IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වේදනා නාශක මතට ඇබ්බැහි වූවන්ට අලෙවි කළ ස්ථානයක් වටලයි

(තිලකරත්න දිසානායක) 

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබාදීමට නොහැකි අධි වේදනා නාශක ඖෂධ ,මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන්ට අලෙවි කෙරෙන මාකොල ප්‍රදේශයේ ස්ථානයක් වටලා එහි සේවයෙහි නිරතව සිටි කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව  ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි. 

පානදුර, වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි මල්වැන්න මහත්මියගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

උපාය දූතයෙකු ලෙස පොලිස් නිලධාරියෙකු යොදවා වේදනා නාශක ඖෂධ මිලදී ගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙහි සේවය කරමින් සිටි කාන්තාවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී එම ආයතනය විශ්‍රාමික වෛද්‍යවරියකට අයත් බව අනාවරණය වී යැයි ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. 

මෙහිදී වේදනා නාශක ඖෂධ වර්ග පහකට අයත් ඖෂධ කරල් 601 ක් තිබී අත් අඩංගුවට ගනු ලැබූ බවත් ඖෂධ කරලක් රුපියල්  25 ක් පමණ වන මුත් මෙහි කරලක් රුපියල්  110 ක  මිලකට අලෙවි කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

 



අදහස් (0)

වේදනා නාශක මතට ඇබ්බැහි වූවන්ට අලෙවි කළ ස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site