කුළුබඩු කීපයක් අගය එකතුකර ප්‍රති අපනයනයට අවසර තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණය,ඔයියෙරෙයාසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
තවත් බද්දක් සංශෝධනයට 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා වන සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
බඩ ඉරිඟු රටින් ගෙන්වන්න අවසර සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 19 December 2023
කීරි සම්බා ටොන් 50000ක් ආනයනයට කැබිනට් අනුමැතිය කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
බිත්තර තවත් එක් කෝටි අසූ ලක්ෂයක් ගේන්න අවසර දෙයි දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (19) පෙරවරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 19 December 2023
කුරුණෑගල- හබරණ යෝජිත දුම්රියමඟේ ඉදිකිරීම් අත්හිටුවයි කුරුණෑගල සිට හබරණ දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඉදිකිරීම් සඳහා ජනතාවගෙන් ලබා ගත් ඉඩම් නැවත ජනතාවට භාර දීමට රජය තීරණය කොට ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පැවසීය. 19 December 2023
මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 08 ක අද (19) අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි. 19 December 2023
ඉම්රාන් කෘත්‍රිම බුද්ධියෙන් ජනරැලියක් අමතයි චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය. 19 December 2023
දිස්ත්‍රික් 11 කට නාය යාමේ නිවේදන නිකුත් කරයි දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. 19 December 2023
අයි.එස් ප්‍රහාර මාලාවක් වළක්වා ගනී ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාවකට සූදානම් වූ, අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්ත සාමාජිකයන් අට දෙනකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 December 2023
ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක් ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය. 19 December 2023
ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට පළමු කණ්ඩායම පිටත්ව යයි ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය. 19 December 2023
ලාහෝරයට කෘත්‍රිම වැසි පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. 19 December 2023
අතරමැදියන්ට සල්ලි දී ඊශ්‍රායල් ගියොත් ආපහු ගෙන්වනවා අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 19 December 2023
චීන භූමි කම්පාවෙන් 100 ක් මරුට වයඹදිග චීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. මියගිය ගණන 100 ඉක්මවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 19 December 2023
නිවාස දෙකක් පස් කන්දකින් යට වෙයි:අයෙක් රෝහලේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (19) අලුයම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල වලදී පස්කදු කඩා වැටී නිවාස දෙක කට හානි වී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 19 December 2023
උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට අද (19 ) අලුයම හපුතලේ පංකැටිය එකසිය පනස් අටවෙනි කිලෝමීටර කණුව ආසන්න ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 December 2023
අද කාලගුණය උතුරු, උතුරු-මැදසහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ. ඌවපළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 December 2023
හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (18) නියම කළාය. 18 December 2023
ආලෝකය ඡායාරූප ගත කළ හැකි කැමරාවක් ඇමෙරිකාවෙන් ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය. 18 December 2023
සතොසෙන් බිත්තර අනිද්දා සිට ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට අනිද්දා (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගතහැකි බවත් බිත්තර දෙසැම්බර් 31 දක්වා හිඟයකින් තොරව සැපයීමට හැකියාව ඇති බවත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය. 18 December 2023
ඩිජිටල් ප්‍රචලිත කරන්න ආයෝජන සමුළුවක් ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 18 December 2023
එක්දින නායක - කුසල්: විස්සයි20 නායක - වනිඳු ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද, පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය. 18 December 2023
බයිඩන්ගේ පරිවාරක රථයක වෙනත් මෝටර් රථයක් ගැටෙයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල රථයට ගොඩ වීමට පැමිණෙද්දී, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ පරිවාරක රථ පේළියේ තිබූ එස්.යූ.වී රථයක ගැටීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම ආරක්ෂිත ස්ථානය කරා රැගෙන යාමට රහස් ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර ඇත. 18 December 2023
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 18 December 2023
මිල්කෝ සභාපති ජනක ධර්මකීර්ති සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත. 18 December 2023
මිහින්තලේට ආරක්ෂාව දෙන්න මහා නාහිමිවරු ජනපතිට දන්වති සමස්ත ලෝක වාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් බැවින් පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂව තහවුුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීම නිරත්තරයෙන් ලබාදිය යුතු බව අස්ගිරි මාල්වතු පාර්ශවයේ මහ නා හිමිවරු ජනනපතිට ලිපියක් යවමින් දැනුම් දුන්හ. 18 December 2023
හැමෝම එකමුතු වී අම්මාවරුන්ගේ දානයට කැවුම් බදිති පානදුර මහා විහාරයේ වාර්ෂික පෙරහර නිමින්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානයට අවශ්‍ය කැවුම් කොකිස් ඇතුළු කැවිලි පිළියෙළ කිරීමට පානදුර ප්‍රදේශයේ සර්ව ආගමික නායකයෝ ද එක් වූහ. 18 December 2023
ජෙරොම්ගේ කෝටි 1226 ගැන පරීක්ෂණ නතර වෙලා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කරන කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සහ ඔහුගේ බිරිඳ සන්තකයේ ඇති රුපියල් කෝටි 1226 ක මුදල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ පැවැත්වීම රහස් පොලිසිය නවතා ඇති බවට දැනගන්ට ලැබීම විමතියට කරුණක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය 18 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026