැස්තර දැමීම විසඳුමක් වශයන් පිළිගත නොහැක.
විජයදාස රාජපක්ෂට කොළඹ නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ල සෑහෙන්න තියෙනවා මගේ යාළුවෙක්ගේ සමාගමක් එහෙමත් තියෙනවා. මාසෙකට කෝටි ගාණක් ආදායම, ආදායම් බදු ගෙවනවා ද දන්නේ නෑ? මෙයාලාගේ දූෂණ, වංචා ගැන කව්ද හොයන්නේ..?
සාලිය සහ ජගත් සමග එකඟ වෙමි. මේ රට පරම්පරාවක කාලයකට පාලනය කල අය විසින්ම මේ රට අගාදයට හෙලා එය ගොඩ ගත හැක්කේ ඔවුන්ටම බව පැවසීමට තරම් ඔවුන් සාහසිකය. මොවුන්ගෙන් අප දිවයින මෙම අවස්ථාවේවත් ගලවාගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීම වටී.